ඒ පදවියට නිසි අගයක් පිරිනමන දරුවන් 4 දෙනෙක් ගැන ගාල්ල බද්දේගම පැත්තෙන් අපිට අහන්න ලැබුණා. වයස අවුරුදු 91 ක් වුණු තමන්ගේ අම්මාව බලාගන්න ඕන නිසා මේ දරුවන් හතරදෙනාම විවාහ වෙලා නැහැ.
53,58,62 හා 66 යන වයස්වල පසුවන මේ දරුවන් හතර දෙනා කියන්නේ තමන්ගේ අම්මට උපස්ථාන කරන්න නොහැකි වන බැවින් විවාහ ජීවිතේට ඇතුල් නොවෙන්න තමන් තීරණය කළා කියලයි.
මේ හතරදෙනාම වයසින් වැඩි වුණත් තාම කාටවත් රැකියාවක් නැහැ. ඒත් ඔවුන් කිසිම අඩුපාඩුවක් නැතිව හැම දුක් කඳුලක්ම විඳගෙන තමන්ගේ අම්මව ආදරෙන් බලාගන්නවා.