වර්ෂාව සහිත කාලගුණයත් සමඟම සෑම අවුරුද්දකම වාගේ, මැයි, ජුනි මාසවල ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහල යෑමක් දක්නට ලැබෙනවා.
Corona වසංගතය මෙන්ම ඩෙංගු වසංගතය මගින් ද අධික රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීමක් වුවහොත්, එය සෞඛ්‍ය අංශවලට දරාගත නොහැකි වීමේ අවදානමක් ඇති වෙනවා. යම් ආකාරයකින් මෙම රෝග තත්ත්ව දෙකටම එකවර මුහුණදීමට සිදුවුවහොත් සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉතා අර්බුදකාරී තත්ත්වයකට පත් වෙන්න පුළුවන්.
හැම අවුරුද්දකම අහිංසක ළමා ළපටි මෙන්ම තරුණ ජීවිත ගණනාවක් අපෙන් ඈත් කරන්න මේ වසංගතය හේතු වෙනවා.
අපි දැනගත යුතු දෙයක් තියෙනවා. ඩෙංගු මදුරුවා විශාල දුර ප්‍රමාණයක් පියාබන මදුරුවෙක් නෙමෙයි. ඩෙංගු රෝගීන්ගේ නිවෙස් / වැඩපළ පරීක්ෂාවේදී ගොඩක් විට දකින්න ලැබෙන දෙයක් තමයි මදුරුවන් බෝවෙන ස්ථාන ඒ පරිශ්‍රයේම තිබීම.