මේ දවස්වල හැමෝම ක්ෂණික ආහාර කන්න ගොඩක් ප්‍රිය කරනවා...
ඒත් එක්කම ඒක නිසා ඇති වෙන අතුරු ප්‍රතිඵල ගැන කවුරුත් හිතන්නේ නැහැ නේ..
මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ කතාවක්... කවදාවත් ක්ෂණික ආහාර කෑවොත් මේ වගේ ලෙඩ හැදෙයි කියලා ඔයා හිතුවද..? වර්තමානයේ තරුණ තරුණියන් අතර මුත්‍රා ආසාදන වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා...
ඒත් එක්කම තෙල් අධික ආහාර වර්ග බහුලව ගැනීම මීට තවත් එක් ප්‍රධාන හේතුවක්... මුත්‍රා පිට වනවිට දැවිල්ලක් දැනෙන බව, වේදනාවක් හටගන්නා බව ආදී ලෙසින් මේ අපහසුතා දක්වන්නට පුළුවන් වුණත්, එය මේ වනවිට කාලීන ගැටලුවක් බවට පත්ව තිබෙනවා..
මෙම තෙල් සහිත ආහාර ගැනීම මගින් සිරුරට එක්වෙන මේදය තැන්පත් වන්නේ අක්මාව තුළයි...
එසේම සිරුරට අවශ්‍ය මේදය නිපදවීම සිදුවන්නේ ද අක්මාව තුළිදීම නිසා, මෙලෙස අක්මාව තුළ මේදය තැන්පත් වීම වැඩි වූ විට රුධිරයට එක්වන මේද ප්‍රමාණය ද වැඩි වෙනවා..
රුධිරයෙහි මේදය වැඩි වූ විට ඒවා මුත්‍රාශය, පිත්තාශය සහ වකුගඩුවල තැන්පත් වීමෙන් ගල් හට ගැනීමක් සිදුවිය හැකියි... එවිට මුත්‍රා පිටවන විට වේදනාවක් හටගන්නවා..