මේ රෝගය ඔබටත් වැළඳිලා කියලා සමහරවිට ඔබ නොදන්නවා වෙන්නත් පුළුවන්.. ඒ විතරක් නෙවෙයි, ඖෂධවලටම පමණක් සීමා නොවී සමහර වෙලාවට අපට යම් යම් රෝග මර්දනය කරගන්න පුළුවන් කියලා ඔබ අසා ඇති..
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් එක් කතාවක්.. අද වෙනකොට දියවැඩියාව කියන්නේ ඉතාම සුලබ රෝගයක් වෙලා.. දියවැඩියාව සියලු පුද්ගල මායිම් සිඳ බිඳ දමා අවසානයි මේ වෙනකොට. බටහිර වෛද්‍ය විද්‍යාවෙන් දියවැඩියාව ජයගන්න බැරි වූ තැන අද බොහෝ දෙනෙකු ඊට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් සහන හොයාගෙන යනවා.. බොහෝ අය මං මුලා වෙනවා.. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව දියවැඩියාව පාලනය කර ගන්නේ හොඳම ක්‍රමයක් ගැනයි මේ කියන්න යන්නේ..
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව දියවැඩියාව මධුමේහය ලෙසින් හඳුන්වාදෙනවා.
ආයුර්වේද විග්රහයට අනුව මධුමේහය වැළඳීමට ප්‍රධාන කරුණු වන්නේ ආහාර. ඒ අනුව සමතුලිත නොවන ආහාර ගැනීම අධිකව ආහාර ගැනීම නිතර ආහාර ගැනීම මෙන්ම තන්තු කොටස් අඩු ආහාර ගැනීමද දියවැඩියාවට හේතුවන බව ආයුර්වේද විග්රහයේ සඳහන්.
අකල්හි නින්ද ලැබිම, සීමාව ඉක්මවා ගිය මානසික ආතතිය වැනි කරුණු රැසක් මේ ගණයට වැටේනවා. දියවැඩියාවට ප්‍රතිකාර ලබන රෝගීන් තම ප්‍රතිකාර සමග වැරදි විහරණ සහ ආහාර රටාවන්ගෙන් බැහැරවීමද යහපත් සෞඛ්‍යයක් පවත්වාගෙන යෑමට බොහෝ සේ ඉවහල් වෙන බව මතක් කරන්න ඕන .ඒ අතරට දියවැඩියාව හෙවත් මධුමේහය පාලනය කරනු වස් එදිනෙදා ආහාර පාන ගත හැකි ශාකමය ද්‍රව්‍ය කිහිපයක් තිබෙනවා.
මෙකී ශාක කොටස් අතර වඩාත් විශේෂ ලෙස තෙබු, කෝවක්කා, මස් බැද්ද වැනි ශාක දක්වන්න පුළුවන්. එහෙත් මෙවැනි ශාක ආහාරයට ගැනීම පිළිබඳ සමාජයේ විවිධාකාර ගැටලු පැන නැගී තිබෙනවා.ඉන් පළමු වැන්න වන්නේ දියවැඩියාව වැළඳී නැති පුද්ගලයන්ට මෙවැනි ආහාර නොසුදුසු බවයි. එහෙත් සැබෑවට නම් සාමාන්‍ය පුද්ගලයෙකු වුව මෙම වර්ග ආහාරයට ගැනීම කියන තරම් ගැටලුවක් නැහැ.
නමුත් මෙම ද්‍රව්‍ය ආහාර ලෙස අප ගන්නා ආකාරය ඉතා වැදගත්. ඒ එකම ද්‍රව්‍ය එකම ආකාරයෙන් දිගු කලක් ආහාරයට ගැනීම සුදුසු නැහැ . උදාහරණයක් ලෙස ඔබ අද තෙබු කොළ මැල්ලුම ආහාරයට ගත්තේ නම් හෙට එය කැඳක් හෝ සම්බෝලයක් ලෙස ගත හැකයි. කෝවක්කාද එසේමයි. විවිධාකාරයෙන් එකම දේ ආහාරයට ගැනීම මගින් ඔබේ සෞඛ්‍ය තත්ත්වය වඩාත් හොඳින් පවත්වාගෙන යා හැකයි . එමෙන්ම මේ සියලු දේ සලාද ලෙස ආහාරයට ගැනීමද ඉතා හොඳ ක්‍රමයක්
දියවැඩියා රෝගීන් බහුතරයක් අතර ඉතා ජනප්‍රිය අත් බෙහෙතක් ලෙස කරවිල හදුන්වන්න පුළුවන්. ඇතැම් කරවිල කොටා ඉස්ම බිමට පුරුදුව සිටිනවා. එහෙත් මෙය කිසිසේත් අනුමත කරන්න බැහැ. කරවිල කිසියම් ආකාරයකින් සංස්කරණය කර ආහාරයට ගැනීම වඩාත් ඵලදායකයි.
කරවිල ඇටද දියවැඩියාවට ඉතා ප්‍රයෝජනවත් ඖෂධයක්. විශේෂයෙන්ම ඒවායේ ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා දියවැඩියාව පමණක් නොව පිළිකාවලට පවා ඔසුවක් ලෙස කරවිල ඇට යොදා ගැනෙනවා. දියවැඩියාවට ප්‍රතිකාරයක් ලෙස කරවිල කරල් සහ ඇට යොදාගැනීම බහුලව දැකගත හැකි වුවත් කරවිල කොළ සම්බන්ධව අප උනන්දුවක් නොදක්වන තරම්. එහෙත් කරවිල වැලක කොළ දියවැඩියා රෝගීන්ට වඩාත් ප්‍රයෝජනවත්.
කරවිල කොළ ඔබට කිහිප ආකාරයකින් ආහාරයට ගැනීමේ හැකියාව තිබෙනවා. ඉන් එක ක්‍රමයක් ලෙස කලවම් සලාදයකට කරවිල කොළ එක් කර ගන්න පුළුවන්. එමෙන්ම කරවිල කොළමැල්ලුමද දියවැඩියාව රෝගීන්ට ඉතා ප්‍රයෝජනවත් ආහාරයක් ලෝකයේ බොහෝ රටවල් කරවිල කොළ කුඩු කර (කැප්සියුල්) ලෙස සකසා පානය කරනවා.ශ්‍රී ලංකාවේ කරවිල කොළ කැප්සියුල් දැකගැනීමට නැති මුත් ඔබට ඉතා පහසුවෙන් ඒවා තේ ලෙස පානය කිරීමට සකසා ගන්න පුළුවන්.
ඒ සඳහා හොඳින් වැඩුණ කරවිල කොළ අවශ්‍ය පමණට තෝරා ගෙන ඒවා හොඳින් පිරිසිදු කර පවනේ වේලා ගන්න.කරවිල කොළ එතරම් විශාල පත්‍ර විශේෂයක් නොවන නිසා පහසුවෙන් විජලනය වී වේලීම සිදුවෙනවා. අනතුරුව කැමති ආකාරයෙන් කුඩුකර උණුවතුරට මුසුකර තේ වෙනුවට පානය කළ කරන්න.දිනකට මෙවැනි තේ කෝප්ප දෙක තුනක් පාවිච්චි කිරීම මගින් ඔබේ රුධිරයේ සීනි ප්‍රමාණය පැහැදිලි ලෙසම පහත දමා ගන්න පුළුවන්.
කරවිල කොළවල Polypeptider නම් ස්වාභාවික ඉන්සියුලින් විශේෂය අඩංගු වන අතර එය ඔබේ රුධිරයේ ඉන්සියුලින් ප්‍රමාණය ඉහළ දැමීමට සමත් වෙනවා. එපමණක්ද නොව කරවිල පත්‍රවල අඩංගු ප්‍රතිඔක්සිකාරක සහ වෙනත් සංඝටක නිසා අග්න්‍යාශයේ සෛල ප්‍රකෘතිමත් කිරීම සිදුවෙනවා.එමගින් අග්න්‍යාශයේ ක්‍රියාකාරිත්වය ඉහළ යෑම සිදුවන අතර එම තත්ත්වය ඔබේ ශරීරයේ ස්වාභාවික ඉන්සියුලින් මට්ටම ඉහළ දැමීමට සමත් වෙනවා. මේ සියලු කරුණු සලකා බලන කල දියවැඩියාව නොහොත් මධුමේහයෙන් නොපෙළෙන අයකුට පවා කරවිල පත්‍ර තේ ලෙසින් පානය කිරීම වාසිදායකයි.
අන්තර්ජාලය ඇසුරෙන්..