Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
05
"ජීවිතේ කියන්නේ හරිම අස්ථිර දෙයක්.." - කුසුම් පෙරේරා

- "ජීවිතේ කියන්නේ හරිම අස්ථිර දෙයක්.." - කුසුම් පෙරේරාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7 Views

"අවුරුදු 8න් පටන් ගත්තේ, අවුරුදු 40ක් ම කලාව එක්ක ඉන්නේ.."

"ලංකාවේ ලොකුම කලා පවුල තමයි අපි.."

කුසුම් පෙරේරා කියන්නේ රංගන හැකියාවෙන් පිරුණු චරිතයක්. ඒ වගේම ඇය කලාව එක්ක ජිවත් වෙන චරිතයක්. ඇයගේ පවුලේ බොහෝ දෙනෙක් කලාවට සම්බන්ධයි. රංගන ශිල්පින් ගායකයින්. මේ පුංචි තිරයේ ඉන්න අහිංසකම අම්මා ගැන පුවත්පතක සදහන් වූ ලිපියයි


කලා ජීවිතේ වසර 40ක් පිරිලා නේද?
ඔව්. එදා අවුරුදු 8න් පටන්ගත්ත මේ ගමනට දැන් අවුරුදු 40ක් පිරිලා නොදැනීම.

ඒ වෙනුවෙන් සුවිශේෂී කටයුත්තක් සංවිධානය වෙනවා කියලා ආරංචියි?
වසර 40ක මගේ මේ කලා ජීවිතේට කෙරෙන ආමන්ත්‍රණයක් හැටියටයි මේ කටයුත්ත සංවිධානය වෙන්නේ. මාර්තු 10 සවස 5.30 සිට පුරා පැය එකහමාරක දෙකක මරදාන ටවර් හෝල් රඟහ‍ලේදියි මෙය පැවැත්වෙන්නේ. මතෛක් ආ ගමනේ සොඳුරු තැන් ස්පර්ශ කරමින් මගේ ආදරණීයයන්, සහෘද කලාකරුවන්, හිතවතුන් එක්ක ඒ දවස ගත කරන්නයි සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ඒ සඳහා හැමෝටම විවෘතව ආරාධනා කරන්න මම මෙය අවස්ථාවක් කරගන්න කැමතියි.

ඇයි මෙහෙම දෙයක් කරන්න ඕන කියලා හිතුවේ?
ජීවිතේ කියන්නේ හරිම අස්ථිර දෙයක්. ඉතින් සමහර විට කලා ජීවිතේට වසර 50ක් සපිරෙනකොට මම නොහිටින්නත් පුළුවන්. ඒ නිසාම මට හිතුණා වසර 40ක් පිරෙන මේ මොහොත තමයි සුදුසුම ආ ගමන ගැන ආදරණීයයන් එක්ක සැමරීමක් කරන්න කියලා.

වසර 40ක් ආපු දුර ගැන මොකද හිතෙන්නේ?
ඒ ගැන නම් අවංක, නිහතමානී සතුටක් සියුම් ආඩම්බරයක් හිතේ තියෙනවා. මොකද විවිධ චරිත තුළින් ඇවිත් මිනිස්සුන්ගේ හදවතේ මම වෙනුවෙන් ඉඩක් වෙන්වීම ගැන ඇත්තටම සතුටුයි.

ආපු ගමනේ පසුතැවීම් එහෙමත් වෙලා ඇති නේද?
අවුරුදු 40ක් කියන්නේ ‍ලේසි පහසු ගමනක් ‍නෙවෙයි. දුෂ්කරයි. නමුත් කිසිම තැනක පසුතැවීමක්, හිත් රිදවීමක් ඉතිරිවෙලා නෑ මේ වෙනකම්ම.

මතෛක් ලැබුණු චරිත ගැන කතා කළොත්?
ලැබුණු හැම චරිතෙම මට විශේෂයි. මම මට ලැබෙන චරිතයට හැමදාම මගෙන් දිය යුතු උපරිමය එදා වාගේම අදත් ලබාදෙනවා. ඉතින් මට ලැබුණු හැම චරිතයක් ගැනම මම තෘප්තිමත්.

ලැබුණු ඇගයීම් ගැන තෘප්තිමත්ද?
පිරිසක් ඉදිරියේ කිරුළු පලඳිනවාට වඩා හැමදාම මිනිස්සුන්ගේ හදවතේ ඉඩක ඉන්න ලැබිම ගැන මම සතුටු වෙනවා. හැම සම්මානයක්ම යටයි ජනතා සම්මානයට. ඉතින් මට තියෙන්නේ අන්න ඒ ජනතා සම්මානය.

තවමත් ඔබට නොලැබුණු චරිත තියෙනවාද?
එහෙම නොලැබුණා කියලා පසුතැවෙන චරිත නෑ. ගොඩක්ම ලැබුණේ අම්මගේ චරිතය. මම හිතනවා මට හොඳම චරිත ලැබුණා කියලා.

ඔබ වේදිකාවටත් සම්බන්ධයි නේද?
ඔව්, මම තවමත් වේදිකා රංගනයේ නියැළෙනවා. හැමෝටම වගේ මටත් වේදිකාව සුවිශේෂියි. මොකද සජීවී ප්‍රතිචාර අත්විඳින්න ලැබෙන, රංගනය හදාරන්න ලැබෙන සොඳුරු ඉසව්වක් වේදිකාව.

මතකද මුලින්ම කරපු චරිතය?
මුලින්ම මම අවුරුදු අටේදි කලාවට පිවිසුණේ සංගීතා චිත්‍රපටය හරහා. ලොකු තේරුමක් නොතිබුණ හින්දම වෙන්න ඇති මට කිසිම බයක්, ලැජ්ජාවක් හිතුණෙත් නෑ.

ඔබගේ හැකියාවෙන් උපරිමය කළා කියලා සතුටු වෙන්න පුළුවන්ද?
ඔව්, මට සතුටු වෙන්න පුළුවන්. මොකද මම හැම තැනකදීම ලැබෙන චරිතයට උපරිමය ලබාදුන්නා.

එදා ඔබ එනකොටයි අද එන නවකයන්ටයි තියෙන තැන ගැන මොකද හිතෙන්නේ?
හැමදේම ඉස්සරහට දියුණු වෙන කාලෙක කලාවත් දියුණුවෙලා තියෙන්නේ. ඉතින් අපිට නොතිබුණු පහසුකම් අද තියෙනවා. අපි අපේ වියදමින් දුර තියෙන රූපගත කිරීම්වලට එදා ගියාට අද ප්‍රවාහනයේ සිටම පහසුකම් සපයලයි තියෙන්නේ.

ඒ පහසුකම් නිසාම නව පරපුර ඉදිරියෙන් කියලා හිතන්න පුළුවන්ද?
පහසුකම් වැඩි වුණත් කැපවීම ගැන නම් සතුටු වෙන්න බෑ ඇත්තටම. කලාව කියන්නේ කැපවෙලා කළයුතු දෙයක්. ඉතින් පෙර පරම්පරාවේ කලාවට තිබුණු ඒ කැපවීම ආදරය පසු පරම්පරාවෙන් ටිකක් ගිලිහිලා කියලා මට හිතෙනවා.

පෞද්ගලික ජීවිතේ ගැනත් කියමු?
එක්තරා සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා ලංකාවේ ලොකුම කලා පවුල තමයි අපි කියලා. ඉතින් ගොඩක් සතුටුයි ඒ පිළිබඳව. මගේ මහත්තයත් කලාවට සම්බන්ධයි. මට ඉන්නේ දුවලා දෙන්නයි, පුතයි. ඉතින් එයාලා තමයි මගේ ගමනේ ශක්තිය.

ඉදිරි වැඩකටයුතු ගැනත් කියමු?
නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඊට අමතරව මම රූපලාවණ්‍යයටත් සම්බන්ධයි. ඉතින් අපේම රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යනවා. ඒ හැම දෙයක් එක්කම මේ ආවා වගේම ඉදිරියටත් සතුටින් රැඳෙන්නයි බලා‍පොරොත්තුව.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top