බිත්තර මිල මේ සතියේ රුපියල් දෙකකින් ඉහළ දැමීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ඊයේ(28දා) තීරණය කර තිබෙනවා.. පැවති මිල තීරණය කළ කමිටුවේදී පියවරගෙන ඇතැයි එම සංගමයේ සභාපති සරත් රත්නායක පවසනවා..
ඒ අනුව රුපියල් 24කට තිබූ සුදු බිත්තරයක ගොවිපළ මිල රුපියල් 26ක් ලෙසත් රතු බිත්තරයක ගොවිපළ මිල රුපියල් 28ක් ලෙසත් ඉහළ ගොස් තිබුණා...
එසේම බිත්තර තොග මිල නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර තිබූ බිත්තර තොග මිල අනුව සුදු හා රතු බිත්තර පිළිවෙළින් රුපියල් 29ක් හා රු.31ක් ලෙසයි දැක්වුණේ..