මහමග යනකොට ඔබේ ආරක්ෂාව වගේම මහජනයාගේ ආරක්ෂාව ගැනත් දෙපාරක් හිතන්න ඕන..
මේ කියන්න යන්නේ ගතවූ පැය 24 තුළ වාර්තා වුණ තවත් අනතුරු ගැන කතාවක්..
ගතවූ පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මාරක රිය අනතුරු 07ක් වාර්තා වූ බව පොලිසිය පවසනවා.
එහිදී එම අනතුරුවලින් පුද්ගලයින් 07දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.
ඊයේ (04) උදෑසන ඇල්ල - හාලිඇල, බෙරගල මාර්ගයේදී මිල්ලගම හන්දිය අසලදී බදුල්ල දෙස සිට බණ්ඩාරවෙල දෙසට ධාවනය කළ වෑන් රථයක් පදික මාරුවේ ගමන් කළ පුද්ගලයෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.
එම අනතුරෙන් වයස අවුරුදු 89ක් වූ කන්දෙකුඹුර, හෙල හල්පේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එමෙන්ම, නවගමුව - කොරතොර, වදුරම්මුල්ල මාර්ගයේ කෝන්ගහහේන ප්‍රදේශයේදී කොරතොට දෙස සිට වදුරම්මුල්ල දෙසට ධාවනය කළ ත්‍රිරෝද රථයක් පදික මාරුව මතින් ගමන් කළ කාන්තාවකගේ ගැටී වයස අවුරුද් 55ක්වූ කොරතොට, කඩුවෙල පදිංචි කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
බෙලිඅත්ත - තංගල්ල මාර්ගයේද ඊයේ රාත්‍රියේ සිදුවූ අනතුරකින් වයස අවුරුදු 75ක සිටිනාමළුව පදිංචි පුද්ගලයෙකුද, පිටකොටුව - බැස්ටියන් මාවත ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 74ක දෙහිවල පදිංචි පුද්ගලයෙකුද ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
එමෙන්ම, කලවංචිකුඩු - එරුවිල් කළපුව අසලදී යතුරුපැදියක් එහි පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් වයස අවුරුදු 20ක් වූ එරුවිල්හි පදිංචි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
ලොරි රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුරුව ත්‍රිරෝද රථය මාර්ගයේ පෙරලීයාමෙන් කොළඹ - මඩකළපුව මාර්ගයේ හිහ්ගහහේන ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ අනතුරක් සිදුවී තිබෙනවා.
එම අනතුරෙන් ත්‍රිරෝද රථයේ පසුපස ගමන්කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, මරණකරු කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.
එමෙන්ම පාදෙනිය - අනුරාධපුර මාර්ගයේ තලාව ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් යතුරුපැදියක පිටුපස ගමන්කළ වයස අවුරුදු 46ක් වූ ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.