Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
26
"එතකොට මගේ වයස අවුරුදු 10යි. මටත් හිතාගන්න බැහැ කොහොමද අදටත් මෙච්චර මතක කියලා.." - සුජානි මේනකා - Photos

- "එතකොට මගේ වයස අවුරුදු 10යි. මටත් හිතාගන්න බැහැ කොහොමද අදටත් මෙච්චර මතක කියලා.." - සුජානි මේනකා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

"ආයේ වචන දෙකක් නැහැ, මම පුංච් කාලේ ඉදලා එයාට ආදරේ කරන්නේ.."

"සතුටක් නැති මනසක් නිතරම රෝගී වෙනවා.."

සුජානි මේනකා කියන්නේ නම ඇසූ පමණින් රූපය දුටු පමණින් පමණක් නෙමෙයි කටහඩ ඇසූ පමණින් ඒ කවුද කියා හදුනා ගන්නා රංගන ශිල්පිණියක්. බිමල් ජයකොඩිගේ ආදරණිය බිරිද වුණු සුජානිව නිරන්තරයෙන්ම පුංච්  තිරයෙන් දැකගන්න ලැබෙන්නේ නැහැ. නමුත් ඉදහිට දකින නිර්මාණවලින් සුජානිට බොහෝ ප්‍රතිචාර ලැබෙනවා. ලස්සන හිනාවකින් නිරන්තරයෙන් ඉන්න උත්සහ කරන සුජානි ගැනයි මේ.


සුජානි අදටත් ඔබව බොහෝ දෙනෙක් හඳුන්වන්නේ සතෙන් සතේ රුපියලෙන් රුපියල ඇඞ් එකේ හිටපු පුංචි කෙල්ල මතකද කියලා?
ඔව්.... ඔව්.... මටත් හිතා ගන්න බෑ. මීට අවුරුදු 28කට පෙර කරපු දැන්වීමක් කොහොමද අදටත් මෙච්චර මතක කියලා. මේ වෙළෙඳ දැන්වීමට පෙනී සිටිනකොට මගේ වයස අවුරුදු 10යි.

පළමු රඟදැක්වීමකින්ම මෙතරම් ජනප්‍රිය වෙයි කියා ඔබ හිතුවාද?
මේ ඇඞ් එක නොවේ මගේ පළමු වන රඟපෑම. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ‘‘ප්‍රාර්ථනා’’ කියන ඒකාංගික ටෙලිනාට්‍යයටයි මම මුලින්ම රංගනයෙන් දායක වුණේ. එතකොට මගේ වයස අවුරුදු 3යි. ඒ පළමු රඟපෑමට මට එවකට රංගන ශිල්පිනියන් ඇගයීමේ උත්සවයකදී කුසලතා සම්මානය ලැබුණා.

ලෝභ නැතුව හිනා වෙන රංගන ශිල්පිනියන් අතර ඔබ ඉදිරියෙන් සිටින බව බොහෝ දෙනා කියනවා?
ම්..... වෙන්න ඇති. කවුරු මාත් එක්ක හිනා නොවුණත් මම මට මුණගැහෙන හැමෝමත් එක්කම කට පුරා හිනාවෙනවා. ඒක ව්‍යාජ හිනාවක් නොවේ. හදවතින්ම මුවට නැගෙන සිනහවක්. අද මා හිනා වුණ කෙනා මා සමග හිනා නොවුණා කියා මා ඔහුව හෙට දුටු විට හිනා නොවී ඉන්නේ නෑ. හෙටත් ඒ වගේම කට පුරා හිනාවෙනවා. අද වෙනකොට මුළු ලෝකයේම පිළිගන්නා කරුණක් සිනාසීම, සතුටින් සිටීම, පුද්ගලයා නිරෝගී කරන ප්‍රධානතම සාධකයක් බව. මොන ප්‍රශ්න හිතේ තිබුණත් තාවකාලිකව ඒවා අමතක කරලා හිනාවෙලා ඉන්න පුළුවන්නම් ඒක ඇත්තටම අභියෝගයක් ලෙසටයි මම දකින්නේ.

හිනාවෙනවට අමතරව ලස්සනට ඉන්න තව මොනවද කරන්නේ?
විශේෂම දෙයක්නම් කරන්නෙ නෑ. අමතර දේවල් කරන්න මම හරිම කම්මැලියි. හැබැයි කොච්චර කම්මැලි වුණත් දැන් මම වතුර එහෙම හිතලම ගොඩක් බොනවා. ඊට අමතරව ගෙදරදි බොහෝ වෙලාවට පලතුරු ජූස් හදලා බොන්න මමත් ‘‘බී’’ත් (බිමල් ආදරේට මට කියන්නේ ‘බී’කියල* පුරුදු වෙලා ඉන්නවා. ගස්ලබු, කොමඩු, අලිගැටපේර වගේ පලතුරු නිතර හදලා බොනවා. ඊට අමතරව දැන් මම බත් කන එක අඩු කරලා සැලඞ් එකක් හදලා කන්න පුරුදු වෙලා ඉන්නවා. ආ.... ඉරිදා සෙනසුරාදා උදේට අපි ගෙදර ඉන්නව නම් බිමල්ගේ අම්මා අතින් පිළියෙළ වෙන රසම රස ගුණදායී කැඳ කෝප්පයක් අනිවාර්යයෙන්ම බොනවා. අම්මා එක එක කැඳ වර්ග හදලා අපි දෙන්නට දෙනවා. ”පුතේ මේ කැඳවලට ලේ පිරිසිදු වෙනවා, ඇඟ පාට වෙනවා, ශරීරයේ උෂ්ණ ගතිය නැති වෙනවා” කිය කියා හරිම ආදරෙන් අපිට හදලා දෙන කැඳ බොන්න මමත් බිමලූත් සති අන්තය එනකම් බලන් ඉන්නේ.

හමේ පැහැය ආරක්ෂා කර ගන්න ස්වභාවික ආලේපන මොනවද භාවිත කරන්නේ?
ගෙදරදි නම් එහෙම ගැල්වීම් කරන්නෑ. ඒත් මහ ගෙදර ගියාම පුංචිලා, නංගිලා මට එක එක පැක් වර්ග හදලා දෙනවා. කහ, සුදු හඳුන්, වෙනිවැල්ගැට, කොකුම් පොතු ආදී ආයුර්වේද ඖෂධ එකතු කරලා පැක් හදලා දෙනවා. ගස්ලබු මදයට යෝගට් හැන්දක්, කහ ටිකක් දාලා පැක් හදලා දෙනවා. එතකොට නම් මම ඒ අයත් එක්ක ඒවා ආලේප කරනවා. ඒ අවස්ථාවන් හරිම විනෝදයි. මුහුණේ ඒ ආලේපන ගල්වගෙන ඉන්නේ අපි හරිම සතුටින්. එහෙම ඉන්න අපිව දකින අනිත් අයටත් ඉබේටම මුහුණට හිනාවක් එන නිසා ඒ අයත් සතුටින්.

ඊට අමතරව නම් මම දෛනිකව ගොඩක් ක්‍රීම් වර්ග ආලේප කරන්න පුරුදු වුණ කෙනෙක් නොවේ. හැබැයි ශරීරය පිරිසිදු කිරීමෙන් පසුව හොඳ තත්ත්වයේ තෙතමනය සහිත මොයිචර්රයිසරයක් භාවිතා කරනවා. ඊට අමතරව එළියට යන සෑම වෙලාවකම සන්ක්‍රීම් එකක් නම් අනිවාර්යයෙන්ම පාවිච්චි කරනවා. වැඩි වේලාවක් මේකප් දාගෙන, ලයිට්වලට නිරාවරණය වෙමින් ඇතැම් විට තද අව් රශ්මියේ පවා රූගත කිරීම් කරද්දි හමට හානි සිදුවෙන්න පුළුවන් ඉඩ හරිම වැඩියි. ඒ නිසාම මම රූගත කිරීම් නැති සෑම අවස්ථාවකම සම පිරිසිදුව ආලේපනවලින් තොරව තබා ගැනීමට උත්සාහ කරනවා. ඇෙඟ් හැඩය තියාගන්න, ශරීරයේ බර ටිකක් වැඩිවීගෙන එනකොට ජිම් යන්නත් මම පුරුදු වෙලා ඉන්නවා.

ලෝකයේ ඔබ දුටු ලස්සනම කාන්තාව කවුද?
ආයේ වචන දෙකක් නැහැ. ඩයනා කුමරිය. මම පුංචි කාලේ ඉඳලාම ඇයට හරිම ආදරෙයි. මම ඇයට කොච්චර කැමතිද කිව්වොත්, පුංචි කාලේදි මම තාත්තාට කියනවා ඩයනා වගේ මගේ කොණ්ඩය කපන්න කියලා. ඉස්සර ඩයනා කට් කියලා කොණ්ඬේ කපන්න ගොඩක් අය හුරුවෙලා හිටියා. ඉතිං අහන්නකෝ, ඩයනා කුමරිය වගේ කොණ්ඬේ කපලා ගෙදර ඇවිත් මම ඇවිද්දේ ඇය ඇවිදින විදිහට. කතා කළේ ඇය කතා කරන විදිහට ඉරියව් හසුරුවමින්. කොටින්ම කියනවා නම් මා දෑසෙන් බැලූවෙත් ඇගේ බැල්ම විදිහට. මම ඒ තරම් ඇයව අනුකරණය කළා. අදටත් මම ඇගේ සුන්දරත්වයට හරිම කැමතියි. ඒ වාගේමයි ඇය සතු වූ මානුෂීය ගුණධර්මයන්ට ගරුකරනවා.

ඇඟට ලස්සනම පාට මොකක්ද සුජානි?
තද රෝස පාට ඇඳුම් ඇන්දාම මට හරිම ලස්සනයි කියලා හැමෝම කියනවා. මටත් දැනිලා තියෙනවා. හැබැයි ඒ පාට මම කැමතිම පාට නොවේ.

ඇඟට ගැලපෙන ඇඳුම?
ම්...... සාරිය.

ඔබ විශ්වාස කරනවද කාන්තාවකට ලස්සන වැදගත් කියා?
ඔව්. කාන්තාවකට ලස්සන වැදගත්. මෙහිදී මා දකින්නෑ කාන්තාවක් බලෙන් ලස්සන විය යුතුයි කියලා. උපතින් ලැබුණු ස්වරූපය වෙනස් නොකර පවත්වා ගැනීමයි කළ යුත්තේ. එය ප්‍රවේශම් කර ගැනීමේදී නියැලෙන වෘත්තිය, වයස, යෙදවිය හැකි කාලය ආදී කරුණු ගණනාවක් බලපෑ හැකියි.

වෘත්තියකින් ඉදිරියට යාමට කෙනෙකුට ලස්සන වැදගත්ද?
මෝස්තර නිරූපන ශිල්පය වැනි වෘත්තීයක නියුතු වූවන්ට සමේ වර්ණය වැදගත් නොවුණත්, මුහුණේ පෙනුම, ඇගේ  හැඩය, මෙන්ම පොදුවේ මනා පෞරුෂත්වයක් තිබීම අත්‍යවශ්‍යයි. නමුත් රංගන ශිල්පය හෝ වෙනයම් හෝ වෘත්තියකට ලස්සන මුහුණක් තිබූ පමණින් වෘත්තියේ දක්ෂයකු වන්නේ නෑ. ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝ තැන් අධ්‍යයනය කිරීමේදී මේ කරුණු හොඳින් පෙනී යනවා.

සතුටින් ඉන්න මොනවද කරන්න  ඕනේ?
ම්.... පුංචි දෙයක්. උදේ නැගිට්ට වේලාවේ ඉඳලා අද දවස සුභදායී දවසක් කියලා හිතන්න පුළුවන් නම්, සමහර විට ඒ දවස කොච්චර කටුකදායී අත්දැකීම් ලැබෙන දිනයක් වුණත් ඒ දිනය හරිම මිහිරියි. රසවත්. සමහර විට දුක ගෙවන්නෙත් සතුටින්. නිරෝගීකම ආරක්ෂා කර ගන්න පුළුවන් සරලම දෙයක් තමයි සතුටින් ජීවත් වීම. සතුටක් නැති මනසක් නිතරම රෝගී වෙනවා. නිරෝගීකම ගිලිහෙනවා කියන්නේ අපි ඉබේම අවලස්සන වෙනවා කියන එකනේ. ඇතැම් වෙලාවට අපේ ජීවිතවලත් යම් කාලවලදී සතුට ඈතට ඈතට යන බව හැෙඟනවා. ඒ වෙලාවට කොහොමහරි සතුට ආයේ ළඟට ගන්න විවිධ උපක්‍රම යොදනවා.

අසුන්තා එදිරිසූරිය



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top