Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
24
"උදේට වත්තේ ඇවිදිද්දී ඒවගේ වැටුණු පොල් ගෙඩි අඩුම තරමේ තුනක්වත් අරගෙන ගෙදර එන්න පුළුවන්.." - නෙතලි නානායක්කාර

- "උදේට වත්තේ ඇවිදිද්දී ඒවගේ වැටුණු පොල් ගෙඩි අඩුම තරමේ තුනක්වත් අරගෙන ගෙදර එන්න පුළුවන්.." - නෙතලි නානායක්කාරHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

"අවුරුදු දහතුනේදී මම ඕලෙවල් විභාගයත් කළා.."

"අපි දෙන්නම කතෝලික නිසා ගෙවල්වලින් අකමැත්තක් තිබුණෙත් නැහැ.."

කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල අධ්‍යක්ෂණය කරන “The News Paper” කියන චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගී වුණා. ඒ චිත්‍රපටයේ හඬ කැවීම්වලටත් සහභාගී වුණා... ප්‍රසන්න විතානගේ “ගාඩි කියලා තව අලුත් චිත්‍රපටයකටත් මට ආරාධනා කළා. පසුගිය කාලේ ඇතිවුණු වැස්සත් එක්ක ඒ චිත්‍රපටයේ රූගත කිරීම් ටිකක් කල් ගියා. ඉතින් ඒකේ රූගත කිරීම් මේ මාර්තු මාසේදී සූදානම් කරලයි තියෙන්නේ. ඔය දේවලුත් එක්ක මේ දවස්වල වැඩිපුරම කරන්නේ එෆ්.එම්. නාළිකාවලයි, රූපවාහිනී නාළිකාවලයි විකාශනය කරන විදෙස් නාට්‍යවලට හඬ කවනඑක තමයි. ඒ වැඩකටයුතුත් එක්ක ටිකක් කාර්යබහුලයි.


අපි ටිකක් ඔබේ ළමා කාලය හා පවුලේ විස්තර කතා කරමුද...?
ඔව්... ඔව්... කතා කරමු. මගේ ළමා කාලය වැඩිපුරම ගෙවුණේ කිරිබත්ගොඩයි. ඉපදුණෙත් එහෙම තමයි. මම අපේ පවුලේ හතර වෙනියාට තමයි ඉපදුණේ. මගේ පවුලේ වැඩිමලා මගේ අක්කා. අදටත් එයා ජීවතුන් අතර ඉන්නවා. දැන් අක්කට වයස අවුරුදු අනූ එකයි. අක්කට පස්සෙ අයියා. තුන්වෙනියාටත් ඉපදිලා තියෙන්නෙත් දුවෙක්. හැබැයි ඒ අක්කා ඉපදිලා මාස කිහිපයකින් මිය ගිහින් තිබුණා. මම පවුලේ හතර වෙනියා. මට බාල තව මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. ඔහෙම තමයි අපේ පවුලේ දරුවෝ මගේ තාත්තා පෞද්ගලික ආයතනයක හොඳ රැකියාවක් කළා. අම්මා රුකියාවක් කළේ නැහැ. හැබැයි අම්මට හොඳ දැනුමක් තිබුණා. දරුවන් බලාකියාගන්න තිබුණු නිසාම අම්මා රැකියාවක් කරලා නැහැ.
 
ඔබ ඉගෙන ගන්නේ මොන පාසලේදී ද...?
මම මුලින්ම පමුණුවිල රෝමාණු කතෝලික පාසලේ තමයි අධ්‍යාපනය ලැබුවේ. ඒක මිශ්‍ර පාසලක්. ඒ කාලේ මේ දැන් වගේ ළමයි හැමවෙලේම ටියුෂන් ගියේ නැහැ. හැබැයි අපේ අම්මා අපිව ළඟින් තියාගෙන අපිට පාඩම් වැඩ, ඉස්කෝලේ ගෙදර වැඩ හැමදෙයක්ම කියලා දුන්නා. අපේ ගෙවල් කිට්ටුව බර්ගර් ගෑනු මනුස්සයෙක් හිටියා. ඒ කාලෙදීත් ඒ මනුස්සයා ඉංග්‍රීසි පන්තියක් කළා. ඉතින් අපේ අම්මා අපිව පුංචි කාලේම ඒ පන්තියටත් දැම්මා. ඒ නිසා අපිට ඉංග්‍රීසි දැනුමත් හොඳට තිබුණා. මම ඕලෙවල් පාස් වෙනකොට මට වයස අවුරැදු දහතුන ඉවර වුණා විතරයි. ඒ කාලේ අපිට ඉස්කෝලේදී හොඳට විභාග කළොත් ඩබල් ප්‍රමෝෂන් දීලා ඉහළ පන්තිවලට දැම්මා.
ඒ නිසාම අවුරුදු දහතුනේදී මම ඕලෙවල් විභාගයත් කළා. ඊට පස්සේ මම ඒ පාසලෙන් අයින්වෙලා කැලණිය ගුරුකුල මාධ්‍ය මහා විදුහලට ඇතුළත් වුණා. එතනදී මම ඉගෙනගත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙනුයි. පුංචි කාලේ ඉඳන් ඉංග්‍රීසි ඉගෙන ගත්තු නිසා ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන්න මට අමාරු වුණේ නැහැ. ගුරැකුලේදී 6 වසරේ ඉඳන් ඉගෙන ගෙන ඕලෙවල් ඉංග්‍රීසි මාධ්‍යයෙන් විභාගය අරගෙන එකත් සමත් වුණා.
 
විභාගය කරලා ඉවරවෙනවාත් සමඟම ඔබ රැකියාවකටත් සම්බන්ධ වෙනවා. එහෙම නේද...?
ඔව්... ඒ වෙනකොට මගේ අම්මාගේ මල්ලි පෞද්ගලික ආයතනයක සේවය කරමින් හිටියේ. ඉතින් දවසක් මගේ අංකල් “නිකම් ගෙදර ඉන්නවට වඩා අපේ ඔෆිස් එකට එන්න කැමති නැද්ද...? කියලා ඇහුවා. ඒ කාලේ ගොඩාක් ආයතන පවත්වාගෙන ගියේ සුදු ජාතිකයින්. ඉතින් මමත් කැමතිවෙලා සම්මුඛ පරීක්ෂණයට ගියා. මාව ඒකෙන් තේරිලා මම ඒ ආයතනයේ සේවය කරන්න පටන් ගත්තා. ඔය අතරේ විභාග ප්‍රතිඵල නිකුත් වුණා. මම හොඳට සමත් වෙලත් තිබුණා. හැබැයි රැකියාවේ ආසාවට මම වැඩිදුර අධ්‍යාපනයට යොමුවෙන්න එච්චර කැමති වුණේ නැහැ. මම ඉස්කෝලේ අධ්‍යාපනයට ආයුබෝවන් කියලා දිගටම රැකියාවේ නිරත වුණා. හැබැයි ඒ ආයතනයේ මම සේවය කළේ අවුරුදු දෙකයි. ඊට පස්සේ මම තව වෙනත් පෞද්ගලික ආයතනයකට සම්බන්ධ වුණා. ඒකත් යුරෝපා ජාතිකයින්ගේ ආයතනයක්. ඒ ආයතනයේ මම අවුරුදු තිහක් සේවය කළා.
 
අපි ආයෙත් ළමා කාලයට ටිකක් යමු... පුංචි කාලේ දඟද...?
අම්මෝ... හරිම දඟයි... ඒක පුදුම දඟක්... අපි ජීවත් වුණේ ගම්බද වගේ පැත්තකණේ. අපිට දඟලන්න ගෙදර වත්තේ විශාල ඉඩකඩක් තිබුණා. අක්කර ගාණක තිබුණු ඉඩමේ නැති පළතුරක් නැති තරම්. එක එක කාලෙට එක එක පළතුරු ගස්වල හැඳුණා... ඉස්කෝලේ ගිහින් ආපු ගමන් අපි අර පළතුරු ගස්වල තමයි නඟින්නේ. ඒ කාලේ කෙල්ලෝ කියලා නැහැ. කොල්ලෝ වගේ ගස් උඩ නඟිනවා. ගස්වල තිබුණු පළතුරු කාලා බඩ පුරෝගෙන තමයි අපි ගෙදර දුවන්නේ. ඉතින් ඇත්තටම ඒ කාලේ හරිම සුන්දරයි. අද ඉන්න දරුවන් ගැන ඇත්තටම තියෙන්නේ දුකක්. අද දරැවෝ ඒ ළමා කාලය ඇත්තටම විඳලා නැහැ.

ඒ කාලේ හැමදේටම අපි ගන්නේ අපේ වත්තේ පිටියෙන්... පොල් ගෙඩියක් වුණත් ගහෙන් කඩන්නවත් ඕනේ නැහැ. හැමදාම උදේට ගහ පාමුල පොල් ගෙඩියක් වැටිලා තියෙනවා. උදේට වත්තේ ඇවිදිද්දී ඒවගේ වැටුණු පොල් ගෙඩි අඩුම තරමේ තුනක්වත් අරගෙන ගෙදර එන්න පුළුවන්. කොස්, දෙල් ඕන තරම්. ගොටුකොළ පළාවර්ග ඕනතරම්. අද ඒවා කොහේද... අද හැමදේම ගන්න වෙන්නේ කඩෙන්ම තමයි. මට තාත්තාවත්, අම්මාවත් අපිට ගස් උඩ නගින්න එපා, දඟ වැඩ කරන්න එපා කියලා කවදාවත් තහංචි දැම්මේ නැහැ. තාත්තා උදේට ගෙදරින් ගියාම ආයේ ගෙදර එන්නේ රෑ වෙලා. ඉතින් අම්මා තමයි අපි හැමෝම බලාගෙන ගෙදර හිටියේ.
 
එතකොට කලාවට සම්බන්ධ වුණේ කොහොමද...?
මම පාසලේ ඉගෙන ගනිද්දී තමයි මුලින්ම ගුවන් විදුලියට සම්බන්ධවෙන්න අවස්ථාව ලැබුණේ. ගුවන්විදුලියට මුලින්ම අඩිය තිබ්බේ 1955දීයි. ඒ කාලේදී ගුවන්විදුලියට ආධුනිකයින් ගන්නවා කියලා දැන්වීමක් කොහේහරි දාලා තිබ්බා. පාසලේදීත් මම ඉතින් කලා වැඩවලට සම්බන්ධ වෙන නිසා ටිකක් ජනප්‍රිය චරිතයක් වුණා. ඉතින් මෙන්න මේ දැන්වීම දැකලා අපේ ඉස්කෝලේ සර් කෙනෙක් අයඳුම්පතක් ගෙනල්ලා මට ඒක පුරවලා දෙන්න කියලා කිව්වා. ඒක පුරවලා දුන්නා. ටික දවසකින් ගුවන්විදුලියෙන් සම්මුඛ පරීක්ෂණයට එන්න කියලා මට කිව්වා. ඔන්න ඉතින් ඒවගේ සම්මුඛ පරීක්ෂණ තුනකට දවස් තුනකට සහභාගී වෙලා මම ඒකෙන් “ඒ ශ්‍රේණියෙන් තේරැණා. ඊට පස්සේ එදා ඉදන් මම ගුවන්විදුලියේ කවි, විරිදු, නාට්‍ය වගේ දේවල්වලට සම්බන්ධ වුණා.
 
රැකියාව ලැබුණාටත් පස්සේ ඔබ ගුවන්විදුලියට සම්බන්ධ වීම අතහැරියේ නැහැ නේද...?
නැහැ... රැකියාව කරන ගමන්ම තමයි මම ඒ හැමදෙයක්ම කළේ. කාලයක් ගියාට පස්සේ මම ටෙලිනාට්‍යයටත් සම්බන්ධ වුණා. ආනන්ද සිරිසේන තිර රචනා කරපු පිටපතකට තමයි මට මුලින්ම රඟපාන්න අවස්ථාව ලැබුණේ. ආනන්ද සිරිසේන තමයි මට ඒ අවස්ථාව ලබලා දුන්නේත්. ඉතින් ඊට පස්සේ දිගටම රස්සාව කරන ගමන් ටෙලිනාට්‍යවලට, ගුවන්විදුලි වැඩසටහන්වලට වේදිකා නාට්‍යයවලට සම්බන්ධ වෙමින් වැඩකරගෙන ගියා. ඒ කාලේ හරිම කාර්යබහුල ජීවිතයක් තමයි ගතකරන්න සිද්ධ වුණේ.
 
ඔබේ විවාහයත් සිදුවුණේ කලාව දන්න කියන කලාකරැවකු සමඟ... ඒ මුණගැසීම කොහොමද...?
ඔව්... මම ඉස්කෝලේ යන කාලේදීම තමයි මගේ සැමියා මට මුණගැසුණේ. අපි කතෝලිකනේ. ඉතින් පල්ලියේ පූජාවට යද්දී තමයි වොලි නානායක්කාරව මට මුණගැසුණේ. එයත් කතෝලික. ඒ නිසා දළුගම දේවස්ථානයේදී තමයි අපි මුණගැසුණේ. හැබැයි මමවත් එයාවත් ගුවන්විදුලියට යන එන කතාව කිව්වේ නැහැ. කොහොම හරි දවසක් මම ගුවන්විදුලියට පටිගත කිරීමක් සඳහා ගිය වෙලාවේදී වොලිත් ඒ වැඩසටහනට පටිගත කරන්න ඇවිත් තිබුණා. ඒ වෙලාවේ තමයි අපි දෙන්නට දෙන්නා ගුවන්විදුලියට යනඑනඑක ගැන දැනගත්තේ. ඒකත් පුදුම සහගත සිදුවීමක්නේ. ඉතින් දැනහැඳුනුම්කම තව තවත් වැඩිවෙලා අවසානයේදී ඒක ආදරයක් වුණා. අපි දෙන්නම කතෝලික නිසා ගෙවල්වලින් අකමැත්තක් තිබුණෙත් නැහැ. මම හිතන විදිහට විවාහවෙද්දී මගේ වයස අවුරුදු විසිහතක් විතර ඇති. වොලිගේ අම්මලා හිටියේ කුරුණෑගල හැබැයි වොලි රස්සාවට ගියේ එයාගේ අක්කලාගේ ගෙදර ඉඳලයි.
 
අපි ඔබේ දරුවන් ගැනත් කතා කරමු...?
මට දරුවෝ පස්දෙනෙක් ඉන්නවා. මුලින්ම දූවරු දෙන්නයි. තුන්වෙනියා පුතා, හතර සහ පස්වෙනියාත් දූවරු. ඒ දෙන්නම නිවුන්නු. දැන් කාලේ වගේ නොවේ ඒ කාලේ පවුලකට දරුවෝ වැඩි වුණා කියලා එච්චර බරපතළ නැහැනේ. ඒකාලේ අපිට උදව්වට සේවිකාවෝ දෙන්නෙක් හිටියා. හැබැයි මගේ දරුවන්ට කෑම කවන පොවන හැම දෙයක්ම කළේ මගේ අම්මා. දරුවන්ගේ වැඩ බොහෝමයක්ම කළේ මගේ අම්මා. රස්සාව ඉවරවෙලා හවස ගුවන්විදුලියට ඇවිත් ඒ නාට්‍යය ඉවරවෙලා තමයි ඉස්සර මම ගෙදර ආවේ. ඒ අතරතුරේ වේදිකා නාට්‍ය කළා. සමහර දවස්වල ඉරිදාට පිටපළාත්වල වේදිකා නාට්‍ය පෙන්නලා ගෙදර එන්නේ පහුවදා පාන්දර. ඒ වගේ කාර්යබහුල කාලයක් තමයි ගතකළේ. එහෙම තමයි ජීවිතේ ගතවුණේ.
 
ඔබට හරි අපූරුවට මැහුම් ගෙතුම් වැඩ පුළුවන්නේ...?
ඔව්... ගෙදර ඉන්න කාලේ මම මැහුම්වලට හරිම අකමැතියි. ඉස්කෝලේ යන කාලේ මම මැහුමක් ඇල්ලුවෙවත් නැහැ. විවාහවෙලා මට කෙල්ලෝ හතරක් ඉපදුණාට පස්සේ තමයි මැහුම්වල අගේ තේරුණේ. මගේ අක්කට වගේම මගේ අම්මටත් හොඳට මහන්න පුළුවන්. ඉතින් එයාලා මහන දිහා බලාගෙන ඉඳලා මමත් මහන්න පුරුදු වුණා. ඉස්සර අද කාලේ වගේ පාසල් යුනිෆෝම් සල්ලිවලට ගන්න නැහැ. කාට හරි දීලා තමයි මහගන්න වෙන්නේ. කෙල්ලෝ හතර දෙනෙක්ට යුනිෆෝම් මහන්න දෙද්දීත් ලොකු ගාණක් යනවනේ. ඉතින් රෑ එළිවෙනකන් මම මගේ දරුවන්ට යුනිෆෝම් මහලා දුන්නා. එයාලාගේ ගවුම් මැහුවා. මුලදී නම් වැරදුණා. ටික කාලයක් ගතවෙද්දී හරි අපූරුවට ඒ දේවලුත් කරන්න පුළුවන් වුණා.
 
දරුවන්ගෙන් කවුරුත් කලාවට සම්බන්ධ වුණේ නැද්ද...?
මගේ පුතා නම් ළඳරු පාසල් යද්දී “වස්තුව කියන චිත්‍රපටයේ රඟපෑවා. තාත්තයි පුතයි දෙන්නම රඟපෑවා. ඒක තිරගත වුණාට පස්සේ අධ්‍යක්ෂකවරු කිහිපදෙනෙක්ම නිර්මාණ කිහිපයකටම පුතාව ඉල්ලුවා. ඒත් මම කැමති වුණේ නැහැ. මට ඕන වුණේ මුලින්ම මගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබලා දෙන්නයි. පුතා අද වෛද්‍යවරයෙක්. පුතා වගේම මගේ දරුවන් පස්දෙනාම හොඳට ඉගෙන ගත්තා. අද මගේ දරුවෝ ගැන මට සතුටුයි. දූවරු දෙන්නෙක් ඉන්නේ පිටරට. මේ නත්තලට ඒ හැමෝම ලංකාවට ආවා. ලංකාවේ ඉන්න දරුවන් තුන්දෙනාගේම ගෙවල් තුනේම මම ඉන්නවා. දැන් මම මුණුපුරන්ගේ මිණිපිරියන්ගේ ආදරය උපරිමයෙන් ලබන ආච්චි කෙනෙක්. ඉතින් ජීවිතේ හරි සරලව ගෙවෙනවා.
 
දිශානි ජයමාලි
සුමුදු හේවාපතිරණ



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top