නුවරඑළියේ තියෙන අධික සීතල ගැන හිතලා Uber Eats සමාගම නියම වැඩක් කරලා තියෙනවා. ඒ තමයි කෑම ටික ගෙදරට එනකම්ම උණු උණුවෙන් තියාගන්න විශේෂ "උෂ්ණත්ව පාලක බෑග්" (Insulated bags) පාවිච්චි කිරීම. ඒ නිසා දැන් Pizza Hut, KFC වගේ ජාත්‍යන්තර කෑම විතරක් නෙවෙයි, දේශීය අවන්හල්වල රසම රස කෑමත් නවාතැනටම ගෙන්නා ගන්න පුළුවන්.
විශේෂයෙන්ම රෑ කාලයට කෑම කඩවල් වැහුණාම බඩගින්නේ ඉන්න වුණු කාලේ දැන් ඉවරයි! Uber ශ්‍රී ලංකා ප්‍රධානී වරුණ විජේවර්ධන මහතා පවසන්නේ මේ හරහා නුවරඑළියේ අවන්හල් හිමියන්ට වගේම තරුණයින්ට බෙදාහැරීමේ හවුල්කරුවන් විදිහට අලුත් ආදායම් මාර්ගත් විවෘත වෙනවා කියලයි.
පසුගිය කාලේ හික්කඩුව, අම්බලන්ගොඩ, හලාවත,ගම්පොළ, මාතලේ,යාපනය, මාතර, වැලිගම, අනුරාධපුරය වගේ නගර ගණනාවක් අල්ලගත්ත Uber Eats, දැන් නුවරඑළියත් තමන්ගේ වසඟයට අරගෙන අවසන්.