ඉතා වේදනාකාරී රෝගී තත්ත්වයක් වන මෙය ආයුර්වේදයේ දී හඳුන්වනු ලබන්නේ "මුත්‍ර අශ්මරී" ලෙසයි...
මුත්‍රා සමඟ ලේ පිටවීම සිදුවීමට ප්‍රධානම හේතුව මුත්‍රාවල ගල් සෑදීමයි... කුඩා වැලිකැට ආකාරයට වකුගඩු තුළදී නිර්මාණය වී කල්යත්ම ගල්කැට විශාල වීමක් සිදුවෙනවා...
එම ගල් වකුගඩු වල සිට පහළට පැමිණීමේදී මුත්‍ර මාර්ගයේ හෝ මුත්‍රා ප්‍රනාලයේ සිරවීමේදී අධික වේදනාවක් ඇතිවිය හැකියි... මෙම වේදනාව දරාගැනීමට ඉතා අපහසු වේදනාවක් වන අතර එය ඇතිවන්නේ ද එකවරමයි... පසුව වේදනාව වරින් වර ඇතිවන අතර කොන්දේ පිටුපස එක් පැත්තක සිට උදරයේ පහළට යටිබඩ දෙසට වේදනාව පැතිරීම සිදුවෙනවා....
මේ සමඟම මුත්‍රාවල පැහැය ද වෙනස් වෙනවා...
එය රතු හෝ දුඹුරු පැහැයක් ගනී... මුත්‍රා දුගඳින් යුක්ත වෙනවා... වමනය හා ආහාර අරුචිය ඇති කරවනවා... වෙව්ලීම සමග උණ රෝගය ද ඇතිවෙනවා... වරින්වර මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවයද ඇතිවන අතර විටෙක මුත්‍රා අවරෝධතාව නිසා වකුගඩු ආසාදිත වීම වැළැක්විය නොහැකියි... වකුගඩු හානි වීම සිදුවන්නේද මෙවිටයි...
ජලය අඩුවෙන් පානය කිරීම මෙන්ම අවශ්‍යතාව ඇති වූ විට මුත්‍රා පිට නොකර දරා සිටීම නිසාද මුත්‍රා ගල් ඇති වෙනවා... එමෙන්ම අපි ගන්නා ආහාර මඟින් ද විශේෂ බලපෑමක් මේ රෝගය කෙරෙහි ඇති කරවනවා... මුත්‍රා ආසාදන බහුලව ඇතිවන කාන්තාවන්ටද මුත්‍රා ගල් ඇති වෙනවා... එමෙන්ම පරම්පරාගතව එන තත්වයන් වලදී මුත්‍රා ගල් ඇතිවීමක් දැකිය හැකියි... ඒ අනුව තීරණය කළ යුතු වන්නේ ජානමය හා පාරිසරික සාධක නිසාද මුත්‍රා ගල් ඇති වන බවයි...
මුත්‍රාගල් ඇතිවීමේ අවදානම් සාධක
මුත්‍රා වල කැල්සියම් මට්ටම ඉහළ යෑම, අධික ස්ථූලතාව, ඇතැම් ඖෂධ භාවිතය, කැල්සියම් පෙති අධිකව ගැනීම, ඇතැම් රෝග තත්ත්වයන් වලදී මුත්‍රාවල ආම්ලිකතාවය වැඩි වීම මෙම අවදානම් සාධකයන් වේ.
ආයුර්වේදයට අනුව මුත්‍රා ගල් ආකාර 05 කින් දැකගන්නට පුළුවන්. වාත, පිත, කඵ ත්‍රිදෝෂ හා ශුක්‍ර, වර්ණ ඒ පහයි. ඒ අනුව පහළවන රෝග ලක්ෂණ ද වෙනස් ආකාරයක් ගන්නවා.
මුත්‍රා ගල් ඇතිවීම වැළැක්වීම සඳහා
ජලය වැඩිපුර පානය කිරීම අත්‍යවශ්‍යයි. දිනකට වතුර වීදුරු 12 ක් වත් පානය කළ යුතුයි. අවම වශයෙන් දිනකට මුත්‍රා ලීටර් 02 ක් වත් පිට කිරීම අවශ්‍යයි. මුත්‍රා වේගධාරණයද (මුත්‍රා බර තදකරගෙන සිටීම) ඉතා අහිතකරයි.
අනවශ්‍ය ලෙස බාහිරයෙන් කැල්සියම් ලබා ගැනීම නොකළ යුතුයි. කැල්සියම් පෙති හා අධි කැල්සියම් කිරිපිටි අවශ්‍ය ප්‍රමාණයට පමණක් ගත යුතුයි. සතියකට ලීටර් 1 කට වඩා පැණිබීම පානය නොකළ යුතුයි. විශේෂයෙන් කෝලා බීම නොගත යුතුයි. සත්ව මාංශ හා ප්‍රෝටීන අඩු කළ යුතුයි.
සුදුසු ආහාර වර්ග
පාන වර්ග :-
• පිරිසුදු ජලය
• ලුණු කැඳ, බාර්ලි, මුං ඇට තැම්බූ වතුර
• නීරමුල්ලිය, පොල්පලා, අක්කපාන කොළ තැම්බූ වතුර
• පැණිකොමඩු, පත්තක්කා, කැකිරි යුෂ
• තැඹිලි වතුර, කුරුම්බා වතුර
එළවළු :-
• පතෝල, වැටකොළු, සාරණ, මුගුණවැන්න, රාබු, කූර තම්පලා, කැකිරි, පුහුල්, පිපිඤ්ඤා, ඕලු දඬු, කුඩා මාළු
නුසුදුසු ආහාර වර්ග :-
හරක් මස්, ඌරු මස්, රතු මාළු වර්ග, මත්පැන්, ඉස්සන්, කකුළුවන්, අම්ල වර්ග, තෙල් සහිත ආහාර, පිටි බහුල ආහාර, අල වර්ග, දෙල්, රඹුටන්, අන්නාසි, අච්චාරු, කිරිපිටි, විනාකිරි, බිලිං, තක්කාලි, ජාඩි, නිවිති