Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
11
පෝෂණ ගුණය නොඅඩුව කැන්දූ නිවැරදිම හත්මාළුව හැදෙන්නේ මෙන්න මෙහෙමයි...

- පෝෂණ ගුණය නොඅඩුව කැන්දූ නිවැරදිම හත්මාළුව හැදෙන්නේ මෙන්න මෙහෙමයි...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views
එදා අපේ ආහාර රටාව ගොඩක් වෙනස් වෙච්ච එකක්..

ඒ වගේමයි ඒ ආහාර වේලක් ඇතුළේ අවශ්‍ය වෙන ඔක්කොම වගේ පෝෂක කොටස් අන්තර්ගත වෙලා තිබුණා.. 

බත් සමඟ හත්මාළුව පෝෂණ සංකල්පයේ හොඳම ආහාර වේලක්... හත්මාළුව කියන්නේ අංග හතකින් යුත් සම්පූර්ණ ආහාරයක්... මෙය,

01. හොද්ද
02. ඇඹුල
03. මැල්ලුම
04. බැදුම
05. නියඹලාව
06. ගොඩමස්
07. දිය මස්

හොද්ද

පැරණි සිංහලයෝ ආහාරයට පෙර හෝ ආහාර ගන්නා අතරේ හොද්දක් පානය කිරීමට පුරුදුව සිටියහ. මේ සඳහා ධාන්‍ය වර්ග ලෙස මුං ඇට, මෑ, උඳු, කොල්ලු ආදියත්, මැල්ල කොළ, මුරුංගා කොළ, ලබු දළු ආදී කොළ වර්ගත් එකතුකර ගත්හ. මෙයට සූදුරු, කොත්තමල්ලි, ගම්මිරිස් ආදී සරත්කු (කුළුබඩු) ද්‍රව්‍යයන් එකතු කරන ලදී. කෑමට පෙර ගැනීමෙන් ආහාර රුචියත්, ආහාර දිරවීමේ පහසුවත් ඇතිවිය. තැම්බුම් හොද්දත් මෙම හොද්ද ලෙස සකස් කර භාවිතයට ගත්හ. මස් හොද්ද ද මෙයට ඇතුළත් විය.

ඇඹුල


මෙය ඇඔුල් මාළුව ලෙස ද හඳුන්වනු ලැබීය. අල කොළ ඇඹුල, දියලබු, පුහුල්, කැකිරි වැනි එළවළු වලිනුත් ඇඹරැල්ලා, බිලිං, කාමරංකා වැනි දේත් මෙම ඇඹුල් මාළුවට අයත් වුණා. දියලබු, පුහුල්, කැකිරි, පිපිඤ්ඤා සකස් කිරීමේදී ගොරකා කැබැල්ලක් එකතු කරන ලදී. ඇඹුල්තියල් කරන ලද මාළු ද මෙයට අයත් විය.

නියඹලාව


සහල්, පොල්, ගම්මිරිස්, අබ, හීන්දුරු අඹරා එයට පුහුල්, කැකිරි, මුං ඇට, මෑ ඇට, කොල්ලු, මියන දළු, කැරම් දළු, මැඩ දළු, ගස්ලබු, කෙසෙල් බඩ ආදී ද්‍රව්‍ය වලින් එක් ද්‍රව්‍යයක් යොදා නියඹලාව සකසා ගනී.

කෙසෙල් බඩ නියඹලාව

• අළු කෙසෙල් බඩ කැබැල්ලක්
• පැසුණු ගස්ලබු ගෙඩි 01 ක්
• රතු ළූණු 15g ක්
• සුදුළූණු බික් 04 ක්
• හාල් මේස හැඳි 01 ක්
• උළුහාල් තේ හැඳි 01 ක්
• අබ, ගම්මිරිස් ස්වල්පයක්
• අමුමිරිස් කරල් 05 ක්
• ගා ගත් පොල් මේස හැඳි 01 ක්
• රම්පේ, කරපිංචා, කුරුඳු ස්වල්පයක්
• දියකිරි කෝප්ප 02 ක්
• මිටිකිරි කෝප්ප 01 ක්
• ලුණු අවශ්‍ය ප්‍රමාණයට
• කහ ස්වල්පයක්
• උම්බලකඩ කුඩු තේ හැඳි 02 යි

සාදන ක්‍රමය :-

අළු කෙසෙල් බඩය සෝදා සිහින්ව කපා ගන්න. ගස්ලබු ගෙඩිය පොතු හැර සිහින්ව කපා ගන්න. හාල්, පොල්, අබ, සුදුළූණු, ගම්මිරිස් සිහින්ව අඹරාගන්න. කපාගත් අළු කෙසෙල් බඩ හා ගස්ලබු භාජනයකට දමා අඹරා ගත් ද්‍රව්‍ය ටික එයට කලවම් කරන්න. දිය කිරි එකතු කර ලිප තබන්න. පසුව මිටි කිරි එකතු කරන්න. කිරි පැසුන පසු ලිපෙන් බාගන්න. මෙය අර්ශස්, මළ්බද්ධය වැනි අවස්ථා සඳහා ගුණ දේ. අන්ත්‍ර පිරිසිදු කරයි.

මැල්ලුම

මෙය ගමේ බත් පතේ විශේෂ අංගයකි. පොල් මැල්ලුම, කොස්, ගැට කොස්, අටු කොස්, දෙල් අටු කොස්, කෙසෙල් මුව, තිබ්බටු, පලා කොළ වර්ග, ළපටි ගස්ලබු, දිය බෙරලිය, දිය හබරල ආදිය මැල්ලුම් සකස් කිරීමේදී යොදා ගත්හ.

කෙසෙල් මුව මැල්ලුම

• කෙසෙල් මුව 01
• අවශ්‍ය ප්‍රමාණයට ගා ගත් පොල්
• රතුළූණු 20g ක් සුදු ලූණු බික් 02 ක්
• අමු මිරිස් කරල් කිහිපයක්
• කහ, ලුණු අවශ්‍ය පමණ
• උම්බලකඩ තේ හැඳි 01 ක්

සාදන ක්‍රමය :-

කෙසෙල් මුව සිහින්ව ලියා ගන්න. අනෙක් ද්‍රව්‍ය පොල් සමඟ අඹරා කෙසෙල් මුව සමඟ මිශ්‍රකර භාජනයක් ලිප තබා එයට දමා රත්කර ගන්න. හොඳින් මැලවුණු පසු ලිපෙන් බා දෙහි යුෂ එකතු කර කෑමට ගන්න.

බැදුම


බැදුම් වර්ග ආකාර 02 කි.

01. කබලේ බැදීම
02. තෙලේ බැදීම (තෙලට දැමීම, ගැඹුරු තෙලේ බැදීම)

කරකොළ, මුරුංගා කොළ, මැල්ල කොළ, අල වර්ග, ගෙඩි වර්ග, කොස් ඇට, තිබ්බටු, කෙසෙල් මුව, මස් හා මාළු වර්ගත් බැදුමක් ලෙස සකස් කර අපේ පැරැන්නන් ආහාරයට ගත්හ.

ගොඩමස්


දඩයම් කරගත් සතුන්ගේ මස් ද ඇතැම් අය විවිධ හතු වර්ග ද ගොඩමස් සේ ආහාරයට එකතු කර ගත්හ.

දියමස්

කරදිය හා මිරිදිය මාළු වර්ග විවිධ ආකාරයට සකස් කර ආහාරයට එකතු කළහ. මෙම හත්මාළුව අංග සම්පූර්ණ ආහාර වේලක් විය.

නවීන හත් මාළුව හැදෙන්නේ මෙන්න මෙහෙමයි.. ඒකට අවශ්‍ය වෙන්නේ,

01. කිරි කජු
02. කොස් ඇට
03. ලබු දළු හෝ වට්ටක්කා දළු
04. දඹල හෝ අවර
05. බතල හෝ ඉන්නල
06. තැල් කොළ හෝ කූරතම්පල, මුකුණුවැන්න
07. අළු කෙසෙල් හෝ මෝන්දම්

මේ සියල්ල එකට යොදා, කුළුබඩු පොල් කිරි යොදා ව්‍යාංජනයක් සේ සකස් කර ආහාරයට යොදාගන්න පුළුවන්...



..මුහුණුපොත ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top