ආදර සම්බන්දතාවයක් සාර්ථක ලෙස පවත්වාගෙන යන්න ආදරය වගේම තවත් ගොඩක් දේවල් අපි හොදින් පාලනය කර ගත යුතුයි. නැත්නම් අපි හිතුවෙවත් නැති විදිහට ආදරයේ විරහවට මුහුණ දෙන්න වෙනවා. ආදරය සුන්දර දෙයක් උනාට විරහව නම් සුන්දර දෙයක් නෙමෙයි. මේ නිසා ආදරය විරහවක් කරන ඉරිසියාව නම් ඔබ පාලනය කරගත යුතුමයි.
නමුත් බහුතරයකට නම් මේ ඉරිසියාව නම් පාලනය කරගන්න බැහැ. මේකේ අන්තිම ප්‍රතිපලය වෙන්නේ ඔවුන් ආදරය විරහවක් කරගෙන ජිවිත කාලයම දුක් විදින එක.
මේ ක්‍රම ටික අනුගමනය කරොත් නම් ඔබට පුළුවන් වේවි ඉරිසියාව පාලනය කරගෙන ඔබේ සම්බන්දතාවය ආරක්ෂා කර ගන්න.
1. ඔබේ නව සබඳතාවය කලින් තිබුණ සබඳතාවය සමග සසඳන්න එපා
බොහෝ කාන්තාවන් එක් වරක් ආදරයේ රැවටීමකට හසු උනොත් ඉන් පසුව ඔවුන් ඇතිකර ගන්නා සබඳතාවයන් පිළිබඳව වැඩි විශ්වාසයක් තබන්නේ නෑ. මේ නිසා ඔවුන් කරන්නේ කලින් පෙම්වතාගේ වැරදි සහ දැන් පෙම්වතාගේ වැරදි සංසන්දනය කරමින් දැන් ඉන්න පෙම්වතාව සැක කරන එක. මෙහෙම කරන එක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි, මොකද ඔබේ පළමු පෙම්වතා ඔබව රැවටුවාට ඔබේ නව පෙම්වතා ඔබට ඇත්තටම ආදරේ කරනවා විය හැකියි. මේ නිසා හොදම දෙය අතීතය අමතක කරලා ඔබේ නව ජිවිතයට සතුටින් සහ විස්වාසයෙන් මුහුණ දෙන එක.
2. පෙම්වතාගේ සමාජ මාධයන් පරික්ෂා කරන එක නතර කරන්න
ඔබේ හිතේ පුංචිම හරි ඉරිසියාවක් තියනවා නම් ඔබේ හිත නිතරම ඔබව පොලබවන්නේ පෙම්වතාගේ පෞද්ගලික දේවල් ගැන සොයා බලන්න. නමුත් මොහොතකට හිතලා බලන්න ඇයි ඔබ මේ දේවල් හොයලා බලන්නේ කියලා. මේ දේවල් වල අන්තිම ප්‍රතිපලය වෙන්නේ ඔබ පෙම්වතා සමග අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගන්න එක. බොහොමයක් පෙම්වතියන් හිතනවා ඔවුන් පෙම්වතාගේ සමාජ මාධයන් පරික්ෂා කරන බව ඔවුන් දැන ගන්නේ නැති නිසා ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ කියලා. නමුත් මතක තියා ගන්න ඔවුන් කවද හරි දවසක ඒ ගැන දැන ගත්තොත් ඔබ ගැන අනිවාර්යෙන්ම තීරණයක් ගනීවි.
3. ඔබේ ආකල්ප වෙනස් කර ගන්න
ආදරයේදී අප සතුව තිබෙන ඇතැම් ආකල්පයන් අනිවාර්යෙන්ම අපි වෙනස් කර ගත යුතුයි. නැත්නම් අපේ සමහර අදහස් නිසා වෙන්නේ අපි නොහිතන විදිහට ප්‍රශ්න ඇති කරගැනීමයි. බොහොමයක් පෙම්වතියන් කැමති නෑ පෙම්වතා ඔහුගේ මිතුරන් ඇසුරු කරනවට, වෙනත් කාන්තාවන් සමග කතාබහ කරනවට. මේ නිසා ඔවුන් කරන්නේ නිතරම පෙම්වතුන් සමග ප්‍රශ්න ඇති කර ගන්න එක. මේ වගේ අවස්ථාවලදී පෙම්වතියට පුලුවන්නම් තමන්ගේ ඉරිසියාව පාලනය කර ගෙන සාධාරණව පෙම්වතාගේ අවශ්‍යතාවයන් ගැන තේරුම් ගන්න. ඔබට පුළුවන් කිසිම ප්‍රශ්නයක් ඇති කර ගන්නේ නැතුව ඔබේ සම්බන්ධතාවය පවත්වාගෙන යන්න
4.පෙම්වත්ගේ හැගීම් විහිලුවකට ගන්න එපා
බොහොමයක් පෙම්වතියන් පෙම්වතා සමග ප්‍රශ්නයක් ඇතිකර ගත් විට කරන්නේ පෙම්වතාට රිදවන්න කියලා හිතාගෙන වෙනත් පිරිමි අය සමග පෙම්වතා ඉදිරිපිටදී කතා බහ කරන එක. ඔබ හිතන විදිහට පෙම්වතාගේ හිත රිදෙයි නමුත් මොහොතක් හිතල බලන්න ඔබ ඉක්මන් වෙලා ඒ රිදවපු හිත අයෙත් කලින් තිබුන විදිහටම හදන්න ඔබට පුළුවන් වෙයිද කියලා. මේ නිසා ඔබ තුල ඇතිවෙන ඉරිසියාව අනිවාර්යෙන්ම පාලනය කර ගන්න ඔබ ඉගනගත යුතුයි.
5.වගකීම් බාර ගන්න පුළුවන් කෙනෙක් වෙන්න
ඔබ තුළ ඇතිවෙන ඉරිසියාවට අනිවාර්යෙන්ම ඔබ වගකිව යුතුයි. මේ නිසා කවදාවත් ඔබ තුල ඇතිවෙන ඉරිසියාවට වරදකරු ඔබේ පෙම්වතා කරන්න උත්සහ කරන්න එපා. ඉරිසියාව අපේ සබදතා බොහොම නරක විදිහට විනාශ කර දමනවා. මේ නිසා ඔබ අනිවාර්යෙන්ම වගකීම් සහගත විය යුතුයි ඔබ තුල ඇතිවෙන සිතුවිලි පාලනය කර ගන්න.
6.ඔබේ හැගීම් ගැන ඔහු සමග කතාබහ කරන්න
බොහෝ වෙලාවට ඔබ ඉරිසියාව නිසා ප්‍රශ්න ඇති කර ගන්නේ ඔබේ හිතේ ඇතිවන හැගීම් ගැන පෙම්වතා සමග කතා බහ නොකිරීම නිසා. ඔබ දෙදෙනා අතර හොද අදහස් හුවමාරුවීමක් සිදුවනවා නම් අනිවාර්යෙන්ම වැරදි අදහස් නිසා ඔබ දෙදෙනාගේ සබදතාවය බිද වැටීමක් කිසිම දවසක සිදු නොවේවි.
අන්තරජාලයෙන් උපුටාගැනීමකි