දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ කොට්ටාව අතර ලොරි රථ දෙකක් ගැටීමෙන් අද අලුයම සිදු වූ අනතුරින් පුද්ගලයෙකු මිය ගොස් තිදෙනකු තුවාල ලබා තිබෙනවා.
අනතුරින් මියගොස් ඇත්තේ ලොරි රථයේ රියදුරු ලෙස කටයුතු කළ රත්ගම ගනේගම කපුහේන වත්ත පදිංචිව සිටි කමල් සොයිසා නැමැති 55 හැවිරිදි පුද්ගලයෙක්.
පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණය වෙත මාළු මිලදී ගැනීම සඳහා රත්ගම සිට යමින් සිටියදී අද අලුයම 2 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.
හම්බන්තොට සිට කුරුණෑගල දක්වා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරිය කොළඹ දෙසට ඉදිරියෙන් ධාවනය වීමේදී අනෙක් කුඩා ලොරිය පිටුපසින් පැමිණ සිමෙන්ති ලොරියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.