Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
06
"ඒ මිනිස්සු ඕජස් ගලන තුවාල එක්ක හරියට දුක් වින්දා. ඇස් පනාපිට මිනිස්සු මැරුණා.." - පුෂ්පා රම්‍යානි - Photos

- "ඒ මිනිස්සු ඕජස් ගලන තුවාල එක්ක හරියට දුක් වින්දා. ඇස් පනාපිට මිනිස්සු මැරුණා.." - පුෂ්පා රම්‍යානි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

"පිච්චිච්ච ලෙඩෙක් දැකලා මම කලන්තෙ දාලා වැටුණා.."

"ඒ කාලේ මාව විවාහ කරවන්න ගොඩක් උත්සාහ කළා..."

"මම මගේ මිනී පෙට්ටියටත් සල්ලි වෙන්කරලා තියෙන්නේ..."

දකුණේ ඉපිද ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය නිමවූ පුෂ්පා රම්‍යානි සොයිසා 1987 වසරේ හෙදියක ලෙස පළමු පත්වීම කොළඹ ජාතික රෝහලට ලැබූ අතර එවක් පටන් වසර තිස් එකක් පුරා ඇය ජාතික රෝහලේ පිලිස්සුම් ඒකකය ඇතුළු විවිධ රෝහල් වාට්ටුවල සේවය කර ඇත.


අනතුරුව නව හදිසි ප්‍රතිකාර ඒකකයේ රෝගීන් වර්ගීකරණය හා තොරතුරු මධ්‍යස්ථානයේ කාරයභාර හෙදි නිලධාරිනිය වූ ඇයට එතැන්සිට සිය වෘත්තීය තත්ත්වය වැඩිකර ගැනීමේ හැකියාව ද ලැබුණි. ඒ අනුව සිංගප්පූරුවෙන් ආපදාවකදී රෝගීන් වර්ගීකරණය, ඇමෙරිකාවෙන් හදිසි අවස්ථා කළමනාකරණය, තායිලන්තයෙන් ප්‍රතිජීවනය පිළිබඳ විශේෂඥතාවය සහ ජපානයෙන් හදිසි අවස්ථා සහ හදිසි ආපදාකළමනාකරණය පිළිබඳ විශේෂඥතාවය ද ලබාගෙන ඇත.

ඔබ කවුද කියමුද ?
මට උප්පැන්න සහතිකෙන් ලැබුණෙ මනික්කුවාදර පුෂ්පා රම්‍යානි සොයිසා. අම්මා තාත්තා අම්බලන්ගොඩ වුණාට මම ඉපදුණේ කොළඹ. අක්කලා දෙන්නෙක්, අයියා කෙනෙක් ළඟට බාලයා වෙලා ඉපදුණු මාව අද කවුරුත් දන්නේ පුෂ්පා රම්‍යානි සොයිසා නමින්.

අම්මා තාත්තා කවුද කියමුද ?
මගෙ තාත්තා මනික්කුවාදර විජේදාස සොයිසා. අම්මා කුමාරවඩු මැගිලින් සිල්වා. අම්මා නම් රැකියාවක් කළේ නෑ. තාත්තා සර්වාංග වෙද මහත්තයෙක්.

ඉතින් ඔහොම වෙද්දි ?
ඔය අතරෙ මම නැටුවා, ගැයුවා, සෙල්ලම් කළා, ඉගෙන ගත්තා. ඉස්කෝලේ යන්නේ ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයට. ඉස්කෝලේ යන කාලේ මම හැමදේටම දක්ෂයි. ඉගෙන ගන්න, නටන්න, ගයන්න, රඟන්න, වගේම ක්‍රීඩාවලිනුත් ඉදිරියෙන්ම හිටපු කෙනෙක් මම.

ඒ දක්ෂකම් ගැන මතක් කළොත් ?
යගුලිය, හෙල්ල විසි කිරීම, එල්ලේ, ක්‍රිකට්, ධාවනයට මම දක්ෂයෙක් වුණා. හෙල්ල සහ යගුලිය ක්‍රීඩාවෙන් සමස්ත ලංකා බස්නාහිර පළාත් ශූරතාවය ලබා තියෙනවා. ඒ වගේම එල්ලේ ක්‍රිකට් කණ්ඩායම් සමස්ත ලංකා බස්නාහිර පළාත් ශූරතාවය දිනා ගනිද්දී මම ඒ කණ්ඩායම්වල සාමාජිකාවක්ව හිටියා.

මම හොඳට ඉගෙන ගත්තා. හැමදාම පන්තියේ එක නැත්තම් දෙක වුණා. එතනින් පහළට ගියේ නෑ. ඒක මට අභියෝගයක් වුණා. හැම විෂයටම මං එකවගේ ආසයි. මම ලොකු අක්කට වඩා අවුරුදු විස්සක් විතර බාලයි. මම ඉස්කෝලෙ යනකාලේ ඒ ගොල්ලො රැකියා කළා. එතකොට අපේ පවුලේ ගුරුවරයෙක්, ඉංජිනේරුවෙක්, නර්ස් කෙනෙක් හිටිය හින්දා අපෙ අම්මා මට කිව්වෙ දොස්තර කෙනෙක් වෙන්න කියලා.

උසස්පෙළට විද්‍යාව කළේ. ආසාවෙන් විද්‍යා විෂයන් ඉගෙනගත්තා. උසස් පෙළ පන්තියේදි අම්මා සමහර බාහිර වැඩ නැවැත්තුවත් ඉගෙනීම් අස්සෙ ඒ වැඩත් හරියට වුණා. පළවැනි වතාවෙ මට විශ්ව විද්‍යාලයට යන්න ලකුණු මදිවුණා. දෙවැනි වතාවෙ විභාගෙට ලියන්න ලෑස්තිවෙලා ඉන්නැද්දි මට හෙදි පුහුණුවට සම්මුඛ පරීක්ෂණේට කතා කළා.

ඒ කොහොමද එකපාරටම ?
මගෙ දෙවැනි අක්කා මට නොකියා හෙදි පුහුණුවට ඇප්ලිකේෂන් එකක් දාලා තිබුණා. ඒකට සම්මුඛ පරීක්ෂණේට ලියුම ආවා. මම අකැමැත්තෙන් වගේ සම්මුඛ පරීක්ෂණේට ගියේ. සුදුසුකම් තිබුණු නිසා මං පාස්වුණා. ඒ 1985 දී. මම හෙද පුහුණුවට බැඳෙන්නේ වයස අවුරුදු 18 න්. පුහුණුවට ගියාම මට ලෙඞ්ඩුන්ගෙ දුක දකින්න බැරිවුණා. පළවෙනි වෝඞ් රවුන්ඞ් එකේදි පිච්චිච්ච ලෙඩෙක් දැකලා මම කලන්තෙ දාලා වැටුණා.

මම ගෙදර ගිහින් ඇඬුවා මට නම් මේ රස්සාවට යන්න බෑ කියලා. අක්කලා කිව්වෙ කැමැති තීරණයක් ගන්න කියලා. ඒත් ඉතින් මම බෑ කිය කිය මේකටම යොමුවුණා. ඒ අතරෙත් අවස්ථා කීපයක්ම මට ලෙඞ්ඩුන්ගේ දුකත්, ලෙඩත් දකින්න බැරුව පුහුණුව අතාරින්න හිතුණා. ඒත් අතෑරුණේ නම් නෑ.

කොහොමද ඔය ගෙවුණු කාලේ ?
අවුරුදු තුනක් කොළඹ හෙදි විදුහලේ පුහුණු වුණා. ඒ අතරේ කොළඹ අවට හැම රෝහලකම පුහුණුව ලැබුවා. දුක හඳුනාගෙන පිහිට වීමට හිත හැදුණම මම වෘත්තියට ආසා කළා.
1987 මගෙ පුහුණුව ඉවර වුණා. මට පළමු පත්වීම ලැබෙන්නේ ජාතික රෝහලට. ජ්‍යෙෂ්ඨ හෙදියකගෙ අධීක්ෂණය යටතේ වෛද්‍ය වාට්ටුවකින් වැඩ ආරම්භ කළේ. එතැන වැඩිකාලයක් හිටියෙ නෑ. අපිව මාසෙන් මාසෙට වාට්ටුවලට යොමුකළා. අවසානේ මාව සේවයට යොමු කළේ පිලිස්සුම් ඒකකයට.

එතැන ජීවිතේ අතිශය කලකිරීම, යථාර්ථය අවබෝධ වෙන අමුතුම තැනක්. මිනිස්සුන්ගේ වෛරය, ක්‍රෝධය, පළිගැනීම, නොතේරුම්කම, නොසැලකිල්ල වගේ හේතුවල ප්‍රතිඵල ගොඩක් ඇස් දෙකින්ම දැක්කා. ඒ මිනිස්සු ඕජස් ගලන තුවාල එක්ක හරියට දුක් වින්දා. ඇස් පනාපිට මිනිස්සු මැරුණා. ඒවා දකිද්දි මට ඕනකමක් ආවා ඒගොල්ලන්ට සහනයක් දෙන්න.

ඉතින් ඔබ මොකද කළේ?
මම උදේ පාන්දරම ඇවිත් මේ ලෙඞ්ඩු ගැන මගේ කැමැත්තෙන් ගොඩාක් දේවල් කළා. ඒක හෙද වෘත්තියට එහා ගිය සේවාවක්. මම මේ ලෙඞ්ඩු නෑව්වා. බෙහෙත් පෙව්වා. කැව්වා. මම ලෙඞ්ඩු වෙනුවෙන් අපමණක් කැපකිරීම් කරපු කාලයක්. අපි හැමදාම කළේ රෝගීන්ට බෙහෙත් කරලා හවසට ගෙදර යන එක. මම එතැනින් එහාට ඒ ක්‍රමය නැතිකරන්න උත්සාහ කළා.

ඒ කොහොම ද?
මම රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ පටන් සුළු සේවකයා දක්වා එක එක සංවිධාන පිහිටෙව්වා. සේවා වනිතා ඒකකය, වින්දන කවය වැනි සමාජ සුබ සාධක සංවිධානවලින් ලොකු දෙයක් කරන්න පුළුවන් වුණා.

ඔහොම වැඩකරගෙන යද්දි ?
අවුරුදු දෙකකට පස්සෙ මට පිලිස්සුම් ඒකකයෙන් පරණ හදිසි අනතුරු ඒකකයට යන්න වුණා. බරපතළ තත්ත්වයේ රෝගීන් හිටපු එතැනත් තවත් අත්දැකීමක්. ඒ ටික කාලෙකින් තමයි නව හදිසි අනතුරු හා විකලාංග ඒකකය පටන් ගන්නෙ.

පරණ හදිසි අනතුරු ඒකකයේ හිටපු අපි හැමෝම නව ඒකකයට අන්තර්ග්‍රහණය කළා. නව හදිසි අනතුරු ඒකකයේ දැඩි සත්කාර ඒකකයෙ වැඩ කරන්න ගත්තා. ඔය 1991 දී. පින්ලන්ත ව්‍යාපෘතියක් විදිහට ඉදිවුණ නව හදිසි අනතුරු ඒකකයේ ඒ අයගෙ කණ්ඩායමක් දිගටම හිටියා.

ඒකකයට උපකරණ පවා මේ ව්‍යාපෘතියෙන් දුන්නා. ඉතින් ඒවායේ වැඩ කරන්න කාර්ය මණ්ඩලය පුහුණු කළෙත් ඔවුන්. ඒ අතරේ ඔවුන් මාව සිංගප්පූරුවට යවලා මාසෙක පුහුණුවක් ලබා දුන්නා, ආපදාවකදී රෝගීන් වර්ගීකරණය ගැන. ලංකාවේ පළමුවතාවට තමයි ඔය වර්ගීකරණය පටන් ගන්නේ. ඒක මේ රටට හඳුන්වා දුන් පළමු හෙදිය මමයි.

ඔය දේවල් සිද්ධවුණාට පස්සේ ?
නව හදිසි අනතුරු ඒකකයෙ පිහිටවපු රෝගීන් වර්ගීකරණය හා තොරතුරු මධ්‍යස්ථානයේ කාර්යභාර හෙදි නිලධාරිනිය වුණේ මමයි. එතන ඉඳන් රාජකාරී කරන ගමන් මම ජාතික රෝහලේ අනෙකුත් හෙද හෙදියන්ට රෝගීන් වර්ගීකරණයේ පුහුණුව ලබා දුන්නා.

ඉතින් ඊට පස්සේ ?
මේ කාලේ ත්‍රස්තවාදී ක්‍රියාවලින් අනතුරු, බෝම්බ අනතුරු සිද්ධවෙලා උතුරෙන් තුවාලකරුවන් සිය ගාණක් ගෙන එනවා ජාතික රෝහලට. ඒ වෙලාවේ රෝගීන් වර්ගීකරණය හා තොරතුරු මධ්‍යස්ථානයෙන් සුවිශේෂ මෙහෙවරක් වුණා. රෝගීන් තෝරා බේරාගෙන කඩිනමින් වෛද්‍යවරයාට යොමුකිරීම, රෝහල් අධ්‍යක්ෂතුමාට කඩිනමින් තොරතුරු ලබාදීම, වැනි රාජකාරි එක්ක.

1996 දී සිද්ධ වුණු බිහිසුණු මහ බැංකු බෝම්බ අනතුරෙන් කාටවත් හිතාගන්න බැරිතරමට ලෙඞ්ඩු 1500 විතර වැළ නොකැඞී රෝහලට ගෙන ආවා. ආපදා සැලැස්මක් මේ විදිහට තිබූ නිසා ඒ අවස්ථාවට අපට නිවැරදිව මුහුණ දෙන්න පුළුවන් වුණා. මේ රාජකාරී සිද්ධවෙන අතරතුරේත් මා ලබාගත්ත දැනුම මුළු රටේම හෙද, හෙදි නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලවලට ලබා දුන්නා.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හා පින්ලන්ත රජයෙන් මාව ජපානේ සාන්ත මේරි විශ්වවිද්‍යාලයට යවනවා හදිසි අවස්ථා සහ හදිසි ආපදාකළමනාකරණය ගැන වසරකට විශේෂඥ දැනුමක් ලබන්න. එහිදී මං විශේෂඥ හෙදි සහතිකය ලබාගත්තා .

ඒ ගිහින් ආවට පස්සේ ?
රෝගීන් වර්ගීකරණය හා තොරතුරු මධ්‍යස්ථානයේ කාර්යභාර හෙදි නිලධාරිනියට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මාව පුහුණු කිරීමේ නිලධාරිනියක් හැටියටත් පත් කරනවා. ඒ අනුව හෙද හෙදියන් පුහුණුකිරීමේ කාර්යයත් පටන් ගන්නවා. මට දීප ව්‍යාප්තව පුහුණු කරන්න හැකියාව ලැබුණා.

ඔබට තවත් කාර්යභාරය වැඩිවුණා ?
ඒ විතරක් නෙවෙයි එවකට රෝහල් අධ්‍යක්ෂ හෙක්ටර් වීරසිංහ මහතාගේ අවස්ථාවෙන් ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට මාස හයක රෝගී සත්කාරක පුහුණුවක් ලබා දුන්නා. ඒ පුහුණුවේ සම්බන්ධීකාරක වුණේත් පුහුණු කිරීමේ නිලධාරිනියත් මමයි.

ඒ වෙනකොට යුද්ධය ඉහවහා ගිහින්. හැම දවසෙම ලෙඞ්ඩු සීය, දෙසීය, පන්සීය එනවා. අපි හැමෝම දිවා රාත්‍රී සේවය. එක දිගට පැය හතළිස් අට වැඩ කරපු අවස්ථා ඕනතරම්.

ඊට පස්සෙ ?
ඔය අතරෙ 1997 වගේ කාලේ මම පුවත්පතකට රෝගීන්ගෙ විස්තර ලියන්න ගත්තම රෝගීන්ට මිනිස්සුන්ගෙ ගොඩක් උදව් උපකාර ලැබුණා.

ඒ කොහොමද ?
මිනිස්සු පලක් නැති දේවල්වලට කරන වියදම් නවත්තලා ඒ පරිත්‍යාග මහ රෝහලේ ලෙඞ්ඩුන්ට දුන්නා රෝද පුටු, කිහිලිකරු වගේ රෝගින්ට අවශ්‍ය දේවල්. ඒ වගේම රෝගීන්ට උදව් කරන්න ඉදිරිපත් වුණු ජර්මන් ජාතික පීටර් හෑන්ස් මහතා හඳුනා ගැනීම දුප්පත් රෝගීන්ට ලැබුණු ලොකුම අවස්ථාවක්.

ඔබ එහෙම කියන්නේ ?
ඒ මහත්තයා ආව වෙලේ මේ ලෙඞ්ඩු එක එක්කෙනා පෙන්නුවාම හැම අවුරුද්දෙම. මාස හයෙන් හයට මිලියන ගානක රෝද පුටු, කිහිලිකරු, වායු මෙට්ට, රෝගීන් ප්‍රවාහනය කරන උපකරණ වගේ දුප්පත් රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය උපකරණ කන්ටේනර් එකක් ලංකාවට අරන් ඇවිත් දුප්පත් රෝගීන්ට නොමිලේ බෙදා දෙනවා. අවුරුදු 10 ක් තිස්සේ අදටත් මස හයකට වරක් මේ කාර්යය සිද්ධ වෙනවා.

ඔබ ලොකු පිනක් කරන්නේ ?
ඔය හැම අවස්ථාවකම ඇත්තටම මම සම්බන්ධීකරණය සහ සංවිධානය විතරයි කරන්නේ. පරිත්‍යාගය අවශ්‍ය තැනට යොමුකරන එක කරන්නේ. ඔය අතරෙ 2015 අවුරුදු 25 ක් පිරෙන හදිසි අනතුරු ඒකකයට යමක් කරන්න මට ඕනකම තිබ්බා. නමුත් මං ඒක කරන්න සැලසුම් කළේ අධ්‍යක්ෂවරුන්ටවත් කියන්නෙ නැතුව. මම තනියම ආයතන ගණනාවකට ගිහින් රෝහල නගා සිටුවන්න උදව් ඉල්ලූවා.

ඉතින් මොකද වුණේ ?
ඒ හැමෝම කිව්වේ එක පාර නෙවේ ටික ටික උදව් කරන්නම් කියලා. ඔය අතරේ මට හමුවුණ තවත් ආයතනයක් කිව්වා මිලියන, සීයකින් රෝහල නගා සිටුවන්න උදව් කරන්න පුළුවන් කියලා. ඒක හරියටම තහවුරු වුණාට පස්සෙ තමයි රෝහල් අධ්‍යක්ෂවරු දෙගොල්ල මුණ ගස්වලා සම්බන්ධීකරණය කළේ. ඒ අනුව තමයි නව හදිසි අනතුරු ඒකකය නවීකරණය කළේය.

ලොකු වැඩ කොටසක්නෙ ?
නවීකරණය කළේ අවශ්‍ය රෝහල් බඩු භාණ්ඩ උපකරණත් එක්ක. තාමත් ඒ ව්‍යාපෘතිය යනවා. ඔය අතරේ මම පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු අනෙකුත් විශ්වවිද්‍යාල කීපයකම බාහිර කථිකාචාර්යවරියක් විදිහටත් කටයුතු කරනවා. ඒ වගේම ලිවීම නැවතුණෙත් නෑ. විටින් විට පත්තරවලට ලිව්වා. සියළුම මාධ්‍යවලට සෞඛ්‍ය, අධ්‍යාපන වැඩසටහන්වලට සහභාගි වුණා. රතිඤ්ඤා අනතුරු ගැන ලොකු හඬක් නැගුව නිසා අද වෙනකොට අනතුරු නිවාරණය හා ප්‍රථමාධාර මගින් ජීවිත ගොඩක් බේරගන්න පුළුවන් වෙලා තියෙනවා.

ඔහොම ඔය කාරණා සිද්ධ වෙද්දි ?
මම 2010 දී හිටපු ශ්‍රී ලංකා අමෙරිකානු තානාපතිවරයාගේ විශේෂ ආරාධනයෙන් අමෙරිකාවෙදී මසක පුහුණුවක් ලැබුවා හදිසි අවස්ථා කළමනාකරණය පිළිබඳව. ඒ වගේම තායිලන්තයේ මහිඩෝල් විශ්වවිද්‍යාලයෙන් මම ප්‍රතිජීවනය පිළිබඳ විශේෂඥ පුහුණුවක් ලැබුවා. හැම අඟහරුවාදාම මම ඒ පුහුණුව අනෙකුත් අයට ලබා දෙනවා අඛණ්ඩව වසර 25 ක් තිස්සේ.

ඉතින් ඔහොම කාලය ගෙවෙද්දි ?
මම පොත් තුනක් ලියා පළකළා. 2004 සුනාමියේ අත්දැකීම් එක්ක හෙදියක ලියූ අනුවේදනීය දින සටහන් පොත එළි දකිනවා. ඇත්තටම මටත් සුනාමියේ අනුවේදනීය කතාවක් තියෙනවා.

ඒ මගෙ අයියයි බිරිඳයි, දරුවන් දෙන්නයි එදා වාහනයේ යමින් ඉඳලා සුනාමියට අහිමිවුණා. අද ඔවුන් හතරදෙනාම අපට නෑ. ඊට පස්සෙ තවත් පොත් දෙකක් ලිව්වා. හෙදියක නොදුටු දිනපොත සහ හදිසි අනතුරු අංශයේ රජත ජයන්තියක පෙළහර කියලා.

ඔබට ජීවිතේ හුදකලාවක් දැනෙන්නෙ නෑ ?
මගෙ මුළු ජීවිතේම වෙලා තිබුණෙත් අදටත් මගෙ මුළු ජීවිතේ රෝහල සහ රෝගීන්. අම්මලා තාත්තලා ජීවත්ව ඉන්න කාලේ මාව විවාහ කරවන්න ගොඩක් උත්සාහ කළා. නමුත් විවාහය ගැන එච්චරම මගෙ ඔළුවෙ වැඩ කළේ නෑ. මට තනියක් හුදකලාවක් නෑ. සහෝදරියන්ගෙ දරුවො ඉන්නවා.

ගෙවිලා ගිය කාලෙ ගැන මොකද හිතෙන්නේ ?
මං ගොඩක් පින් කරපු කෙනෙක්. මස්, මාළු උම්බලකඩවත් කන කෙනෙක් නෙවෙයි. මගේ ජීවිතේ හැම දෙයක්ම මම සැලසුම් කරලා තියෙන්නෙ. මගේ එකම ප්‍රාර්ථනය දුක නැති මරණයක්. මම මගේ ඥාති දියණියකට කියලා තියෙන්නේ මම මැරුණට පස්සේ බොරු වැඩ මොකුත් කරන්න එපා කියලා. පැය 24 මගේ අවසාන කටයුතු කරන්න කියලයි මම කියලා තියෙන්නේ. මම මගේ මිනී පෙට්ටියටත් සල්ලි වෙන්කරලා තියෙන්නේ.

බියංකා නානායක්කාර

 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top