ඒ, මීමුරේ හීං ගඟේ ස්නානය කරමින් සිටි 11 හැවිරිදි කුඩා සාමනේර හිමිනමක් දියේ ගිලීමෙන් අපවත් වීමේ පුවතයි. මෙලෙස අවාසනාවන්ත ලෙස අපවත් වී ඇත්තේ ගම්පහ, දෙවලපොල ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ වැඩවිසූ සාමනේර හිමිනමක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
උන්වහන්සේ මීමුරේ ප්‍රදේශයේ නිවසක පැවැති දානමය පින්කමක් සඳහා වැඩම කර සිටියදී මෙම අනපේක්ෂිත අනතුරට මුහුණ දී තිබෙනවා. අද උදෑසන 08.45 ට පමණ දානමය පින්කමට සහභාගී වීමට ප්‍රථම ස්නානය කිරීම සඳහා හීං ගඟට බැස ඇති අවස්ථාවේදී උන්වහන්සේ මෙලෙස දියේ ගිලී ඇති බවයි වාර්තා වන්නේ.
අපවත් වූ සාමනේර හිමියන්ගේ දේහය මේ වන විට තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහලේ තැම්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් උඩුදුම්බර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා.