වෙළඳපොළ ආරංචි මාර්ග පවසන්නේ මේ වන විට බුලත් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.
සාම්ප්‍රදායිකව වැඩිහිටියන්ට බුලත් දී වැඳීමට සහ නෑගම් යාමට අත්‍යවශ්‍ය වන බුලත් අතක මිල මේ වන විට රුපියල් 400 සීමාවට ආසන්න වී තිබෙනවා. සාමාන්‍යයෙන් වෙළඳපොළේ දක්නට ලැබෙන කුඩා බුලත් අතක් පවා රුපියල් 200කට ආසන්න මිලකට අලෙවි වන බවයි සඳහන් වන්නේ.
පවතින අධික වියලි කාලගුණය හේතුවෙන් බුලත් අස්වැන්න විශාල වශයෙන් අඩු වීම මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී තිබෙනවා. සැපයුම අඩු වී අවුරුදු ඉල්ලුම අධික වීම නිසා මෙවර අවුරුදු මේසයට බුලත් අතක් තැබීමත් තරමක් "ලක්සරි" වැඩක් වන ලකුණුයි පෙනෙන්නට තිබෙන්නේ.