ඒ අනුව මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා 3 වන මට්ටමේ (රතු) නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති අතර බදුල්ල සහ රත්නපුර සඳහා 2 වන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.
එමෙන්ම කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මාතර සහ මොනරාගල සඳහා 1වන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.