මගී ගුවන් යානයක හදිසි ගින්නක් හටගත් පුවතක් අද වාර්තා වුණා..
ඒ අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඔර්ලන්ඩෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළින්..
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අදාල අවස්ථාවේදී එම ගුවන් යානය තුළ මගීන් 300දෙනෙකු රැදී සිටි බවයි...
ඩෙල්ටා ගුවන් සේවයට අයත් 1213 දරණ එයාර්බස් A330 වර්ගයේ ගුවන් යානයක දකුණු පස එංජිමේ මෙම ගින්න හටගෙන තිබූ අතර, එම අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වූ ඔර්ලන්ඩෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ බලධාරීන් මගීන් යානයෙන් පිටතට ගැනීමට කටයුතු කර තිබුනු අතර, ඉන් කිසිදු මගියෙකුට කිසිදු අනතුරක් සිදුනොවූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ..
කෙසේ වෙතත් එම ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නැහැ..