ඉන්දියාවෙන් බිහිවූ සුපිරිම ක්‍රිකට් තරුවක් වන විරාත් කෝලිගේ මංගල උත්සවයේ අවසන් සාදය ඊයේ මුම්බායි නුවරදී පැවැත්වුණේ සුපිරි ක්‍රිකට් තරු, සුපිරි සිනමා තරු සහ දේශපාලනඥයන් ඇතුළු කෝලිගේ සහ අනුෂ්කාගේ මිතුරු මිතුරියන් පිරිවරා ගනිමින්.
මේ සුවිශේෂි උත්සවයට සහභාගී වීමේ දුලබ වරම් උදා වූ එකම ශ්‍රී ලාංකිකයා වුණේ කා අතරත් ආදරයට පත්වූ ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකු වන ගයාන් සේනානායකයි.
ගයාන් මේ උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව ඉන්දියා ටු ඩේ මාධ්‍යවේදියෙකු මේ දුලබ අවස්ථාවට සහභාගී වීමට ලැබීම සම්බන්ධයෙන් අදහස් විමසා සිටියා.
මෙම ජාත්‍යන්තර මාධ්‍ය වේදියා නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ගයාන් ප්‍රකාශ කලේ විරාත් කෝලි විශිෂ්ඨ ගනයේ ක්‍රීඩකයෙකු මෙන්ම හොඳ මිනිසෙකු බවයි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ගයාන්...
‘‘මට කෝලි මුලින්ම හමුවුණේ ශ්‍රි ලංකාවේදී පැවති 2007 වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී. එතනදි ඇතිවුණු මිත්‍රත්වය මම දිගටම ඔහු සමගින් රඳවා ගත්තා. විශිෂ්ඨ ක්‍රීඩකයෝ බිහි වෙනවා... ඔවුන් සමු ගන්නවා... අලුත් ක්‍රීඩකයෝ එනවා. නමුත් ක්‍රීඩාව වෙනස් වෙන්නෙ නෑ. ක්‍රීඩාව තමයි වැදගත්. ක්‍රීඩාවේ ජය පරාජය විඳ දරා ගනිමින් ක්‍රීඩාව සමග සිටීමයි මගේ ක්‍රමය. මෙම විවාහ මංගල සාදයට ආරාධනා ලැබූ එකම ප්‍රේක්ෂකයා මමයි.“