සිනමා සක්විත ගාමිණී ෆොන්සේකා වගේම පුංචි තිරයේ අහිංසකාවිය නදීකා ගුණසේකර එදා රිදී තිරයේ රංගනයෙන් පණදුන් ඒ චරිත ද්විත්වය අද නවුමු අත්දැකීමක් සමගින් පුංචි තිරයට ගෙන එන්නේ දෙව්මි සත්සරණි සමඟින් පුබුදු චතුරංගයි.
1981 දී නිෂ්පාදනය වූ, " චංචල රේඛා" යනු එදත්, අදත් ජනප්‍රිය ගීත කිහිපයක් අන්තර්ගත වූ සම්මානිත ජනප්‍රිය චිත්‍රපටයක්. මෙම ටෙලිනාට්‍යය එම චිත්‍ර පටය මුලික කරගෙන නිර්මාණය කර ඇති අතර, මෙම ටෙලිනාට්‍යය පවුල් සම්බන්ධතා, ආදරය, ගම ජීවිතය සහ අධිකාරිය හා දුප්පත් ජනතාව අතර ඇති බල ගැටුම ආශ්‍රිතව ගොඩනගා තිබෙනවා.
නංගී චුටී හා ඇයගේ අයියා සිරිසේනගේ ආදරය හා පරස්පර ආරක්ෂාට කතාවේ මුලික අරමුණයි. සිරිසේන ගොවිතැනට කැපවී ගමේ ජනතාවට උදව් කරන නමුත් දුෂිත ගම නායකයා වන ලොකු රාළහාමි සහ ඔහුගේ පුතා පොඩි මහත්තයාගේ බලපෑම් මඟින් ගැටුම මතුවෙනවා.
ආදරය, වංචා, බලගැටුම් හා අධිකාරියට එරෙහි සටන තුළ චුටි සහ සිරිසේන විශාල අභියෝගයන්ට මුහුණ දෙන අතර අවසානයේ සත්‍යය හා සාධාරණය ජයග්‍රහණය කරනවා. ඉතින් මේ ආදරණිය කතාව පුංචි තිරයේ රූප පෙලක් ලෙස හිරු තිරය හරහා අද සිට ඔබට සමීපවෙනු ඇතියි..