Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
31
බඩගින්න දරාගන්න බැරිව අම්මයි දරුවන් හතර දෙනයි දින 5ක් කරවිල කාලා

- බඩගින්න දරාගන්න බැරිව අම්මයි දරුවන් හතර දෙනයි දින 5ක් කරවිල කාලාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

635 Views

කුසගිනි දරාගත නොහැකිව දරුවන් සිවුදෙනකු සමඟ කරවිල තම්බා දින පහක් ආහාරයට ගත් මවක රෝගාතුරවී ඇළයාපත්තුව හා නොච්චියාගම යන රෝහල්වල ප්‍රතිකාර ලබා පිටව ගිය හද සසල කරවන කතාවක් සිවලාපිටිය දුණුමඩලාව ගම්මානයෙන් අසන්නට ලැබෙනවා.

ආර්. විනීතා සෙනෙවිරත්න නමැති දරිද්‍රතාවයේ පතුළටම වැටී සිටින මේ මවට මාස දෙකකුත් දින පහක් වයසැති කිරිකැටියන් දෙදෙනකු හා තවත් දරුවන් දෙදෙනකුද සිටිනවා. වැඩිමහල් දියණියගේ වයස අවුරුදු දහතුනක්. මේ දැරිය අනුරාධපුර රෝහලේදී හය වතාවක් ශ්‍රවණ ආබාධයක් සඳහා ශල්‍ය කර්මයකට ලක් කැර ඇති බවයි පැවසෙන්නේ.


දරුවන් හතර දෙනාද සමඟ කෑමට කිසිවක් නැති තැන ගෙවත්තේ තිබුණු කරවිල තම්බා ආහාරයට ගත් බව විනීතා මහත්මිය පවසන්නේ දෙනෙතට ආ කඳුළු කැට පිස දමමින්. තම ස්වාමියාටද ස්ථිර රැකියාවක් නැතිකමින් එදිනෙදා කුලී වැඩ කිරීමෙන් තම ස්වාමියා වූ ලසන්ත මහතා පවුලේ නඩත්තුව ගෙන යන බව ඇය පවසයි.

දින ගණනක් තම නිවෙසේ හාල් ඇටයක්වත් නොතිබුණු අවස්ථාවේ දරුවන් බත් ඉල්ලා වැළැපී ඇත. අහල පහළ කුලී වැඩක්වත් නොමැතිකමින් හාල් කිලෝවක් ගැනීමට පවා අපට ශක්තියක් තිබුණේ නෑ. ස්වාමියා කීවා කරන්න දෙයක් නෑ සත පහක්වත් කාගෙන්වත් ඉල්ලා ගන්න බැරි වුණා. දරුවෝ එක්ක අපට හාමතේ තමයි මැරෙන්න වෙන්නේ කියලා. ඊට පස්සේ ගෙදර වත්තේ තිබුණු කරවිල කඩලා දවස් පහක්ම අපි හය දෙනා කෑවා.

වේල් තුනක් විතර යනකොට මට ලොකු කලන්ත ගතියක් ඇති වුණා. කරන්න දෙයක් නැති හින්දා දවස් පහක් කරවිල තම්බලා කාලා අපි ජීවත් වුණා.
පස් වැනි දවසේ මට බඩයෑමක් හැදුණා. නවතියි කියලා හිතුවත් ටිකින් ටික වැඩි වූ නිසා ඇළයාපත්තුව රෝහලට ගිහින් නතර වුණා. එතැනින් නොච්චියාගම රෝහලට මාරු කෙරුවා. මම දින 12ක් රෝහලේ නතර වෙලා ප්‍රතිකාර ගත්තා. මගේ දරු පැටව් කෑම ඉල්ලලා අඬනවා. දරුවන්ට කන්න දෙන්න ශක්තියක් නෑ අපිට. අපට රජයෙන් සමෘද්ධියවත් හම්බ වෙන්නෙ නෑ. අපි වගේ අසරණයන්ට කවුරුවත් පිහිට වෙන්නේ නෑ.

කවුරුහරි ඉන්නවානම් අපේ කුසගින්න නිවන්න ඉදිරිපත් වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.

දේශපාලකයින් උදේ සිට රැය පහන්වන තුරුද බෙරිහන් මෙදන ආශ්චර්යයේ තරමයි මේ. මහ බැංකුවේ දිනෙන් දින ඉහළ යන ඒක පුද්ගල ආදායම් තත්ත්වයේ දිග පළලයි මේ....
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  719 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  3,249 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  2,770 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  3,299 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  9,767 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  780 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,513 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  8,120 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  16,870 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  7,338 Downloads



Top 10 Commenters

Latest Comments

Top