ඩේවිඩ් සලේගේ මෙම කෘතිය විනිසුරුවන් විසින් විස්තර කර ඇත්තේ, "අසාමාන්‍ය" සහ "ඉතා විශේෂ කෘතියක්'' ලෙසයි.
'Flesh', හංගේරියානු වතු නිවාස යායක සිට ලන්ඩනයේ අතිශය ධනවතුන්ගේ ලෝකය දක්වා තම ජීවිතයේ විවිධ අවධීන් හරහා ගමන් කරන ආකර්ශනීය මිනිසෙකුගේ කතාව ලෙස එය හැදින්වීමට පුළුවන.
ත්‍යාගය දිනා ගැනීමෙන් පසුව ඩේවිඩ් විදෙස් මාධ්‍ය හමුවේ සඳහන් කර තිබුණේ, තමා මදක් මවිතයට පත්වූ බවයි.
ඩේවිඩ් සලේගේ හයවන නවකතාව වන 'Flesh' වන අතර , ඔහු මීට පෙර 2016 දී තවත් ගවේෂණයක් වන All That Man Is වෙනුවෙන් බුකර් ත්‍යාගය සඳහා නම් කර තිබුණා.
බුකර් ත්‍යාග ප්‍රදානෝත්සවය, ලන්ඩනයේදී පැවැත් වූ අතර 'Booker Prize' යනු එක්සත් රාජධානියේ වඩාත්ම කීර්තිමත් සම්මානයක් වන අතර එය ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද නවකතා සඳහා විවෘත වේ.