ඔන්න ඉතිං අපේ රටේ නළු නිළියන්ට, වගේම ගායක ගායිකාවන්ට එක එක කාලෙකට අමුතුම වැඩ සිද්ධවෙනවනේ. ඔය විදියට වෙන වැඩ නිසා ඒ අය සෑහෙන්න ප්‍රසිද්ධ වෙනවා. හැබැයි ඉතිං ටික කාලයයි.
ඒත් එදාමෙදා තුර අපේ මුහුණට හිනාවක් ගෙනාව අපේ පැරණි පුරපුරේ නළු නිළියන් නම් අපිට කවදාවත් අමතක වෙන්නේ නෑ. අදටත් එයාලගේ රඟපෑම් බලලා අපිට හිනාවෙන්න පුලුවන්. මේ විදියට අපි අතරේ ප්‍රසිද්ධ වුනු නිළියක් තමයි සුසිලා කෝට්ටගේ කියන්නේ.
කාට වුනත් පොඩි පොඩි අකරතැබ්බ වලට මුහුණ දෙන්න සිද්ධවෙනවනේ. අන්න ඒ වගේ වැඩක් පසුගිය දවසක අපි කලින් කීව සුසිලා කොට්ටගේටත් සිද්ධවුනා. එයා නම් කියන්නේ පෙර ආත්මෙක කරපු කරුමයක් නිසා මේ විදියට සිද්ධවෙනවා කියලා.
මොකද සුසිලා අක්කා යන යන තැන එයාගේ සෙරෙප්පු කැඩෙනවාලු. බැරිවෙලා හරි කැඩුණේ නැත්තම් එකේ තියෙන මලක් හරි ගැලවිලා යනවලු. ඔය විදියට දවසක් Cat walk එකෙන් යනකොට කලින් කීව කරදරයම සුසිලා අක්කට සිද්ධවෙලා.
මේ ගැන එයා හරි අපූරුවට පසුගිය දවසක අපිට කීවා. ඒ හිරු ටීවී එකේ විකාශය වුනු Copy Chat වැඩසටහනේදී. ඒ වගේම එදා Cat walk එකෙන් ගිහින් වුනු සිද්ධිය ඒ විදියටම පෙන්නන්නත් සුසිලා අක්කා අමතක කලේ නෑ.
ඔය අතරේම තමයි රුවන්ට පොල්ගහක් උඩින් කෝල් එකක් ඇවිත් තියෙන්නේ. පොල් ගහක් කොහොමද කෝල් කරන්නේ ? ලොකු ප්‍රශ්නයක් තමයි. මේ ගැනත් අපිට රුවන් කීවේ සුසිලා අක්කාගේ කැට්වෝක් එක පෙන්නුව Copy Chat වැඩසටහනේදීමයි.
පහතින් බලන්නකෝ සුසිලා අක්කයි රුවනුයි දෙන්නා එදා තමන්ගේ අත්දැකීම් ගැන අපිට කීව හැටි ගැන...
සුසිලා කෝට්ටගේ කැට්වෝක් එකෙන් ගිය හැටි ගැන වීඩියෝව පහතින්....
රුවන්ට පොල්ගහ උඩින් ආව කෝල් එක ගැන වීඩියෝව පහතින්.....