රත්රන් යනු ගැඹුරු පතල්වල හෝ ගංගා පත්ලෙන් පමණක් සොයාගත හැකි හෝ සඟවා තැබිය හැකි ලෝහයක් ලෙස සිතුවද, එය කිසිසේත්ම නොසිතූ අතිශයින් අනපේක්ෂිත ස්ථානවල පවා පවතින බව මෑත සොයාගැනීම්වලින් හෙළි වී තිබෙනවා.
මිහිමත දැනට පවතින ආර්ථිකමය වටිනාකම් අතින් ඉදිරිපෙළෙහි සිටින රත්‍රන් ලෝහය, ධනය පිළිබඳ සංකේතයක් වීමට අමතරව,ස්වභාවධර්මයේ සහ ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක්.
මෙම විස්මිත ස්ථාන අතරින් කිහිපයක් විශේෂඥයින් අනාවරණය කර තිබුණා.
මානව ශරීරය තුළ රත්තරන්
විශ්වාස කිරීමට අපහසු වුවත්, රත්තරන් මිනිස් සිරුර තුළ ද සොයාගත හැකි බවයි පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ. සිරුර තුළ ආසන්න වශයෙන් මිලිග්‍රෑම් 0.2 ක රත්රන් අඩංගුයි. මෙම රත්තරන් රුධිරය පුරා විසුරුවා හරින අතර විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණය කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. විශේෂයෙන්ම, මෙම ලෝහය සන්ධි සෞඛ්‍යය සහ ස්නායු සම්බන්ධතා නියාමනය කරන සෛල තුළ දක්නට ලැබෙන බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.
සාගර ජලය සහ අහසින් වැටෙන පාෂාණ
සාගරවල දියවී ඇති රත්තරන් ප්‍රමාණය ටොන් මිලියන 20 ක් පමණ වුවද, ලාභදායී ලෙස නිස්සාරණය කිරීමට නොහැකි තරම් තනුක වී තිබෙන බව සඳහන්. රත්තරන් නැවත ලබා ගැනීමේ ක්‍රම දියුණු කිරීමට ශතවර්ෂ ගණනාවක් තිස්සේ උත්සාහ කළද, පිරිවැය තවමත් ඉතා ඉහළ මට්ටමක පවතිනවා. කෙසේ වෙතත්, මුහුදේ පවතින ‘දියර රත්තරන්’ පිළිබඳ අදහස ගවේෂකයන් සහ විද්‍යාඥයන් තවදුරටත් පර්යේෂණ කිරීමට කැමති මාතෘකාවක්.
ඊට අමතරව, උල්කාපාත මගින් පෘථිවියට රත්තරන් ගෙන එනු ලබන අතර, අපේ පෘථිවියේ රත්තරන් බොහොමයක් මීට වසර බිලියන ගණනකට පෙර මෙම ආකාරයෙන් පැමිණි බව විද්‍යාඥයෝ විශ්වාස කරනවා. සමහර ග්‍රාහකවල විශාල ප්‍රමාණවලින් වටිනා ලෝහ අඩංගු වන අතර, එය අනාගත සම්පතක් ලෙස අභ්‍යවකාශ පතල් කැණීම කෙරෙහි ඇති උනන්දුව වැඩි කරනවා.
ගිනිකඳු සහ ශාක
භූතාපජ ක්‍රියාවලීන් හරහා ගිනිකඳු මගින් විශාල වශයෙන් රත්තරන් නිපදවිය හැකියි. මෙම ක්‍රියාවලියේදී, උණු ජලය භූගතව ඇති ලෝහ විසුරුවා හරින අතර පසුව ඒවා මතුපිටට ආසන්නව අවක්ෂේප කර රත්රන් බහුලව නිර්මාණය කරනවා. නවසීලන්තය වැනි රටවල් මෙම ගිනිකඳු රත්තරන් ප්‍රභවයන්ගෙන් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිලාභ ලබා ඇති බව සඳහන්.
යුකැලිප්ටස් සහ නෝර්වේ ස්පෘස් වැනි ශාකවල ක්ෂුද්‍ර රත්රන් අංශු සොයා ගත හැකියි. මෙම ශාක තම මුල් හරහා පසෙන් මෙම රත්තරන් අවශෝෂණය කරනවා. මුල් රත්රන් දරණ පාෂාණවලට මුහුණ දෙන විට මෙම ක්‍රියාවලිය සිදු වන අතර, ශාකය එහි වාහක පද්ධතිය හරහා කුඩා රත්රන් අංශු ප්‍රවාහනය කර ඒවා කොළවල ගබඩා කරනවා. මෑත අධ්‍යයනවලින් පෙනී යන්නේ ක්ෂුද්‍ර ජීවීන් පවා රත්තරන් නැනෝ අංශු බවට පරිවර්තනය කිරීමට සහ ශාක පටක තුළ අගුළු දැමීමට උපකාරී වන බවයි. කෙසේ වෙතත්, විශාල පරිමාණයේ පතල් කැණීම් සඳහා මෙම ශාකමය ක්‍රියාවලිය ආර්ථික වශයෙන් වැදගත් වන්නේ නැහැ.
රත්තරන් යනු හුදෙක් භූගතව සිරවී ඇති වස්තුවක් නොව, ජීව විද්‍යාත්මක පද්ධති, සාගර සහ පෘථිවියට පිටතින් ඇති පාෂාණ තුළ පවා විහිදෙන මූලද්‍රව්‍යයක් බව මෙම සොයාගැනීම් අවධාරණය කරන බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.