අම්මා කෙනෙක් කියන්නේ තමන්ගේ දරුවන් වෙනුවෙන් අපමණ කැපකිරීම් කරන මේ ලෝකේ හොඳම, විශ්වාසම සෙනෙහෙබරම කාන්තාව.
ඉතිං අම්මා කෙනෙක් තමන්ගේ දරුවා වෙනුවෙන් නොකරන දෙයක් නැහැ. ඒ වගේ අම්මා කෙනෙක් තමන්ගේ පුංචි දරුවට කන්න දෙන්න දෙයක් නැති නිසා බිත්තර පහක් හොරකම් කරලා.
මේ සිද්ධිය ඇමරිකාවේ ඇලබාමා ප්‍රදේශයේදී මීට අවුරුදු දෙකකට විතර කළින් සිදුවෙලා තිබුණත් දැන් ඒ කතාව අන්තර්ජාලය පුරා පැතිරෙන්න පටන් අරන්.
ඒ විදිහට බිත්තර පහක් හොරකම් කරපු ආදරණීය අම්මාට පොලිසිය දීලා තියෙන්නෙනම් අපූරු සොඳුරු දඩුවමක්.
කන්න දෙයක් නැති නිසා පුංචි හොරකමක් කරපු මේ අම්මට කඩේ අය පැමිණිල්ලක් දාලා තිබුණා.
ඉතිං ඉක්මනින්ම පොලිසිය එතනට ඇවිත්. එතනදි මේ අම්මව හිරේට දාන්නේ නැතිව ලොරි දෙකක් පිරෙන්න කෑම ජාති ගෙනත් දීලා.
ඒ සතුට මේ අම්මට දරාගන්න බැරිවුණා. අම්මගේ ඇස්වලින් කඳුලක් වැටුණේ එතන හිටපු හැමෝගෙම හිත් සංවේගයට පත්කරමින්.