සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය අද (08) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, අද සිට ක්‍රියාත්මක වන පරිදි උත්සව කෑම වට්ටෝරු වල මිල ගණන් ඉහළ දැමීමට ඔවුන් තීරණය කළ බවයි. මැයි මාසයේ සිට ලබාගන්නා අලුත් ඇණවුම් සඳහා මේ මිල වැඩිවීම 15% සිට 20% දක්වා විශාල අගයකින් ඉහළ යනු ඇති බවයි වාර්තා වන්නේ.
මේ පුවතේ තියෙන වඩාත්ම කම්පන සහගත දේ තමයි, දැනටමත් උත්සව සඳහා මුදල් ගෙවා 'Pre-book' කර ඇති අයටත් මේ මිල වැඩිවීමෙන් ගැලවෙන්න බැරි වීම. එම ඇණවුම් සඳහාත් 10% ක අමතර මුදලක් ගෙවීමට සිදුවන බව සංගමයේ සභාපතිවරයා පවසා සිටියා.
භාණ්ඩ මිල ඉහළ යාම, නව වැට් බදු සංශෝධන සහ පවතින ඉන්ධන අර්බුදය හමුවේ උත්සව ශාලා හිමියන් මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා. කර්මාන්තයත්, සේවකයන්වත් රැකගන්න නම් මේ "අසීරු තීරණය" ගන්නම වෙන බවයි ඔවුන් පවසන්නේ.
ඔබත් මේ දිනවල උත්සවයක් සැලසුම් කරනවා නම්, සාක්කුවේ තත්ත්වය ගැන තවත් සැරයක් හිතලා බලන්න වේවි..