සමයං නමැති පාතාල නායකයා ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ කල්ලියේ තවත් අපරාධකරුවකු වන ඌරුජුවා නමැත්තා කඩුවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට තර්ජනය කරමින් කප්පම් මුදල් එකතු කිරීමට පටන් ගෙන ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.
ඌරුජුවා නමැත්තා මේ වන විට බන්ධනාගාරගතව සිටින අතර ඔහු කඩුවෙල, නවගමුව, බෝමිරිය, රණාල ප්‍රදේශවල සිටින ධනවත් පුද්ගලයන්ට දුරකථන මාර්ගයෙන් කතා කර මෙතෙක් කලක් සමයංට දුන් කප්පම් මුදල් ඒ අයුරින්ම තමාට ලබාදෙන ලෙස කියමින් තර්ජනය කර ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
මෙම තර්ජනය කිරීම් පිළිබඳව ව්‍යාපාරිකයන් කිහිප දෙනකු නවගමුව පොලිසියට දැනුම් දී තිබුණා.
මේ පිළිබඳව නවගමුව පොලිස් ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක මංජුල සිල්වා මහතා කියා සිටින්නේ දුරකථන මාර්ගයෙන් කෙරෙන තර්ජනය කිරීම්වලට බිය නොවී එවැනි තර්ජනය කිරීම් පිළිබඳව තමාට දන්වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
ඝාතනයට ලක්‌වූ පාතාල නායක සමයං කඩුවෙල හා ඒ අවට ප්‍රදේශවල ව්‍යාපාරිකයන් රැසකගෙන් මාසිකව රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගත් බවද අනාවරණය වී තිබෙනවා.