Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
01
කොච්චර ව්‍යායාම කළත් මුහුණ ගැන හිතුවේ නෑ නේදා.... මුහුණේ ලස්සනට ක්‍රීම් ගාලා විතරක් හරියන්නේ නෑ... ඔබ මේ දේවල් ගැනත් සැලකිලිමත් ද..?

- කොච්චර ව්‍යායාම කළත් මුහුණ ගැන හිතුවේ නෑ නේදා.... මුහුණේ ලස්සනට ක්‍රීම් ගාලා විතරක් හරියන්නේ නෑ... ඔබ මේ දේවල් ගැනත් සැලකිලිමත් ද..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views

වයසට කලින් වයසට යන්න  අපි කවුරුත් අකමැතියි නේ...

කවුරුත් කැමතියි ලස්සනට ඉන්න...

අනිත් අය තමන් ලස්සනයි කියලා කියනවාට...


ඉතින් මූණේ ලස්සන ගැන හිතන ඕනම කෙනෙක්ට මෙන්න මේ ලිපිය වැදගත් වේවි... කොහොම වුණත් මෙන්න මේ වගේ ව්‍යායාම කරන්න ඔබටත් පුළුවන් නම් හැමදාමත් එක වගේ තරුණ වෙන්න පුළුවන්.... ඒත් එක්කම නීරෝගීමත් දිවියක් ගත කරන්න ඔබත් ඔබේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඕන....

සිරුරේ විවිධ ස්ථාන ඉලක්ක කරගෙන අපි ව්‍යායාම කලත් බොහෝ වෙලාවට අපිට මඟහැරෙන, නමුත් මඟහැර නොගත යුතුම ව්‍යායාම කීපයක් ගැන ඔබට මතක් කරන්නයි අපි අද මේ සූදානම් වෙන්නේ.. ඒ තමයි ඔබේ මුහුණට අවශ්‍ය ව්‍යායාම කියන්නේ...

කෙනෙක් ඔබ දෙස බලන විට එක්වරම ඔබේ මුහුණට අවධානය යොමුවීම ඉතාම සාමාන්‍ය කාරණාවක්. ඒ නිසා ඔබේ සිරුරේ අනිත් ස්ථාන වලට වගේම මුහුණට ව්‍යායාම කිරීමත් ඉතාම වැදගත්...

මුහුණට ලබාදෙන ව්‍යායාම මඟින් ඔබේ මුහුණට හොඳ රුධිර සැපයුමක් ලැබීම, අනවශ්‍ය මේදය දහනය වීම, මුහුණේ මාංශපේෂී වල ශක්තිමත් බව වැඩිවීම, වයස්ගත වීම නිසා ඇතිවන රැළි (wrinkles) අවම කිරීම කරමින් ඔබේ මුහුණේ දීප්තිමත් සහ තරුණ පෙනුම රැකගන්න උදව් වෙනවා...

ඉතිං අපි හැම කෙනෙක්ම අපේ තරුණ පෙනුම ආරක්ෂා කරගන්න කැමතිනේ...

එහෙනම් ඔබේ මුහුණේ තරුණ බව රැකගන්න මේ ඉතාම සරල වගේම ඕනෑම වේලවක ඕනෑම ස්ථානයක ඉඳල කරන්න පුළුවන් මේ ව්‍යායාම වල නිරත වෙන්න කියල අපි ඔබට මතක් කරන්න කැමතියි....

Marilyn
flying kiss දෙන විදිහ ඔබට මතකයි නේද..? එහෙම නම් මේ ව්‍යායාමය කරන්න ඔබට හරිම ලේසියි... මුලින්ම ඔබේ හිස කෙලින් තබාගෙන ඉදිරිපස බලන්න.... ඊලඟට ඔබේ තොල් දෙක එකතු කර හාදුවක් දෙන විදිහට ඉදිරියට උල් කරන්න.... ඔබේ තොල් වටේ සම ඉදිරියට ඇඳෙන ආකාරය මේ ව්‍යායාමය කරද්දි ඔබට දැනිය යුතුයි.... දිනකට අඩුම වශයෙන් හතර වතාවක් හෝ පස් වතාවක් මේ ව්‍යායාමය කල යුතුයි....

Surprise me
මේ කියන්න යන්නේ වයස්ගත වීමේදී සමේ ඇතිවන රැළි (wrinkles), වළක්වා ගැනීමට කරන ව්‍යායාමයක්... විශේෂයෙන්ම, ඔබේ නළලේ ප්‍රදේශයේ (fore head) රැළි ඇතිවීම මේ ව්‍යායාමය මඟින් පාලනය කරනවා.... මෙහිදී ඔබ ඇහිබැමි රැළි නොකර හැකි තරම් ඔබේ දෑස් විවෘත කිරීමට උත්සහා කල යුතුයි... ඔබට හැකි උපරිම ප්‍රමාණයට දෑස් විවෘත කර තත්පර එකත්, තත්පර පහත් අතර කාලයක් සිටිය යුතුයි... දිනකට දෙවරක් හෝ තුන් වරක් මෙම ව්‍යායාමයේ නිරත වීමෙන් ඔබට හොඳ ප්‍රතිපල ලබාගන්න පුළුවන්...

Smiling fish face
ඔබේ තොල් සහ කම්මුලේ මාංශපේෂි හැඩ කිරීමටත් ශක්තිමත් කිරීමටත් උපකාරී වෙන ව්‍යායාමයක් ලෙස හඳුන්වන්න පුළුවන්... මෙහිදී හාදුවක් දෙන ආකාරයට ඔබේ තොල් ඉදිරියට ඇඳ ඔබේ කම්මුල් කට ඇතුලට ඇඳීම කල යුතුයි.... එවිට ඔබේ තොල් මාළුවෙක්ගේ කටේ හැඩයට පිහිටන බව ඔබට දකින්න ලැබේවි... හොඳ ප්‍රතිපල ලැබෙන්න නම් ඔබ දිනකට හතර වතාවක් හෝ පස් වතාවක් මෙම ව්‍යායාමයේ නිරත විය යුතුයි.

Bumblebee
මේක නම් තොල් ආශ්‍රිත මාංශපේෂි ඉලක්ක කරගත් ව්‍යායාමයක්.... මුලින්ම ඔබ හොඳ හුස්මක් ගත යුතුයි.... ඊලඟට ඔබේ තොල් එකමත එක තබා දිගහැර ඉදිරියට ගෙන එන අතරම නාසයෙන් හුස්ම පිටකල යුතුයි.... මේ ව්‍යායාමයත් දිනකට හතර වතාවක් හෝ පස් වතාවක් කිරීමෙන් හොඳ ප්‍රතිපල ලබාගන්න ඔබට පුළුවන්...

Puppet face
මේ ව්‍යායාමය මඟින් ඔබේ නාසය සහ කට දෙපස අතර රැළි ඇතිවීම වළක්වනවා.... මුලින්ම ඔබ හොඳින් සිනහවිය යුතුයි. (සිනහවීම කියන්නෙත් හොඳ ව්‍යායාමයක්) ඉන්පසු අත් දෙකේ ඇඟිලි තුඩු නහය සහ කට දෙපස අතර ඇති කොටසේ රඳවා උඩට තල්ලු කිරීම කල යුතුයි.... දිනකට විසි වතාවක් තිස් වතාවක් අතර මේ ව්‍යායාමයේ නිරත වීමෙන් හොඳ ප්‍රතිපල ලබාගන්න ඔබට පුළුවන්.... ඉතිං මේ ඉතාම සරල ව්‍යායාම වල නිරත වීමෙන් ඔබේ තරුණ බව පෙන්වන කැඩපත ඔබේ මුහුණ බවට පත් කරන්න ඔබටත් හැකියාව ලැබේවී යැයි අපි විශ්වාස කරනවා... 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top