Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
07
අලුත් අවුරුද්ද උදාවෙන්න දින කිහිපයක් තිබියදී තවත් ප්‍රබල ග්‍රහ මාරුක්වක්.. ඒ ගැන ඇසෙන විශේෂ ආරංචිය මෙන්න..

- අලුත් අවුරුද්ද උදාවෙන්න දින කිහිපයක් තිබියදී තවත් ප්‍රබල ග්‍රහ මාරුක්වක්.. ඒ ගැන ඇසෙන විශේෂ ආරංචිය මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12 Views

සිදුවෙන ග්‍රහ මාරුත් එක්ක ඔබේ ජීවිතය නොසිතූ ලෙස වෙනස් වෙන්න පුළුවන්..

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන මේ දිනවල ඔබ දැනුවත්විය යුතුම තවත් එක් කතාවක්.

අලුත් අවුරුද්ද උදාවෙන්න දින කිහිපයක් තිබියදී මේ ඇසෙන්නේ මොන වගේ කතාවක්ද..?


ග්‍රහලොව හිතුවක්කාරයා, සෙන්පතියා, චණ්ඩියා ලෙස විරුධාවලිය ලත් භූමියට කාරක කුජ ග්‍රහයා 2026.04.02 ප.ව. 3.30ට තමාගේ සම රාශියක් වන ගුරුට අයත් මීන රාශියට ගෝචර වන අතර මෙහි දින 39 ක් රැඳී සිටිනවා. මේ මොහොතවන විට තත්කාල ලග්නය වශයෙන් සිංහ ලග්නයත්, වෘෂභ නවාංශකයන් උදාව පවතින අතර, මෙහිදී ලග්න ගතව කේතු ද දෙවැන්නේ සඳු ද, හත්වැන්නේ බුධ, රාහු ද, අට වැන්නේ රවි, කුජ, ශනි ද, නව වැන්නේ සිකුරු ද, එකොළොස් වැන්නේ ගුරු ද මෙසේ ගමන් ගෙන තිබුණා. අග්නි මාරුත යෝගය ලෙසින් හැඳින්වෙන කුජ, ශනි යෝගය එහිදී අපට දැක ගත හැක. ළැව් ගිනි, හදිසි ගිනි ගැනීම් තත්ත්ව ඔබට නිරන්තරයෙන්ම දැක ගැනීමට පිළිවන්. තත්කාල කේන්ද්‍රයේ අටවැන්න තුළ රවි, කුජ, ශනි පිහිටා තිබීම ප්‍රබල හදිසි අනතුරු මාරක විපත් පවා ඇති වීමට හේතු සාධක වන පිහිටීමක් වෙනවා. තත්කාල කේන්ද්‍රයේ ගුරු 22 වන දෙර්කානාධිපතිට අයත්ව ගමන් කිරීම මත ආගමික නායකයන් වහන්සේලාට නීති ක් ක්ෂේත්‍රයේ අයට මෙන්ම රටේ ආර්ථික නැතත්වයේ ගැටලු ද ඇති වන පුවත් ද ඔබට අසන්නට ලැබෙනවා. මෙරට සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ හිමි නමකගේ අපවත් වීමක් ගැන ද ඉදිරි දින කිහිපය තුළ ඔබව අසන්නට ලැබෙනවා.

කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ 10 අධිපති වෙමින් දෙවෙනි භාවය තුළ කුජ ගෝචර වෙනවා. මුදල් තැන්පත් කරන ස්ථාන, බැංකු යන ස්ථාන වල ගැටලු, බාධක පෙන්නුම් කරනවා. රජයේ තනතුරු දැරූ අයට වයෝවෘද්ධ දේශපාලඥයන්ට යහපත් නැත. දූෂිත ක්‍රියා වල ප්‍රබල වර්ධනයක් ද දැක ගත හැකියි. ප්‍රබල රටක (බටහිර) ප්‍රබල නායකයකුට විපතක් ද ඇති වන බව පෙන්නුම් කරනවා.

ඒ අනුව කුජගේ මීන රාශිගත වීම ලග්න 12ට බලපාන ආකාරය කෙසේ දැයි බලමු.

මේෂ ලග්නය

මේෂ ලග්න ඔබ කේන්ද්‍රයේ ලග්නාධිපති වෙමින් 12 වෙනි භාවය තුළ කුජ ගෝචර වේ. තරමක් ආවේගශීලී ගනි ඔබ තළින් දැක ගත හැක. ඔබ විදෙස් ගත වීමට බලාපොරොත්තු වෙන් සිටි අයෙක් නම් තමාගේ බලාපොරොත්තු සඵල වීමක් ද පෙන්නුම් කරයි. යම් යම් අසනීප තත්ත්ව හේතු කොටගෙන රෝහල් ගතව ප්‍රතිකාර කිරීමට පවා සිදු වන කාලයක් ද වේ. එමෙන්ම පපුව, පෙණහලු ආශ්‍රිත අසනීප තත්ත්ව ඒමට පිළිවන.

වෘෂභ ලග්නය

වෘෂභ ලග්න ඔබ කේන්ද්‍රයේ හත අධිපති වෙමින් එකොළොස්වැන්න තුළ කුජ ගෝචර වේ. හවුල් ව්‍යාපාර වලින් වාසි ඔබට ඇති කරයි. විවේක ගතිය අඩු විය හැකි කාලයක් ද වේ.

මිථුන ලග්නය

මිථුන ලග්න ඔබ කේන්ද්‍රයේ එකොළහ අධිපති වෙමින් දහවැන්න තුළ කුජ ගෝචර වේ. එඩිතර තීන්දු ගන්නා කාලයක් ද වේ. එමෙන්ම ඔබට උසස් රැකියාවල් ලැබීමට පවා භාග්‍ය පවතින අතර ඉවසීම අඩු කරයි.

කටක ලග්නය

කටක ලග්න ඔබ කේන්ද්‍රයේ යෝග කාරක ග්‍රහයා වෙමින් භාග්‍යස්ථාන ගනව හෙවත් නව වැන්න තුළ කුජ ගෝචර වේ. ඔබට පෙර පින මතුවිය හැකි කාලයක් ද වේ. ලැබීම් සහිනයි.

සිංහ ලග්නය

සිංහ ලග්න ඔබ කේන්ද්‍රයේ 4 අධිපති වෙමින් අටවැන්න තුළ කුජ ගෝචර වේ. තමාගේ තත්ත්වයට, කීර්ති නාමයට හානි ඇති වන පුවත් අසන්නට ලැබිය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. ලැබීම සහිතයි. අධ්‍යාපනයේ නියැලී සිටි දරුවන්ට තරග ජය ලැබිය හැකි කාලයක් ද වේ. එමෙන්ම පපුව, පෙණහලු ආශ්‍රිත ගැටලු ඇති වීමට ඉඩ තිබේ.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්න ඔබ කේන්ද්‍රයේ අට අධිපති වෙමින් හත්වැන්න තුළ කුජ ගෝචර වේ. වියදම් අධික වන කාලයකි. නරමක් ආවේගශීලී ගති ඔබ තුළින් දැක ගත හැක. විවාහ වී සිටින අයෙක් නම් අඹු සැමි ගැටලු පවා ඇති වීමට ඉඩ පවතික කාලයක් ද වේ.

තුලා ලග්නය

තුලා ලග්න ඔබ කේන්ද්‍රයේ 2 සහ 7 අධිපති වෙමින් කුජ ග්‍රහයා හයවැන්න තුළ ගෝචර වේ. ඔබගේ වැය පස අධික වන දින 39 කි. රැකියාවේ මානසික පීඩා ඇති වන බවක් ද පෙනේ. සතුරු කරදර ඇති වේ. උදරගත අසනීප ඇති වීමට පිළිවන.

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්න ඔබ කේන්ද්‍රයේ ලග්නාධිපති වෙමින් විද්‍යාස්ථාන ගතව හෙවත් පස්වැන්න තුළ කුජ ගෝචර වේ. ලැබීම් සහිනයි. 11 අධිපති රවි විද්‍යාස්ථානයේ ගමන් කිරීම මත අධ්‍යාපනයේ නියැලී සිටි දරුවන්ට උනන්දුව ඇති විය හැකි කාලයකි. අඹු - සැමි ගැටලු ප්‍රබලව ඇති කරයි.

ධනු ලග්නය

ධනු ලග්න ඔබ කේන්ද්‍රයේ පහ අධිපති වෙමින් හතර වැන්න තුළ කුජ ගෝචර වේ. ඔබගේ ඉක්මන්කම හේතුවෙන් ඔබට පාඩු විය හැකි කාලයකි. අට අධිපති දහවැන්න තුළ ගමන් කිරීම හේතුවෙන් රැකියාවේ ව්‍යාකූල ගති ඇති කරයි.

මකර ලග්නය

මකර ලග්න ඔබ කේන්ද්‍රයේ බාධක ග්‍රහයා වෙමින් හයවෙනි භාවය තුළ කුජ ගෝචර වේ. ඔබට බාල සහෝදරයන්ගෙන් උදව් ඇති වන කාලයකි. වාහනයක් ලබාගැනීමට හිත යොමු වන කාලයක් ද වේ. විවාහ වී නොමැතිව සිටි අෂයෙක් නම් මංගල යෝග ඇති විය හැකි කාලයක් ද වේ. පෙර පින මතු විය හැකි කාලයක් ද වේ.

කුම්භ ලග්නය

කුම්භ ලග්න ඔබ කේන්ද්‍රයේ දහය අධිපති වෙමින් දෙවෙනි භාවය තුළ කුජ ගෝචර වේ. ඔබගේ තැන්පත් ධනයේ වර්ධනයක් ඇති කරයි. රැකියාවේ ඔබට ආවේගශීලී ගති මතුවිය හැකි කාලයක් ද වේ.

මීන ලග්නය

මීන ලග්න ඔබ කේන්ද්‍රයේ ලග්නගතව කුජ ගෝචර වේ. ඔබ කෙලින් තීන්දු තීරණ ගන්නා කාලයකි. හත අධිපති දොළොස්වැන්න තුළ සංයෝග වීම හේතුවෙන් සබඳනා දෙදරීම් මෙන්ම විවාහ ජීවිතයේ ගැටලු ඇති වන කාලයකි. ඔබ විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටි අයෙක් නම් ඒ සඳහා බලපොරොත්තු සඵල වන කාලයක් ද වේ.
නැකත ජෝතිශ්‍යය පුවත්පත ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top