Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
09
"මට පුදුම ආදරයක්‌ ලැබෙනවා, ඒක ලොකු වාසනාවක්‌ වගේම ලොකු වගකීමක්‌. ඒ ආදරය නිසා මම හොඳින්ම ඉගෙනගත්තා.." - මාධවී වත්සලා

- "මට පුදුම ආදරයක්‌ ලැබෙනවා, ඒක ලොකු වාසනාවක්‌ වගේම ලොකු වගකීමක්‌. ඒ ආදරය නිසා මම හොඳින්ම ඉගෙනගත්තා.." - මාධවී වත්සලාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

"ඒක මට ඉබේටම ලැබුණු ලොකු වරප්‍රසාදයක්‌.."

"හැංගිලා ජිවත් වෙන්නෙත් නැහැ.."

මාධවී  වත්සලා ඇන්තනී. මේ නමේ අයිතිකාරිය හැමෝම දන්න හදුනන ආදරේ ලබන චරිතයක්. කලාව ඕපපාතිකයක් නොවන ඇය මේ  දිනවල නිරන්තරයෙන්ම දකින්න ලැබෙනවා. නිවේදිකාවක්, රංගන ශිල්පිණියක් වගේම බාහිර කථිකාචාර්යවරියක ලෙස කටයුතු කරන ඇය ගැන තොරතුරු මේ විදිහට පුවත්පතක සදහන් වී තිබුණා. මේ ඒ ගැනයි


මාධවී ඉතිං?
හොඳයි. සාමාන්‍ය විදියට වැඩකටයුතු කරගෙන යනවා.

මේ දිනවල කෙරෙන වැඩ මොනවද කියල කිව්වොත්?
අවුරුදු වැඩසටහන් කිහිපයක්‌ තියනවා. ඊට අමතරව විදෙස්‌ සංචාර කිහිපයකටත් සහභාගිවෙන්න තියෙනවා. ඒ වැඩත් එක්‌ක කාර්ය බහුලයි ටිකක්‌. එහෙම සාමාන්‍ය විදියට වැඩ ටික කෙරීගෙන යනවා.

මේ දිනවල වැඩ කිසිවක්‌ භාරගන්නෙ නෑ කියල ආරංචියි?
ඔව්. ඒක ඇත්ත. මොකද මගේ විභාග කටයුතුවලට වැඩිපුර කාලයක්‌ වෙන්කරන්න හිතුව නිසා මේ දිනවල මම මුකුත් වැඩක්‌ භාරගන්නේ නැහැ කියල හිතුවා. නමුත් මම දැනට කරගෙන යන හිරු ටී වී එකේ නිවේදන කටයුතු සහ දැනට මම පෞද්ගලික විශ්වවිද්‍යාලයක බාහිර කථිකාචාර්යවරියක වශයෙනුත් වැඩ කරගෙන යනවා. තවත් වැඩසටහන් කිහිපයකත් මම දැනට යෙදිල ඉන්න නිසා අලුතෙන් වැඩ මුකුත් භාරගන්නෙ නෑ කියන තීරණේ මත තමයි ඉන්නෙ දැනට. බලමු අවුරුද්දෙන් පස්‌සෙ වගේ පුළුවන් වුණොත් ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.

විභාගය කවදා වගේද අවසන් වෙන්නේ?
මගේ මූලික උපාධිය කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයෙන් තමයි මම හැදෑරුවේ. එතකොට මම මගේ මාස්‌ටර් එක හැදෑරුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ සංචාරක ආර්ථික විද්‍යාව. ඇත්තටම විභාගය නම් දැනට ඉවරවෙලා තියෙන්නේ. දැන් තියෙන්නේ උපාධි නිබන්ධනය සම්පූර්ණ කරන්න විතරයි. ඒ පොත ලියන කටයුතු තමයි මේ දවස්‌වල කරගෙන යන්නේ.

හැමදාමත් කල්පනාව නිවේදිකාවක්‌ විදියටම ඉන්නද?
පොඩිකාලේ ඉඳන්ම අපි හැදුනේ අප්පච්චිව ආදර්ශයට අරගෙන. මොකද එයා එක වැඩක්‌ විතරක්‌ කරන කෙනෙක්‌ නෙවෙයිනේ. අපි තුන්දෙනත් එහෙමයි. එක දෙයක්‌ විතරක්‌ විශේෂ කරගෙන වැඩ කරන එකක්‌ නෑහැ ඉදිරියටත්. අපේ තියෙන දක්‌ෂතාවත් එක්‌ක කාලය හරි හැටි කළමනාකරණය කරගෙන වැඩ ගණනක නිරත වෙයි තියෙන දක්‌ෂතාව අනුව.

රඟපෑමට ප්‍රමුඛත්වයක්‌ නොදෙන්න හේතුව?
මෙහෙමයි. වෘත්තීමය රංගන ශිල්පිනියක්‌ විදියට ඉන්න මට හැකියාවක්‌ නැහැ. මොකද මම තවත් ක්‌ෂේත්‍ර ගණනාවක්‌ නියෝජනය කරන නිසා. රඟපෑමට විතරක්‌ වෙන් කරන්න මට කාලයක්‌ නැහැ. ඒ හින්ද වෙලාව තියෙන විදිය බලල තමයි මට හොඳයි කියල හිතෙන චරිත කිහිපයක්‌ විතරක්‌ මම කළේ. ඉදිරියටත් මට හුඟක්‌ම ගැලපෙන චරිත විතරයි මම තෝරාගන්නේ.

ඒකට එක හේතුවක්‌ ද දැන් බිහිවෙන ටෙලි නිර්මාණවල තිබෙන තත්ත්වය?
ඉස්‌සරට සාපේක්‌ෂව දැන් හුඟක්‌ හොඳ නිර්මාණ බිහිවෙනවා. කලාත්මකභාවයෙන්, ගුණාත්මකභාවයෙන් වගේම තාක්‌ෂණික අතින්. ඒ විවිධත්වය තියෙන්න ඕන. නැත්නන් කලාවෙන් ඇති වැඩක්‌ නෑ මට හිතෙන විදියට. මම ඒ විවිධත්වයට ගරහන කෙනෙක්‌ නෙවෙයි. ඒ විවිධත්වය අගයන කැමති කෙනෙක්‌. එකම රාමුවකට කොටුවෙන්න මගේ අදහසක්‌ නැහැ කොහොමටත්. එකම දේ මට තියෙන කාලයේ ප්‍රශ්නය තමයි.

සිනමාවත් කාලය නිසාම අතෑරල ද?
නැහැ. ආරාධනා ලැබෙනවා. ඉදිරියේදී රූපගත කිරීම් කරන්නට සූදානම එක චිත්‍රපටයක. මේ මාසේ අවසානෙදී ඒක පටන්ගන්නවා. අප්පච්චිත් එයට රංගනයෙන් දායක වෙනවා. හොඳ චිත්‍රපටයක්‌ වෙයි. බලමු.

සහෝදරයන් දෙදෙනා විශිෂ්ට කලා නිර්මාණයන්ගෙන් කලාවට හඳුන්වා දෙන්නේ ඔබේ පියා විසින්. ඒත් මාධවී ඔහුට මඟහැරුනවත්ද?
නැහැ. මගේ පවුලෙන් මුලින්ම හඳුන්වාදෙන්නේ මාව. ඒ ළමා වැඩසටහනක ගායිකාවක්‌ විදියට. අදටත් මම ගායනයට තමයි වඩාම කැමති. ඒ හින්දා අප්පච්චි මාව කලාවට හඳුන්වා දුන්නේ රංගන ශිල්පිනියක්‌ විදියට නෙවෙයි. නමුත් මල්ලිලාට තියෙන දක්‌ෂතාව රංගනයට නිසා ඔවුන් රංගනයට හඳුන්වා දුන්නා. මං කරපු ළමා වැඩසටහන මතක අදටත් ඒ මිනිස්‌සුන්ගෙ හිතේ තියන බව දැනෙනවා කතා කරද්දී.

ජැක්‌සන් ඇන්තනී පවුලේ ලොකු දුව වීම ගැන මොකද හිතෙන්නේ?
ඒක මට ඉබේටම ලැබුණු ලොකු වරප්‍රසාදයක්‌. මම ලොකු වාසනාවක්‌ ලබනවා ඒ හේතුව නිසා. මට පුදුම ආදරයක්‌ ලැබෙනවා ඒ හින්දා. ඒක ලොකු වාසනාවක්‌ වගේම ලොකු වගකීමක්‌. ඒ ආදරය නිසා මම හොඳින්ම ඉගෙනගත්තා. ඒ පාරෙම මගේ මල්ලිල දෙන්නත් ගියා. ඒක මට ලොකු සතුටක්‌. නිහතමානී ආඩම්බරයක්‌ තියෙනවා ඒ ගැන.

කවදද මාධවී ඇන්තනී නම අගට අලුතින් නමක්‌ එකතුවෙන්නේ?
බලමු ඉතිං නේද? තාම කියන්න බැහැ. ඉදිරියේදී ඒ ඒ කටයුතු ඒ ඒ විදියට වෙයි සහ අපි ඉතිං හැංගිලා ජීවත්වෙන මිනිස්‌සුත් නෙවෙයිනේ. ඒ හැමදෙයක්‌ම ඒ ඒ කාලෙදී දැනගන්නත් ලැබෙයි.

මාධවී ඇන්තනී කියන්නෙ කොයි වගේ කෙනෙක්‌ද කියල කිව්වොත්?
මෙහෙමයි. මගේ හැම දෙයක්‌ම කැප කරගෙන හිත් රිද්දලා, තව දේවල් නැතිකරගෙන දේවල් ලබාගන්න ලොකු අරමුණක්‌ බලාපොරොත්තුවක්‌ මට නැහැ. ජීවිතේ මට මොනවත් නැහැ. මම ජීවත් වෙන්නේ අද දවසෙ කාටහරි උදවුවක්‌ කරගෙන මටත් සතුටු හිතෙන, ලොකු පීඩනයක්‌ ගන්නෙ නැතුව සතුටින් සැහැල්ලුවෙන් හිත පිරිසිදුවෙන් ඉන්න තමයි මට ඕන.

ප්‍රසංග මාභරණ
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top