Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
03
මුළු ලෝකයටම පෙන්වූ ඔවුන්ගේ ශක්තිය.. චීනය විජයග්‍රාහී යුද ජයග්‍රහණයේ 80 වැනි සැමරුම අභිමානවත් ලෙස පවත්වයි..

- මුළු ලෝකයටම පෙන්වූ ඔවුන්ගේ ශක්තිය.. චීනය විජයග්‍රාහී යුද ජයග්‍රහණයේ 80 වැනි සැමරුම අභිමානවත් ලෙස පවත්වයි..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

චීනය ප්‍රචණ්ඩත්වයට බිය නොවන අතර කිසිවෙකුටත් නවතාලිය නොහැකි  ශ්‍රේෂ්ඨ ජාතියක් බව චීන ජනාධිපති ෂි ජින් පිං පවසනවා..


ජපන් ආක්‍රමණයට එරෙහිව චීන මහජන යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද ජයග්‍රහණය කිරීමේ 80වැනි සංවත්සරය සැමරීමේ අවස්ථාවට එක්වෙමින් චීන ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා..

1931 සිට 1945 දක්වා චීන ජනතාව ජපන් ආක්‍රමණිකයින්ට එරෙහිව තම දිවි දෙවැනි කොට වීරෝදාර ලෙසින් අභීතව සටන් කළා..

මෙම වසර 14 තුළ චීන භූමියෙන් අඩක් ජපානය විසින් ආක්‍රමණය හරහා අත්පත් කරගත් අතර මිලියන 35කට අධික හමුදා නිලධාරීන් සහ සිවිල් වැසියන්ගේ දිවි අහිමිවීම් සහ ආබාධයන්ට ලක්වුණා..

ජපන් ආක්‍රමණයට එරෙහිව චීනය දිගු කාලයක් සටන් කරමින් ජපානය දුර්වල කිරීමටත්, දෙවන ලෝක යුද්ධය අවසාන අදියරේදී ජපානයේ පරාජය කිරීමටත් පියවර ගත්තා..

අද නැවත වරක් ඒ ඉතිහාසය යළි සිහිපත් වුණා.. චීනයේ බෙයිජිං අගනුවර පිහිටි ටියැන්ඇන්මෙන් චතුරශ්‍රය, මේ නම බොහෝ දෙනෙක්ට සුපුරුදුයි.. ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සරය සඳහා වන ප්‍රධාන සැමරුම් උත්සවය අද පැවැත්වුණේ ටියැන්ඇන්මෙන් චතුරශ්‍රයේදීයි..

මේ අවස්ථාවට, රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින්, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ඇතුළු විදේශීය රාජ්‍ය නායකයින් 26 දෙනෙකු සහ ලොව පුරා රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසකගේ සහභාගිත්වයෙන්..

දෙවන ලෝක යුද්ධයෙන් අවසානය සිහිපත් කරමින් දැවැන්ත මල් සැකසුම් දෙකක් සහ ආරාධිතයින් 50,000කට පමණ මෙවර අභිමානවත් යුද සැමරුම් පෙළපාලිය නැරඹීමට අවස්ථාව සලසමින් ටියනන්මන් චතුරස්‍රය අවට ප්‍රදේශය සූදානම් ව තිබෙනවා..

"පැහැබර අනාගතයක් උදෙසා ඉතිහාසය මතක තබා ගනිමින් දිවි පිදූවන් සිහි කර සාමය අගය කරමු" මෙවර එහි ප්‍රධාන තේමාවයි..

චීන රජයේ ආරාධනයෙන්, ඇතැම් රටවල පාර්ලිමේන්තු කථානායකවරු, නියෝජ්‍ය අගමැතිවරු, ඉහළ පෙළේ නියෝජිතයෝ, ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන් සහ හිටපු දේශපාලනඥයින් ද ඊට එක්ව තිබුණා..

ඊට අමතරව, චීනයේ සිටින විදේශ තානාපතිවරු සහ හමුදා අනුයුක්ත නිලධාරීන්, චීනයේ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතවරුන් මෙන්ම, රුසියාව,ඇමරිකාව සහ ප්‍රංශය ඇතුළු රටවල් 14 ක නියෝජිතවරුන් පිරිසක් ද එක්වූ බවයි වාර්තාවන්නේ..

එමෙන්ම චීන ජනපති ෂි ජින් පිං, රුසියානු ජනපති ව්ලැද්මිර් පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් යන න්‍යෂ්ටික බලය හිමි බටහිර විරෝධි රාජ්‍ය නායකයින් තිදෙනෙකු පළමුවරට මෙවැනි උත්සවයක එකට දැකීමට ලැබීමත් විශේෂයක් වනවා..

එමෙන්ම උතුරු කොරියානු නායකයෙක් 1959 න් පසුව මෙවර චීන හමුදා පෙළපාලියක් සඳහා එක්වීමද විශේෂයි..

80 වැනි විජයග්‍රාහි යුද සැමරුම් උත්සවය අමතමින් චීන ජනපතිවරයා සඳහන් කරන්නේ චීනය ප්‍රචණ්ඩත්වයට බිය නොවන ශ්‍රේෂ්ඨ ජාතියක් බවයි.. චීන ජනාධිපති, ෂි ජින් පිං මේ අවස්ථාවට එක්වෙමින් කියා තිබුණේ මෙන්න මේ වගේ යමක්..

"ඉතිහාසය අපට අනතුරු අඟවන්නේ, මනුෂ්‍ය වර්ගයාගේ ඉරණම එකිනෙකට සමීපව බැඳී ඇති බවයි. ජාතීන් සහ ජනතාව එකිනෙකාට සමාන ලෙස සැලකීම, සහයෝගයෙන් ජීවත්වීම සහ එකිනෙකාට සහයෝගය දැක්වීම තුළින් පමණක් අපට පොදු ආරක්ෂාව රැක ගැනීමට සහ යුද්ධයේ මූලික හේතු ඉවත් කිරීමට හැකි වනවා. ඉතිහාසයේ ඛේදවාචකයන් නැවත ඇති වීමට අප ඉඩ ලබා නොදිය යුතුයි. චීන ජාතිය ප්‍රචණ්ඩත්වයට බිය නොවන, ස්වාධීනව සහ ශක්තිමත්ව සිටින මහා ජාතියක් වනවා. අතීතයේදී, සාධාරණත්වය සහ දුෂ්ටකම, ආලෝකය සහ අන්ධකාරය, ප්‍රගතිය සහ ප්‍රතිගාමීත්වය අතර ජීවිතය සහ මරණය පිළිබඳ අරගලයකට මුහුණ දුන් විට, චීන ජනතාව එක්සත්ව නැගී සිට, රටේ පැවැත්ම, ජාතියේ පුනර්ජීවනය සහ මානව සාධාරණත්වය වෙනුවෙන් සටන් කළා...

මානව වර්ගයා සඳහා පොදු අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමට සියලු රටවල ජනතාව සමඟ එක්ව කටයුතු කරනවා..

චීනයේ මහජන විමුක්ති හමුදාව සෑම විටම පක්ෂයට සහ ජනතාවට සම්පූර්ණයෙන්ම විශ්වාසය තැබිය හැකි වීරෝදාර බලවේගයක් වී ඇති අතර සියලුම නිලධාරීන් සහ සෙබළුන් තම පූජනීය යුතුකම් විශ්වාසවන්තව ඉටු කළ යුතුයි.."

ලෝක මට්ටමේ හමුදාවක් ගොඩනැගීම වේගවත් කළ යුතුයි, ජාතික ස්වෛරීත්වය, සමගිය සහ භෞමික අඛණ්ඩතාව අධිෂ්ඨානශීලීව ආරක්ෂා කළ යුතුයි, චීන ජාතියේ මහා පුනර්ජීවනය සාක්ෂාත් කර ගැනීම සඳහා ශක්තිමත් උපායමාර්ගික සහයෝගයක් ලබා දිය යුතුයි, ලෝක සාමය සහ සංවර්ධනය සඳහාද විශාල දායකත්වයක් ලබා දිය යුතුයි
චීන ජාතියේ මහා පුනර්ජීවනය නතර කළ නොහැකි අතර, මානව සාමය සහ සංවර්ධනය පිළිබඳ උතුම් අරමුණ නිසැකවම ජය ගනු ඇති බවත් ඔහු මෙහිදි ප්‍රකාශ කරනවා...

අනතුරුව චීන ජනපතිවරයා විසින් ලොවට සිය යුදමය ශක්තිය සහ චීනයේ නව යුද තාක්ෂණයෙන් ලොව ජයගෙන ඇති අයුරු දැක්වෙන අභිමානවත් හමුදා පෙළපාලිය නැරඹිම සඳහාද එක්ව තිබුණා..

මෙවර සැමරුම් උත්සවය වෙනුවෙන් චීනය සංවිධානය කළ හමුදා පෙළපාලිය එරට ඉතිහාසයේ සංවිධානය කළ විශාලතම හමුදා පෙළපාලිය ද වනවා..

මෙහිදි චීනයේ නිෂ්පාදිත දැවැන්ත දිය යට යුද මෙහෙයුම් සිදුකිරිම සඳහා යොදාගන්නා ටෝර්පිඩෝවේ සිට ඩ්‍රෝන යානා බිම හෙළිය හැකි අති නවීන ලේසර් අවි දක්වා නවතම යුද අවි ප්‍රදර්ශනය කෙරුණා..

චීන මහජන විමුක්ති හමුදාව විසින් සිදුකරනු ලබන පුළුල් හමුදා නවීකරණ වැඩසටහන යටතේ එක්සත් ජනපදය අභිබවා යමින් ඇතැම් අවි ආයුධ නිෂ්පාදනය කර ඇති බවයි යුද විශ්ලේෂකයින් පවසන්නේ..

එහිදි ශබ්දයේ වේගය මෙන් පස්ගුණයකට වැඩි වේගයකින් ගමන් ගනු ලබන හයිපර්සොනික් මිසයිල ප්‍රධාන තැනක් ගනු ලබනවා..

එමෙන්ම චීනය විසින් කෘත්‍රිම බුද්ධිය සහ ස්වයංක්‍රීය අවි සඳහා විශාල ආයෝජනයක් සිදුකර ඇති අතර උදාහරණයක් ලෙස AJX002 නැමති යොද න්‍යෂ්ටික බලයෙන් සමන්විත ඩ්‍රෝන යානයද මෙහිදි අනාවරණය කෙරුණා..

මෙම පෙළපාලියේදී තවත් අවධානයකට ලක්වු යුද අවියක් වනුයේ ''Guam Killer'' ලෙස අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඩොංෆොන්ග් -26D මිසයිලයයි..

මෙම අන්තර්මහද්විපික මිසයිලය හරහා පැසිෆික් සාගරයේ පිහිටි ඕනෑම යුද කඳවුරකට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතිනවා..

චීන ජනපතිවරයා විසින් සිය මහජන විමුක්ති හමුදාවේ නවීනතම යුද අවි නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව යුද සැමරුම නිමාවට පත්වුණා..

සාමය වෙනුවෙන් සාමයේ සංකේතය ලෙස හඳුන්වනු ලබන පරවියන් දහසක් මෙහිදි නිදහස් කරනු ලැබු අතර ඉන් චීනයේ 80 වැනි යුද ජයග්‍රහණයේ සැමරුම නිල වශයෙන් අවසන් කෙරුණා..


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top