මිනිස් ශරීරයේ වැඩිපුරම පවතින්නෙ ජලයයි... එය නිරෝගී වැඩිහිටියෙකුගේ නම් 65%ක් පමණ වේ යැයි සැලකෙනවා.. කෙසේ වෙතත් එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.. මේ නිසා ශරීරයේ පැවැත්ම අරමුණු කරමින් සියලුම සෛලීය ක්‍රියාවන් සඳහා අත්‍යවශ්‍යයෙන්ම පරිභොජනය කල යුතු ජලය ගැන ආයුර්වේදයේදී නම් කියන්නේ මෙන්න මේ වගේ කතාවක්....
ශරීරයට ගතයුතු පාන වර්ග අතුරින් දිව්‍යමය පානය ලෙස ආයුර්වේදයේ දක්වා ඇත්තේ පිරිසිදු ජලයයි.... එය ශීත ජලය හා උණුසුම් ජලය ලෙස ඔබට ලබාගන්න පුළුවන්....
ශීත ජලය ලෙස මෙතැනදී අදහස් කරන්නෙ ඇල් ජලය මිස ශීතකරණයක තැබූ ජලය නම් නෙවෙයි...
සාම්ප්‍රදායික ආයුර්වේද ග්‍රන්ථවල වැසි ජලය, උල්පත් ජලය, පොකුණු ජලය හෝ ලෙස ශීත ජලය ලැබෙන ස්වභාවික ජල ප්‍රභවයන් ගැන දක්වා ඇති අතර පිරිසිදු භාජනයකට රැස්කරගත් වර්ණයෙන් හා ගන්ධයෙන් විකෘති නොවූ වැසි ජලය එක් දවසක් තුළ භාවිතා කල යුතු බවත්, එසේ වැසි ජලය නොමැති කල පිරිසිදු ස්ථානයක කලුපස හෝ සුදු පස ඇති තැනකින් සපායාගත් වැසි ජලයට සමාන ගුණ ඇති සුළඟට හා හිරු එළියට නිරාවරණය වූ පොකුණු ජලය හෝ උල්පත් ජලය භාවිතා කිරීම වඩාත් සුදුසු වෙනවා...
අතීතයේදී නම්, මෙතරම් පරිසර දූෂණයක්ද නොවූ නිසා මෙම ප්‍රභව වලින් වඩාත් පිරිසිදු ජලය ලැබෙන්නට ඇති... නමුත් වර්තමානය වන විට තත්වය බෙහෙවින් වෙනස් බැවින් පිරිපහදු කිරිමෙන් තොරව ජලය භාවිතා කිරීමේ හැකියාවක් නැහැ...
ශීත ජලය අපගේ ශාරීරික යහපැවැත්ම කෙරෙහි සිදුකරන බලපෑම ආයුර්වේදය තුළ සවිස්තරාත්මකව මෙසේ විස්තර කරන්නේ මෙන්න මෙහෙමයි...
. නැවුම් හා පිරිසිදු සිසිල් ගුණයෙන් යුත් ශීත ජලය මිනිසාගේ තෙහෙට්ටුව, පිපාසය සන්සිඳුවමින් සිරුරට ඇවැසි ජීවය හා සිසිලස ලබා දේ.
. ජීවයේ ගුණාත්මක භාවය ඉහළ නංවයි.
. තෘෂ්ණාව පහ කරමින් මිනිසා තෘප්තිමත් කරයි.
. හදවතට හා මනසට හිතකරයි. එයින් ප්රබෝධයක් ඇති කරයි.
. බුද්ධිය උත්තේජනය කරයි.
. ආහාර දිරවීමේදි ඇතිවන ගැටළු අවම කරයි.
. නිතිපතා ජලය පානය කිරීමෙන් සමේ දීප්තිය වැඩි කරයි.
ජල පානය ගැන විශේෂයෙන් දක්වා ඇති කරුණු...
පුද්ගලයාගේ ආහාර ජීර්ණය කිරීමේ හැකියාව එනම්, ඔහුගේ ජඨරාග්නිය හා කෝෂ්ඨය, රෝග තත්වයන් ආදිය සලකා ජල පරිභෝජනය කිරීම ගැන විශේෂයෙන් දක්වා තිබෙනවා...
මේ කියන්නේ ජල පරිභෝජනය නොකිරීමේදී අත්වන අහිතකර තත්වයි....
• ආහාර ජීර්ණ ක්‍රියාවලිය දුර්වල එනම් ජඨරාග්නිය දුර්වල පුද්ගලයන්
• පාණ්ඩු රෝගීන් (රක්තහීනතාව හෙවත් anemia )
• උදරය තුළ අර්බුධ එනම් පිළිකා (tumour of abdomen) ඇති පුද්ගලයින්
• උදර රෝගීන්
• දියවැඩියා රෝගීන්
• පාචන (Diarrhea ) රෝගීන්
• ග්‍රහණියේ රෝග ඇති පුද්ගලයින්
• අර්ශස් රෝගීන්
මෙම සියලුම රෝගීන්ගේ ආහාර ජර්ණ ශක්තිය (අග්නිය) මද වීමත්, විශාල වශයෙන් ජල පරිභෝජනය කිරීමෙන් තවත් අග්නිය දුර්වල වීමටත්, ඉන් රෝගය උත්සන්න වීමටත් ඉඩ ඇති බැවින් එලෙස වාරණයන් සඳහන් කිරීමට හේතු වී තිබෙනවා...
???? ජලය ගතයුතු කාලය
ආහාර වේල් අතරතුර ජල පරිභෝජනය කල යුතු බව දක්වන ආයුර්වේදය, කෑමට වහාම පෙර හා වහාම අවසානයේ ජලය පානය කිරීම නුසුදුසු බව දක්වයි.
ආහාර වේල් අතරතුර ජලය පානය කිරිම යහපත් සෞඛ්‍ය පුරුද්දක් වන අතර එය ආහාර කුඩා කොටස් අංශු බවට විසුරුවා හරිමින් ආහාර දිරවීම පහසු කරයි.
ආහාර ගැනීමෙන් පසු වහාම ජල පානය කිරීම තරබාරුකමට හේතුවක් ලෙස දක්වන අතර එය තවත් පැහැදිලි කරමින් ආහාර ජීර්ණයේ ආරම්භක අවස්ථාවේදී ක්‍රියාත්මක වන කඵ දෝෂය වෘද්ධි වීමෙන් ආහාර ජීර්ණය දුර්වල විය හැකි බව පවසයි.
සරත් සහ ගිම්හාන ඍතු වලදී හැර, පමණ ඉක්මවා ජලය පානය කිරීම නුසුදුසු වේ.
???? පුද්ගලයෙක් දිනකට පානය කල යුතු ජල පරිමාව කොපමණද?
තෘෂ්ණාව හෙවත් පිපාසය නොදැරිය යුතු වේගයක් ලෙස ආයුර්වේදයේ දක්වා ඇත. ජලය පානය කල යුත්තේ පිපාසය සංසිඳෙන ප්රමාණයටයි. එය එකිනෙකාට වෙනස් වෙනවා... ආයුර්වේදය යනු පුද්ගලානුබන්ධ වෛද්‍ය ක්රමයකි. එම නිසා පොදුවේ මෙපමණ ප්‍රමාණයක් ජලය පානය කල යුතු යැයි නිශ්චිත අගයක් නිර්ණය නොකරයි...
ඔබගේ පිපාසය සංසිඳෙන ප්‍රමාණයට ජලය පානය කරන්න. ඊට වඩා පානය කිරීම සාමන්‍ය සෞඛ්‍යමත් ජිවිතයේදී නුසුදුසු වේ. ඔබගේ පිපාසය එහි තීරකයා වෙනවා... තවදුරටත් කිවහොත් ජලය පානය කිරීමෙන් කඵ හා වාත දෝෂ වෘද්ධි වීමත් පිත දෝෂය ක්ෂීණ වීමත් දෝෂ අසමතුලිතතාවක් දේහය තුළ ඇති කරයි...
උණු ජලය
උණුකරගත් ජලය හෙවත් "උෂ්ණාම්බු" පානයෙහි වැදගත්කම පිළිබඳව මීට වසර ගණනාවකට පෙර ලියැවුණු ආයුර්වේද මූලග්‍රන්ථ දක්වයි... උෂ්ණාම්බු සැකසීම සඳහා ජලය 1/8ට හෝ 1/4ට හෝ 1/2ට සිඳ ගැනීම වඩාත් උචිතයි... එය වඩාත් ගුණදායකයි... දෛනික ජීවිතයේදී මෙලෙස ජලය පානය කරන්නේ නම් ඔබේ සිරුරට ඉන් ලැබෙන ගුණය අතිමහත් ය...
එසේ සකස් කරගැනීමට නොහැකි වන විට නටවා නිවාගත් ජලය මද රස්නයෙන් පරිභෝජනය කිරීම ද සුදුසුයි.
ජලය උණු කිරිමෙන් එහි ලඝු ගුණ වැඩි වේ. එය ජීර්ණය පහසු කරයි.
උණුසුම් ජලය පානය කිරීමෙන්
. ආහාර දිරවීම පහසු කරයි
. ඔබේ කුසගින්න උත්තේජය කරයි.
. අග්නිය (ආහාර ජීර්ණ ක්‍රියාවලිය) ක්‍රමවත් වීමට උපකාර කරයි.
. ආම රසය (නිසි ලෙස නොපැසවූ ආහාර රසය) ඇතිවීම අවම කරයි.
. අනවශ්‍ය සෙම් කොටස් සිරුරෙන් බැහැර කරයි.
. මල, මුත්‍ර ක්‍රමවත්ව බැහැර කරමින් සිරුර අභ්‍යන්තරය පිරිසිදු කිරීමට සහාය වෙයි.
. වාත, පිත්ත, කඵ යන දෝෂයන් සමතුලිත කිරීමට සහාය දෙයි.
. උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග වලට මෙන්ම නිදන්ගත ශ්වසන අපහසුතාවයන්ට ද ගුණදායකයි.
ආචාර්යවරුන් විසින් නිරදේශ කරන ලද ආයුර්වේද දින චර්යාව ගත් කල උදෑසන අවදි වී ජලය පානය කිරීම හෙවත් ඌෂ පානයට විශේෂ තැනක් හිමි වෙනවා..