Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
20
කෝප්ප කොළ ගැන ඔයාලා දන්නවද? මේ ඉතාමත් ගුනවත් කොළ මැල්ලුමක්. එක වරක් කෑවොත් ආයෙත් කන්න හිතෙනවා.

- කෝප්ප කොළ ගැන ඔයාලා දන්නවද? මේ ඉතාමත් ගුනවත් කොළ මැල්ලුමක්. එක වරක් කෑවොත් ආයෙත් කන්න හිතෙනවා.Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

441 Views

කෝප්ප කොළ කිවුවට කවුරුත් වැඩිය දන්නේ නැතුව ඇති.

හැබැයි ගමේ රසට කන ගුනදායී මැල්ලුමක් තමයි කෝප්ප කොල මැල්ලුම කියන්නේ.

ඔය ගමේ ගොඩේ වැටවල් අද්දර මේ කෝප්ප කොල ගස් දැක ගන්න පුළුවන්.

පුළුවන් වෙලාවක හදලා කාලා බලන්න.

ඉතාමත් රසවත් ආහාරයක්.බලන්නකො මේ කොළවල තියෙන ගුන මොන තරම්ද කියලා.

කෝප්ප කොළ ආහාරයට ගැනීමෙන් පාලනය කරගත හැකි රෝග 8 ක්

පලා වර්ග අතර තවත් එක් සුවිශේෂි පලා වර්ගයක් ලෙස කෝප්ප කොළ හඳුනාගත හැකිය.

එනම් ඈත අතීතයේ සිටම කෝප්ප කොළ කලවම් පලා මැල්ලුමක් ලෙස ආහාරයට එක්කර ගෙන තිබේ.

එනම් අනෙකුත් පලා වර්ග මෙන්ම කෝප්ප කොළ වල ද ශරීරයට හිතකර බොහෝ ඖෂධීය ගුණයන් අඩංගු වේ.

කෝප්පයක හැඩයෙන් යුතුව මෙහි පත්‍ර පිහිටා ඇති බැවින් කෝප්ප කොළ යන නාමයෙන් මෙම පලා විශේෂය හඳුන්වනු ලබයි

. වර්තමානය වන විට කෝප්ප කොළ මැල්ලුමක් , සම්බෝලයක් ලෙස භාවිතා කිරීමට අමතරව විසිතුරු ශාකයක් ලෙසද ගෙවතු ආශ්‍රිතව වගා කරනු ලැබේ.

කෝප්ප කොළ ශාකයේ කොළවල පැහැය අනුව වර්ග දෙකක් හඳුනාගත හැකිය.

කොළ පැහැති පත්‍ර දරන කෝප්ප ශාකය

සුදු පාට පුල්ලි සහිත පත්‍ර දරන කෝප්ප ශාකය යනුවෙන් එම වර්ග දෙක හඳුනාගත හැකි අතර බොහෝ විට ආහාරයට ගනු ලබන්නේ කොළ පැහැති කෝප්ප කොළය.

කෝප්ප කොළවල ඖෂධීය ගුණ

මළබද්ධය සමනය කරයි

.මල බද්ධය වර්තමානය වන විට වයස් භේදයකින් තොරව බොහෝ දෙනකුට පවතින රෝග තත්ත්වයක් බවට පත්ව තිබේ.

එනම් මෙම රෝගී තත්ත්වය ඇති විටෙක පලා වර්ගයක් ලෙස කෝප්ප කොළ ආහාරයට එක්කර ගැනීම වඩාත් යෝග්‍ය වේ.

එනම් මේ සඳහා කෝප්ප කොළ සමග අනෙකුත් පලා වර්ග මුසුකොට කලවම් පලා මැල්ලුමක් ලෙස ආහාරයට ගැනීම වඩාත් උචිතවේ.

එනම් කෝප්ප කොළ වල අඩංගු තන්තු මල බද්ධය සමනය කිරීම සිදු කර මළපහ පිට කිරීම පහසු කරවනු ලබයි.

පාචනය නවත්වයි.

පීඩාකාරී පාචන රෝගය සමනය කිරීම සඳහා කෝප්ප කොළ ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ එනම් කෝප්ප කොළ ආහාරයට ගැනීමෙන් පාචන තත්ත්වයන් ඇතිවීම වළක්වාගත හැකිය.

මුත්‍ර පද්ධතිය ආශ්‍රිතව ඇති විය හැකි මූත්‍ර දැවිල්ල මුත්‍රා අඩස්සිය වැනි මූත්‍ර රෝග සුවකර ගැනීමට කෝප්ප කොළ මැල්ලුම ආහාරයට ගැනීම යෝග්‍යවේ.

මුඛය ආශ්‍රිතව ඇතිවන ආසාදන සමනය කරයි

තොල් පැලීම, විදුරුමස්වලින් ලේ ගැලීම, මුඛය ආශ්‍රිතව ගෙඩියට ගැනීම ආදී රෝග සුව කිරීම සඳහා කෝප්ප කොළ ආහාරයට එකතු කර ගැනීම යෝග්‍යවේ.

එනම් මේ සඳහා කෝප්ප කොළ කලවං පලා මැල්ලුම ආහාරයට ගැනීම යෝග්‍යවේ.

4 - ඇස් පෙනීමේ දුර්වලතා මගහරවා ඇස් පෙනීම වර්ධනය කරයි


.වයස්ගතවීමත් සමඟ හෝ විටමින් ඌනතා මත ඇතිවන ඇස් පෙනීමේ දුර්වලතා සමනය කරගෙන ඇස් පෙනීම වැඩි දියුණු කරගැනීමට කෝප්ප කොළ පලා මැල්ලුම ආහාරයට ගැනීම යෝග්‍යයවේ.

 රක්තහීනතාවය ඇතිවීම පාලනය කරයි.

රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය අවම වීමත් සමඟ ඇතිවන රක්තහීනතාවය පාලනය කරගෙන රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩිකර ගැනීමට කෝප්ප කොළ ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ.

එනම් මේ සඳහා කෝප්ප කොළ කලවම් පලා මැල්ලුමක් ලෙස සකසා ආහාරයට ගැනීමෙන් එහි අඩංගු යකඩ රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩිකර රක්තහීනතාවය සමනය කිරීම සිදු කරනු ලැබේ.

මව් කිරි වර්ධන කරයි.

බොහෝ මවුවරුන් මව්කිරි අවම වීම හේතුකොටගෙන පීඩාවට පත්වේ.

එවැනි අවස්ථාවක කලවං පලා මැල්ලුමට කෝප්ප කොළ එක් කොට ආහාරයට දීම මගින් මව්කිරි වර්ධනය කරගත හැකිය.

එනම් කෝප්ප කොළ වල අඩංගු විටමින් ,ප්‍රෝටීන්, ඛනිජ ලවණ මව්කිරි වර්ධනය කිරීමට ඉවහල් වේ.

අධි රුධිර පීඩන තත්වයන් ඇතිවීම සමනය කරයි.

නිහඬ මාරයා ලෙස සලකන අධි රුධිර පීඩනය පාලනය කර ගැනීමට කෝප්ප කොළ ආහාරයට ගැනීම යෝග්‍යවේ.

එනම් කෝප්ප කොළ ආහාරයට ගැනීමෙන් රුධිරය කැටි ගැසීම, රුධිර නාළ හැකිළීම වළක්වා ක්‍රමවත්ව රුධිරය ශරීරයට සැපයීම සිදු කරනු ලැබේ. මේ නිසා අධි රුධිර පීඩන තත්වයන් ඇති වීම පාලනය වේ.

හිසකෙස් ගැටලු සමනය කරයි.

බොහෝ කාන්තාවන්ට පවතින හිසකෙස් කැඩීයාම හිසකෙස් වර්ධනය නොවීම ආදී රෝග තත්ත්වයන් වළක්වා හිසකෙස් වර්ධනය කරගැනීමට කෝප්ප කොළ පොල්තෙල් සමඟ අඹරා හිසෙහි ගැල්වීම යෝග්‍යවේ.

එනම් ඉන් හිසෙහි ගැටලු ඇති වීම වළක්වා හිසකෙස් වර්ධනය කර ගත හැකිය.

කෝප්ප කොළ සම්බෝලය සකස් කරගන්නා ආකාරය.


▪️ලියලා ගත් කෝප්ප කොළ මිටක්

▪️ලියලා ගත් අමු මිරිස් කරල් දෙකක්

▪️ලියලා ගත් ලූණු ගෙඩි එකක්.

▪️උම්බලකඩ ස්වල්පයක්

▪️ගම්මිරිස් ස්වල්පයක්

▪️දෙහි යුෂ ස්වල්පයක්

ලියලා ගත් කෝප්ප කොළ ස්වල්පයට පොල් ගම්මිරිස්,ලියලා ගත් ලූනු, ලියලා ගත් අමුමිරිස්, සහ උම්බලකඩ, පදමට ලුණු සහ දෙහි ඇඹුල් මිශ්‍ර කර ආහාරයට ගැනීම මගින් ඉහත සඳහන් කළ බොහෝ රෝග සමනය කර ගත හැකිය.

ඔබත් කෝප්ප කොළ හැකි පරිදි ආහාරයට එක් කර ගන්න.

උපුටාගැනීමකි ස්තුතියි 

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Wathsunu
Paata KUrullo
Paavi Anna Asai
Ralla Weralata Adarei
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top