හිටපු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය, අභාවප්‍රාප්ත රොනී ද මැල්ට අයත් දෙවිනුවර, 103 කණුව ඉදිරිපිට පිහිටා තිබූ නිවසට ඊයේ රාත්‍රියේදී ඇතුළු වූ සොරුන් කණ්ඩායමක් එහි වටිනා භාණ්ඩ හා දේපළ රැසක් සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසනවා.
මේ සම්බන්ධයෙන් දෙවිනුවර නිවසේ මුරකරු විසින් ගන්දර පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර ඇති අතර, රොනී ද මැල් මහතාගේ පෞද්ගලික ලේකම් කේ.එච්.විල්ෆ්‍රඩ් මහතා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙතද පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව ගන්දර පොලීසියට අමතරව, පොලිස්පති විශේෂ නියෝගය මත තවත් පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.
අභාවප්‍රාප්ත රොනී ද මැල් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකර මේ වන විට ගතව ඇත්තේ සතියක කාලයකි.