ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නිකුත් කරන බිට්කොයින් ඇතුළු අතථ්‍ය මුදල් මෙරට සංසරණය වීම පිළිබදව මහ බැංකුව දැනුවත් කිරීමේ නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව මහ බැංකුව පෙන්වා දෙන්නේ මෙවැනි අප්‍රකාශිත විද්‍යුත් මුදල් නියාමනය සඳහා මහ බැංකුව වැනි කේන්ද්‍රස්ථ අධිකාරියක් නොමැති බවයි.
අතථ්‍ය මුදල්වල වටිනාකම සමපේක්ෂණ මත තීරණය වන අතර, එයට පාදක වූ නියාමන රාමුවක් ද ක්‍රියාත්මක නොවන බැවින් වටිනාකම් විශාල වශයෙන් උච්චාවචනය වීමේ අවදානමක් පවතිනවා.
අතථ්‍ය මුදල් භාවිතය මගින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැනි අවස්ථා වැළැක්වීම ද අපහසු විය හැකියි.
එය මෙරට ආර්ථිකයට මෙන්ම මූල්‍ය මෙහෙයුම් සහ පාරිභෝගික ආරක්ෂාවට ද අවදානමක් බවයි මහබැංකුව පෙන්වා දෙන්නේ.
එමෙන්ම අතථ්‍ය මුදල් සම්බන්ධ ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු ආයතනයකට බලය පැවරීමක් සිදුකර නොමැති බවත් මහ බැංකුව විසින් වැඩිදුරටත් අවධාරණය කරනවා.