Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
14
හන්දි වේදනාව, ඉදිමුම, උණ සමග රතු ලප තියෙනවනම් බලන්න ඉන්න එපා... යළි හිස ඔසවන 'චිකුන්ගුන්යා'

- හන්දි වේදනාව, ඉදිමුම, උණ සමග රතු ලප තියෙනවනම් බලන්න ඉන්න එපා... යළි හිස ඔසවන 'චිකුන්ගුන්යා'Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

චිකුන්ගුන්යා (Chikungunya) රෝගය මේ වනවිට රට පුරාම වේගයෙන් පැතිර යමින් පවතිනවා.


අපි අද මේ රෝගය ගැන දැනුවත් වෙමු.

චිකුන්ගුන්යා යනු කුමක්ද?
චිකුන්ගුන්යා යනු ඒඩිස් මදුරුවන්, එනම් ඒඩිස් ඊජිප්ටයි (Aedes aegypti) සහ ඒඩිස් ඇල්බොපික්ටස් (Aedes albopictus) යන මදුරුවන් දෂ්ට කිරීම හරහා පැතිරෙන වෛරස් රෝගයකි.

සාමන්‍යයෙන් ඒඩිස් මදුරුවන් දෂ්ට කිරීමෙන් දින 4-8 (දින 2-12 දක්වා වෙනස් විය හැක) කට පසුව රෝග ලක්ෂණ මතුවන අතර, මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ,

1 හදිසියේම ඇතිවන අධික උණ (සාමාන්‍යයෙන් 39°C ට වැඩි)
2 දරුණු සන්ධි වේදනාව (විශේෂයෙන් අත් සහ පාදවල)
3 සන්ධි ඉදිමීම
4 මාංශ පේශි වේදනාව
5 හිසරදය
6 ඔක්කාරය සහ තෙහෙට්ටුව
7 සමේ කුෂ්ඨ (skin rash)
8 නාසයේ සහ අත්වල පැහැය වෙනස් වීම

චිකුන්ගුන්යා රෝගයේ විශේෂත්වය වන්නේ, මුලින් ඇති වෙන රෝග ලක්ෂණ (එනම් උණ ,මාංශ පේශි වේදනාව) සුව වීමෙන් පසු සන්ධි වේදනාව දීර්ඝ කාලයක් පැවතීමයි.


මෙය අවම වශයෙන් මාසයක කාලයක්වත් හෝ අවුරුදු ගණනක් පැවතිය හැකිය. මේ සන්ධි වේදනාව විශේෂයෙන් වැඩිහිටි පුද්ගලයින්ට ද දරුණුව බලපානු ලැබේ.
ප්‍රතිකාර
චිකුන්ගුන්යා සඳහා නිශ්චිත හෝ විශේෂ (ප්‍රතිවෛරස් ප්‍රතිකාරයක් හෝ එන්නතක්) ප්‍රතිකාර නොමැති අතර, රෝග ලක්ෂණ සමනය කිරීම කෙරෙහි ප්‍රතිකාර සිදු කිරීමට හැකියාව ඇත.

ඔබ කළ යුත්තේ මොනවාද ?
1 -හොඳින් විවේක ගැනීම සහ ප්‍රමාණවත් ලෙස දියර වර්ග ගැනීම.
2 - වේදනාව සහ උණ පාලනය කිරීම සඳහා පැරසිටමෝල් (පැනඩෝල් යනු පැරසිටමෝල් ඖෂධයේ එක බ්‍රෑන්ඩ් එකකි) භාවිතා කිරීම.
3 - පැරසිටමෝල් වලින් සන්ධි වේදනාව පාලනය නොවන්නේ නම් NSAIDs කාණ්ඩයේ (ඉබුප්රොෆෙන් වැනි) ඖෂධ භාවිතා කිරීම අවශ්‍ය වේ. නමුත් මේ සඳහා මෙම උණ, 'ඩෙංගු උණක් නොවන බව' තහවුරු කිරීම අත්‍යවශ්‍ය වේ (හේතුව වන්නේ ඩෙංගු උන ඇතිවිට NSAIDs ගැනීම මාරාන්තික වන නිසා). එම නිසා සුදුසුකම් ඇති වෛද්‍යවරයෙක් හමුවීම අත්‍යාවශ්‍ය වේ.
4 - දීර්ඝ කාලීනව සන්ධි වේදනාව පැවතිය හොත් ඔබේ වෛද්‍යවරයා NSAIDs (ඉබුප්රොෆෙන් වැනි), ප්‍රෙඩ්නීසලෝන් (prednisilon) සහ භෞත චිකිත්සාව නිර්දේශ කළ හැකිය.
5- ඔබට ඉහත සදහන් රෝග ලක්ෂණ ඇත්නම්, කරුණාකර වහාම ඔබගේ පවුලේ වෛදවරයා හමුවන්න. රෝගය ඉක්මනින් හඳුනාගැනීමට හැකිවුනොත්, රෝග ලක්ෂණ හොඳින් පාලනය කිරීමට හැකියාව ඇත.

සංකූලතා
චිකුන්ගුන්යා රෝගය සාමාන්‍ය වෛරස් උණක් වන අතර, බොහෝ විට ස්වයං සුව වීම සිදුවෙයි. ඉතා කලාතුරකින් මාරාන්තික වීමට හැකියාවක් ඇත. විශේෂයෙන් වැඩිහිටියන්, අලුත උපන් බිළිඳුන් සහ නිදන්ගත සෞඛ්‍ය තත්වයන් ඇති පුද්ගලයින්ට මෙම බලපෑම ඇත.
චිකුන්ගුන්යා රෝගයේ සංකූලතා කීපයක් නම්,
මාස හෝ අවුරුදු ගණනක් පවතින අඛණ්ඩ සන්ධි වේදනාව
ස්නායු සංකූලතා (එන්සෙෆලයිටිස්, මෙනින්ජයිටිස්)
ඇස් දැවිල්ල
හෘද ගැටලු
වකුගඩු අකර්මණ්‍ය වීම
ආමාශ ආන්ත්‍රික ගැටළු

රෝගය වළක්වා ගත හැකිද?
ඔව් ....නමුත් තවමත් නිශ්චිත එන්නතක් නොමැති බැවින්, ඔබ අනිවාර්යෙන් මදුරුවන් දෂ්ට කිරීම් වළක්වා ගැනීම සහ මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම සිදු කළ යුතුය. මේ මගින් ඩෙංගු රෝගය පැතිරීමද පාලනය කළ හැකිය ( මොකද ලෙඩ දෙකම පතුර වන්නේ එකම මදුරුන් වීමයි.

1මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කරන්න ඔබට කළ හැකි දේ මොනවද
2සතිපතා ජල බහාලුම් (මල් පෝච්චි, බාල්දි, ටයර්) පිරිසිදු කිරීම
3ජල එකතු කරන භාජන ආවරණය කර තබන්න
4අවහිර වූ කාණු පිරිසිදු කරන්න
5ජලය එකතු විය හැකි අපද්‍රව්‍ය (හිස් ටින්, තැඹිලි කොම්බ, යෝගට් කප්) නිසි ලෙස බැහැර කරන්න
ඔබව ආරක්ෂා කරගන්නේ කෙසේද?
1-මදුරුවන් දෂ්ට කිරීම වැළකීම සඳහා මදුරු විකර්ෂක (පැඟිරි තෙල්, මදුරු විකර්ෂක ක්‍රීම්) භාවිතා කරන්න.
2-මෙම මදුරුවන් වඩාත් ක්‍රියාකාරී වන විට, විශේෂයෙන් උදේ පාන්දර සහ දහවල් කාලයේදී දිගු අත් සහිත කමිස සහ දිගු කලිසම් ඇඳීම.
3-මදුරුවන් නිවාස තුලට පැමිණීම වැලැක්වීම සඳහා හවස් වන විට ජනෙල් සහ දොරවල් වැසීම.
4-දිවා කාලයේ නිදා සිටියදී පවා මදුරු දැල් භාවිතා කිරීම.
ඔබ අසනීප නම්, ඔබගෙන් රෝගය අනිත් අයට පැතිරවීම වැළැක්වීමද, රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට අත්‍යාවශ්‍ය වේ.
මේ සඳහා රෝගය වැළඳී පළමු සතිය තුළ, තවදුරටත් මදුරු දෂ්ට කිරීම් වලින් ඔබව ආරක්ෂා කරගන්න.
රෝග ලක්ෂණ ඇති වුවහොත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න
මෑත කාලීන වර්ෂාපතනය නිසා මදුරු ගහනය වැඩි වීමත් සමඟ, අප සියලු දෙනාම සුපරීක්ෂාකාරීව සිටිය යුතුය. නිසි පූර්වාරක්ෂාවන් අනුගමනය කිරීමෙන් මෙම රෝගය වළක්වා ගත හැකි බව මතක තබා ගන්න.
ආරක්ෂිතව හා සෞඛ්‍ය සම්පන්නව සිටින්න!
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top