Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
13
ඔබට ආදරය කළ කෙනා ඔබව ප්‍රතික්ෂේප කළොත් ඉන් අත්මිදෙන්නේ කෙසේද?

- ඔබට ආදරය කළ කෙනා ඔබව ප්‍රතික්ෂේප කළොත් ඉන් අත්මිදෙන්නේ කෙසේද?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10 Views

ගැහැනු හෝ පිරිමි වේවා, ඔබට ආදරය කළ අයෙක් එක්වරම ඔබව ප්‍රතික්ෂේප කළහොත් හෝ ඔබව අත්හැර ගියොත් හිතට දැනෙන වේදනාව සහ පීඩනය කිව නොහැකි තරම් දරුණු ය. ඔහු හෝ ඇය තමන් අත්හැර ගිය ද ඔහු හෝ ඇයව අමතක කර දැමීම ඉතා පහසුවෙන් කළ නොහැකි ය. එයට හේතු වනුයේ අතීත මතකයන් මෙන්ම සත්‍ය ලෙස ආදරය කළ අයෙකුට ඉන් ඇතිවන ප්‍රභල කම්පනය යි.



ඇත්තටම එය ඒ මොහොතේ ඔබට අසීරු කර්තව්‍යක් වන්නට පුළුවන. නමුත් කණගාටු නොවන්න. මෙම අන්ධකාර වූ උමඟ කෙළවර ඇත්තේ, ආලෝකයකි. ඔබ ආදරය නිසා පීඩා විඳින්නෙක් නම් මෙම ලිපිය ඉන් අත් මිදීමට ඔබට ඉතා ප්‍රයෝජනවත් වේ යැයි සිතමි.

මෙම පහත දැක්වෙන පියවරයන් අනුගමනය කරන්න.

සිත තුළ පවත්නා සියලුම පීඩාකාරී දෑ ඉවතට දමා සිත නිදහස් කරගන්න.

1. හැඬීම - ඔබට හැකි තරම් උස් හඬින් කෑ මොර දී හඬන්න. ඔබේ කාමරයේ බිත්ති දෙසට හැරී ඔබේ හිතට එම අවස්ථාවේ පැන නගින ඕනෑම දෙයක් කියමින් බැණ වදින්න. මෙවන් දෑ අනුගමනය කරන විට ඔබට ඔබ ගැනම දුක්ඛිත භාවයක් ඇති වන්න ගනී. එමගින් අවසානයේදී එය සත්‍යයක් බව පිළිගැනීමට ඔබට සිදු වේ.

2. එයට පෙළඹීමට හේතු වූ කාරණාව තරහවක් බවට පත් කරගෙන එයට විරෝධය දක්වන්න.
මෙවන් පීඩාවක් ඇති වූ විට ඔබට තරහ යාම සාමාන්‍යයෙන් ස්වභාවික ය. නමුත් තරහව හේතු කොට ගෙන වේදනාවෙන් යුක්තව ඉන් සැඟව සිටීම නොකළ යුතු ය. මොකද තරහව හේතු කොට ගෙන එය සුළු වශයෙන් හෝ ඔබව අනතුරකට භාජනය කිරීමට ඉඩ ඇති බැවිනි. එම තරහව නැති කරගැන්මට ඔබ පිරිමියෙකු වේ නම් ජිම් එකකට යාමට පුලුවන. එහි ඇති පන්ච් බෑගයකට පහරදීමෙන් ඔබේ තරහම නැති කරගත හැකි ය. කාන්තාවක නම් ඔබෙහි ඇඳ මත තබා තිබෙන සුරතල් වලසෙකු හෝ එවන් වූ යම් දෙයකට තම තරහව පිටවන තුරු පහර දෙන්න.

3. ඔබේ සිතට පැන නගින රසවත් සිතුවිලි වලට ඉඩ හසර වෙන් කරවා ගන්න.
හිතන්න ඔබට යමක් ආහාරයට ගැනීමට අවශ්‍ය වුණා කියලා. උදාහරණයක් ලෙස චොකලට් ආහාරයට ගන්න අවශ්‍ය වුණා කියලා සිතන්න. එවිට චොකලට් පෙට්ටියක් මිලට ගෙන එක් රැයකින් එහි ඇති සියලුම චොකලට් කා දමන්න. එලෙසම බිස්කට් වර්ග හෝ අයිස්ක්‍රීම් වැනි දෑ ද තම කැමැත්ත පරිදි ආහාරයට ගත හැකි ය. ඔබේ සිත ඇදගත් යම් භාණ්ඩයක් වේවා එය මිලට ගන්න. ඉන් ඔබේ සිතුවිලි තුළ ද වෙනසක් ඔබට දැක ගැනීමට ලැබේ.

4.ප්‍රීතිමත් සංගීතයකට සවන් යොමන්න.
ආදරය අහිමි වූ බොහෝ දෙනා පුරුදු වී ඇත්තේ ද විරහව දනවන ගීත ඇසීමට ය. නමුත් එවිට සිදුවන්නේ ද එම ගීතයන් හි ඇති දුක්බරත්වය මගින් නැවත නැවතත් තම අතීත ආදරය සිහිපත් වීම යි. එමනිසා ප්‍රීතිමත් වේග රිද්ම ගීත අසන්න. එවිට එහි ඇති රිද්මයට අනුව ඔබ ද ඉන් සතුටක් ලබයි.

5.ඔබව හැඟීම් දැනීම් නොදැනෙන අයෙකු බවට පත් කරගන්න.
ඕනෑම අයෙකු බොහෝ වේලා හැඬූ විට අවසානයේදී සිරුරට පණ නැති ස්වභාවයක් දැනීම ස්වභාවික ය. එසේම හැඬීම සහ අනෙකුත් අධි ශක්තිජනක හැඟීම් මගින් යමෙකුව මානසිකව සහ ශාරීරිකව පහතට වැට්ටවිය හැකි ය. නමුත් මෙවන් දේවල අවසන් ප්‍රතිඵලය වනුයේ ඉන් ඔබට වෙහෙසක් දැනී වෙනත් ප්‍රයෝජනවත් යමක් කිරීමට සිතෙහි පෙලඹවීමක් ඇති වීම ය.

6.මිතුරන් සමග කතාබස් කර සිත නිදහස් කරගන්න.
ඔබේ සමීපතම මිතුරා හෝ මිතුරිය සමගින් ඔබේ සිතට වද දෙන සියලුම දේ පවසන්න. එවිට ඇත්තටම ඉන් ඔබට සහනයක් ලැබේ. මොකද කිවහොත් හොඳ යාළුවෙකු ඔබට අවවාද උපදෙස් ලබාදෙයි. එසේම ඔබට හැකි පමණින් උදවු කිරීමට පෙළඹෙයි. ඔබව ප්‍රීතියෙන් තබයි. ඇත්ත වශයෙන්ම එවැනි මිතුරන් ලැබීම ඔබේ පෙර පිනටම හේතු වේ.

7.දිනපොතක් භාවිතා කරන්න.
ඔබට ඔබේ මිතුරන්ට පැවසීමට නොහැකි නම් කළ හැකි හොඳම දෙය දිනපොතක් භාවිතා කිරීම යි. ඔබට අන් අයෙකුට කීමට නොහැකි සියලුම දේ ඔබ දිනපොතට කියන්න. මොකද එය වෙන කාටවත් ඔබේ රහස් හෙළි නොකරන හෙයින් ය.

8.කණගාටු වීමට ද සීමාවක් තබා ගන්න.
ඔබ කණගාටුවෙන් දුකෙන් ගත කරන වෙලාවෙහි දී එහි අවසානය විය යුත්තේ කුමක්දැයි ඔබ අවබෝධ කරගත යුතු ය. එමනිසා තමාට ඉදිරියෙහි දී වැඩදායක වන යම් දෙයක නිරත වීමට හැමවිටම උත්සාහ ගන්න.

සැකසුම :- රුවන්ති රත්නායක
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top