Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
15
පවුලක් විදිහට ගත කරන ජීවිතය ගැන බොහෝ දෙනා ඇත්ත තත්ත්වය දන්නේ නැහැ - චන්ද්‍ර‍ලේඛාගේ දියණිය කියන සංවේදී කතාව - Photos

- පවුලක් විදිහට ගත කරන ජීවිතය ගැන බොහෝ දෙනා ඇත්ත තත්ත්වය දන්නේ නැහැ - චන්ද්‍ර‍ලේඛාගේ දියණිය කියන සංවේදී කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

34 Views

"ඒ සහෝදරත්වය අදටත් නැතිවෙලා නැහැ"

"සමහරු හිතාගෙන ඉන්නේ අපි තරහයි,  කතා කරන්නේවත් නැහැ කියලයි"

චන්ද්‍ර‍ලේඛා පෙරේරාගේ වැඩිමහල් දියණිය වන  ශ්‍යාමි නදීෂා ගැන විටින් විට පුවත් මැවුණා. මේ වන විට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචිව සිටින ඇගේ නවතම තොරතුරු සති අන්ත පුවත්පතක මෙලෙස සටහන් වී තිබුණා.


ඔබ විවාහකයි ඔබගේ පවු‍ලේ තොරතුරු මොනවාද?
මමයි, මගේ සැමියා සුසන්ත කුමාරගේ සහ දරුවන් තුන්දෙනයි පදිංචිවෙලා ඉන්නේ මෙල්බර්න්වල. ලොකු දුව කවී‍ලේඛා කුමාරගේ. එයාට වයස අවුරුදු දහයයි. දෙවැනියා ෂෙනුලි කුමාරගේ. වයස අවුරුදු පහයි. තුන්වැනියා සෙත් කුමාරගේ. පුතාට වයස මාස තුනයි.
 
ඔබයි සුසන්තයි කොච්චර කල්ද මෙල්බන්වලට ඇවිත්?
අවුරුදු නවයක් විතර වෙනවා.
 
එන්න විශේෂ හේතුවක් තිබුණද?
සුසන්ත ‘සීදූව සකුරා’ සංගීත කණ්ඩායමේ රිදම් ගිටාරිස් හැටියටයි වැඩ කළේ. ඒ කා‍ලේ සුනාමිය ආවා. රටේ යුද කලබලයත් දරුණුවට තිබුණා. රටේ තිබුණ පීඩනය නිසා සංගීත කණ්ඩායම්වලට වැඩ තිබුණේ නෑ. ඒ නිසා ජීවත් වීමත් ප්‍රශ්නයක් වෙලයි තිබුණේ. අපි කොහේ හරි රටකට යන්න තීරණය කළේ ඔය හේතුව නිසයි. ඒ කා‍ලේ ලොකු දුව විතරයි හිටියේ. ඊට පස්සේ අපි මෙල්බර්න්වලට එන්න වීසා ඉල්ලුවා. වීසා අපිට ඉක්මනින්ම ලැබුණා. ආවේ ටික කාලයක් ඉඳලා ආපසු යන බලා‍පොරොත්තුවෙන්. නමුත් අවුරුද්දක් දෙකක් යනකොට ආපසු යන බලා‍පොරොත්තු ටිකෙන් ටික අපගෙන් ඈත් වුණා. ඊට පස්සේ ඕස්ට්‍රේලියානු පුරවැසි භාවයත් අපි ලබා ගත්තා.
 
ලබන මාසේ ඔබේ අම්මා (චන්ද්‍ර‍ලේඛා පෙරේරා) මෙල්බන් එනවා කියලා ආරංචියි?
ඔව්, ජූනි 10 වැනිදා මෙල්බන්වල ‘රූසඳ  රෑ’ ෂෝ එකට කට්ටියම එනවා.
 
අම්මා මෙල්බන් ආවම ශ්‍යාමිට මුණගැහෙනවද?
අම්මි, අන්කල්, නංගිලා අපේ ගෙදරනේ ඉන්නේ මෙල්බන් ආවම.
 
පසුගිය කාලයේ සිදුවුණ සමහර සිදුවීම් මේ විදිහට විසඳීම ගැන ශාමිට මොනවද හිතෙන්නේ?
සමහරු හිතාගෙන ඉන්නේ අපි තරහයි,  කතා කරන්නේවත් නැහැ කියලයි. එහෙම දෙයක් වෙලා නැහැ. ඒ කා‍ලේ ඉඳලම අම්මි මට ෆෝන් එකෙන් හරි  කතා කළා. අපි පිටරටකට ආවට පස්සේ සම්බන්ධකම් තවත් වැඩිවුණා. අම්මි ඇමෙරිකා ඉන්න කොටත් මට කතා කළා. අපි ලංකාවට ගියාම අම්මියි අන්කලුයි (රූකාන්ත ගුණතිලක) දෙන්නම ආවා අපිව බලන්න. අවුරුදු දෙකකට වරක් අම්මිගෙයි රූකාන්ත අන්කල්ගෙයි ෂෝ එකක් මෙල්බන්වල නොවරදවා තිබෙනවා. ඒ ආවාම මාත් එක්ක තමයි ඉන්නේ. නමුත් සමහරු හිතාගෙන ඉන්නේ අපි කතා කරන්නෙවත් නැහැ කියලා.
 
ඒක ඇත්ත, රටේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ ඔබ කියන මේ කතාව
ඒ නිසාම තමයි පසුගිය වසරේ මැයි මාසයේ මම ලංකාවට ගිය අවස්ථාවේ මට ආරාධනා  කළ රූපවාහිනී සාකච්ඡාවට නංගිවත් (රූකාන්ත සහ චන්ද්‍ර‍ලේඛාගේ දියණිය) සහභාගි කරවා ගත්තේ. මට පෙන්වන්න ඕනෑවුණා අපි පවු‍ලේ කට්ටිය තරහක් නැහැ. අපි එකට ඉන්නේ කියලා. මගේ සිංදුවක් හරි, නංගිලාගේ පින්තූරයක් හරි පත්තරේක ගියොත් සමහරු බැනලා  ‘කමෙන්ට්’ කරන්න පටන්ගන්නවා. නංගිලාට බනිනවා. නැත්නම් අම්මිට බනිනවා. එතකොට මගේ හිතට දුකයි. මම ඔය ෆේස්බුක්වල නැහැ. නමුත් මගේ හස්බන්ඩ්ගේ ෆේස්බුක් එක හරහා එන සමහර ‘කමෙන්ට්’ දැක්කම මට ‘කමෙන්ට්’ එකක් දාන්නවත් බැහැ. මම, අම්මි, අන්කල් සහ  නංගිලා අපි ඔක්කොම දුක්වෙනවා. අපි පවුලක් විදිහට ගත කරන සාමකාමී ජීවිතය ගැන බොහෝ දෙනා ඇත්ත තත්ත්වය දන්නේ නැහැ. සමහර අවස්ථාවලදී හස්බන්ඩ්ගේ ෆේස්බුක් එකේ මම දානවා ‘නැහැ එහෙම ප්‍රශ්නයක් නැහැ’ කියලා මගේ නමින්. නමුත් රටේ බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ අපේ පවු‍ලේ එදා තිබූ ලොකු ප්‍රශ්න තවමත් තිබෙනවා කියලා.
 
රූකාන්ත අන්කල් සහ ඔයාගේ අම්මිගේ දියණිවරුන් සමග ඔබගේ සම්බන්ධය මොන වගේද?
රයිනි සහ වින්දි නංගිලා දෙන්නා ‍පොඩි කා‍ලේ පටන් මාත් එක්ක එකතුයි. ඒ සහෝදරත්වය අදටත් නැතිවෙලා නැහැ. දෙමව්පියන්ගේ ප්‍රශ්න ඒ කා‍ලේ තිබුණත් නංගිලා මාත් එක්ක කතා කළා. නංගිලාගේ ඕනෑම ප්‍රශ්නයක් කියන්නේ මටයි. අඩුම තරමේ මැසේජ් එකක් හරි දාලා මාව දැනුවත් කරනවා. මට මල්ලි කෙනෙකුත් ඉන්නවා. එයා යොහාන්. ඉන්නේ  ඉතාලියේ. තාත්තත් වැඩ කරන්නේ ඉතාලියේ.
 
අම්මි සහ රූකාන්ත අන්කල් අද ගත කරන ජීවිතය ගැන ඔබට දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද?
මට ඇත්තටම විශාල සතුටක් දැනෙනවා. ඒ දෙන්නා ශ්‍රී ලංකාවේ සංගීත කලාවේ ඉහළින්ම ඉන්න දෙපළක්. අපි මනුෂ්‍යයෝ විදිහට සතුටින් ජීවත් වෙනවා නම් ඒක හොඳයි කියන තැනයි මම ඉන්නේ. අම්මියි, අන්කලුයි ඉතා හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා. ඒ දෙන්නට දෙන්නා හරිම ආදරෙයි. හොඳ ස්ථාවරයක ඉන්නවා. ඒ දෙන්නා මෙල්බන් එන්නේ අවුරුදු දෙකකට වරක්. ඒ  එනකොට මෙල්බන්වල කොච්චර  ප්‍රසංග තිබුණත් අන්කල්ගේ ෂෝ එකේ ටිකට්ස් විකිණිලා අවසන් වෙනවා.
 
චන්ද්‍ර‍ලේඛාගේ හඬට සමීප හඬක් හිමි ඔබ ගායනයෙන් ඈත් වුණේ ඇයි?
මගේ ගීත ගොඩක් නැහැ. ලංකාවේ පැවැති බොහෝ සංදර්ශනවලදී මම ගායනා කළේ අම්මිගේ ගීත. ඊට පස්සේ මෙල්බන් ආවා. මම අවුරුදු තුනක් ඉගෙන ගත්තා. දරුවන් ලැබුණා. සුසන්තගේ වැඩකටයුතුවලට උදව් කළා. එවැනි කාර්යබහුල තත්ත්වයක් යටතේ මම ඉබේටම ගායනයෙන් ඈත්වුණා. ඒ  ගැන මට කිසිම දුකක් නැහැ. මොකද මම ගායිකාවක් නොවන නිසා.
 
ඔබ රූකාන්ත  අන්කල්ව දකින්නේ මොන විදිහටද?
එයා සංවේදී හදවතක් තිබෙන මනුෂ්‍යයෙක්. ආගම දහමට ඉතා භක්තිමත්. තමන්ට හිංසා කරන මිනිසුන්ටත් සමාව ලබාදෙන උතුම් ගතිගුණ අන්කල් සතුයි. එයාව සොයාගෙන ජනප්‍රියත්වය පැමිණෙනවා මිස කිසිම දවසක එයා ජනප්‍රියත්වය වෙනුවෙන් කිසිවක් කළ  බවක් මට මතක නැහැ. ගීත කලාවේ දියුණුව වෙනුවෙන් අන්කල් ගොඩක් වෙහෙසෙනවා. ඒ බව දන්නා ඔහුගේ රසික රසිකාවියන් ලක්ෂ ගණනින් ඔහු වටා රොක් වෙනවා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top