බුර්කා සහ නිකාබ් පැළඳ ඡන්දපොලට පැමිණීම තහනම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.
ඡන්දපොලට පැමිණෙන සියලුම ඡන්ද දායකයින්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා පැහැදිළිව මුහුණ පෙනෙන සේ ඇඳුම් පැළඳ සිටිය යුතු බවයි මැතිවරණ කොමිසම කියා සිටියේ.
කිසිදු හේතුවක් නිසා අනන්‍යතාව තහවුරු කරගැනීමට අපහසු, ඇඳුම් පැළදුම්, මුහුණු ආවරණ පැළඳ, ඡන්ද පොලට ඇතුලුවීමට ඉඩ නොදෙන බවද, ඒ සම්බන්ධයෙන් පොලීසියට උපදෙස් ලබාදී ඇති බවද වාර්තාවනවා.