ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත සංචාරයේදී මෙතෙක් ජයග්‍රහණයක් වාර්තා කිරීමට අපොහොසත්වීම ගැන සමාව අයදින බව නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.
එංගන්ත සංචාරයේ ටෙස්ට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස පරාජය වූ ශ්‍රී ලංකා පිළ එක්දින තරගාවලිය ද තුනට බින්දුවක් ලෙස පරාජයට පත්වුණා.
සංචාරයේ අවසන් තරඟය වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය අද සදැම්ප්ටන් හිදී පැවැත්වීමට නියමිතයි.
මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගෙන් සමාව අයැද ඇත්තේ සිය ට්විටර් ගිණුමට පණිවුඩයක් එක් කරමින්.
‘‘අපේ ක්‍රීඩා විලාසය නිසා ඇතැමුන් කණ්ඩායමට වෛර කරනු ඇති. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට ආදරය කරන කණ්ඩායමක් ද සිටිනවා. ඔබව පහත හෙළීම ගැන කණගාටුයි’’
යන්න මැතිව්ස් නිකුත් කළ ප්‍රකාශයේ දැක්වෙනවා.