වතුපිටිවල ආයෝජන කලාපයේ සේවය කළ තරුණියකගේ ගෙල කැපුණු මළ සිරුර වේයන්ගොඩ _ හිරිපිටිය, දියලගොඩ ප්‍රදේශයේ කුඹුරක් අයිනේ තිබී ඊයේ (25) උදේ සොයාගෙන තිබුණා.
මෙලෙස මියගොස් ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක වූ සඳමාලි නමැති 25 හැවිරිදි තරුණියක්.
මේ තරුණිය ගුවන් හමුදා සෙබළකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යන අතර ඇය සේවය කරන ආයතනයේ වැඩ පරීක්ෂකවරයකු සමඟද සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.
වතුපිටිවල මූලික රෝහල ආසන්නයේ නවාතැන්පොළක නැවතී සිටි බව කියන මෙම තරුණිය ඊයේ (25) උදේ 6.30ට පමණ ත්‍රිරෝද රියකින් වේයන්ගොඩ නගරයට පැමිණ ඇතැයිද ඒ අවස්ථාවේදී ඇගේ අනියම් පෙම්වතා බව කියන ඇය සේවය කරන ඇඟලුම් ආයතනයේ පරීක්ෂකරයාගේ දැනුම්දීම මත දඩගමුව ප්‍රදේශයට ගොස් ඇතැයි පොලිසියට තොරතුරු ලැබී ඇති බවයි පැවසෙන්නේ.
ඇගේ රන් දම්වැලක් වැඩ පරීක්ෂකවරයාට ලබා දී තිබී ඇති අතර එය ලබා ගැනීමේ අරමුණින් ඇය ගොස් ඇති බවද පොලිසිය පවසා තිබෙනවා.
අනතුරුව වැඩ පරීක්ෂකවරයාගෙන් ලැබුණු ඇමතුමක් අනුව ඇය ත්‍රිරෝදයෙන් බැස පා ගමනින් ඔහු හමුවීමට ගොස් ඇතැයිද ඒ යන අතරදී මේ පැත්ත පාළු පෙදෙසක් බව ත්‍රිරෝද රියැදුරා දන්වා ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී ඇති බව සඳහන්.
ටික වේලාවක් බලා සිටි ත්‍රිරෝද රියැදුරා තරුණිය සෙවීම සඳහා ඉදිරියට ගොස් ඇති අතර එසේ යනවිට හමුවූ තරුණයකුගෙන් නංගි කෙනෙක් මේ පැත්තට ගියා හයර් එක ඉල්ලගන්න එයා බලන්න යන බව ප්‍රකාශ කළ පසු එම තරුණයා කුලී මුදල රුපියල් 300ක් ගෙවා එයා එයි යැයි පවසා පිටත්ව ගොස් ඇති බවයි පැවසෙන්නේ.
ඒ අවස්ථාවේදී තරුණයාගේ සිරුරේ ලේ ගෑවී තිබෙනු දැකීම නිසා සැක පහළ වූ ත්‍රිරෝද රියැදුරා අසල්වාසීන්ට මේ බව දන්වා පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව කළ සෝදිසියේදී තරුණියගේ සිරුර කුඹුර අයිනේ ඇළ මාර්ගයක් අසල තිබී පොලිසියට හමු වී ඇති අතර ඇගේ සිරුර මීටර් 25 පමණ දුරකට ඇදගෙන ගොස් දැමූ ලකුණුද දක්නට ඇතැයි පොලිසිය සඳහන් කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සැක කෙරෙන වැඩ පරීක්ෂකවරයා දඩගමුව ප්‍රදේශයේ නිවෙසේදී අත්අඩංගුවට ගෙන ඔහු ඇඳ සිටි ඇඳුම් අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන්ගේ පරීක්ෂාවට යොමු කිරීමටද පොලිසිය පියවර ගෙන තිබුණා.VIDEO