Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



තමන් මැතිවරණයක් සදහා ඉදිරිපත් වන්නේ නම්, ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (23) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් සමග පැවැත්වුණු හමුවකින් පසුව මාධ්‍යයට අදහස් දක්වමින්.

මෙම හමුව පැවැත්වුණේ නාරාහේන්පිට - අභයාරාම විහාරස්ථානයේදියි.  ඊට අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන ආයතන නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා.  ඔවුන් එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත සිය අදහස් පල කළා.
views266 Views
comment

ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ පිටිවැල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක්, තරගයට ධාවනය කිරීමේදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔහු මේ වනවිට අසාධ්‍ය තත්ත්වයෙන්  දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ බූස්ස, පිටිවැල්ල ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථ දෙකක් තරගකාරී ලෙස ධාවනයේ යෙදෙන ආකාරය මර්ගය අසල නිවසක ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන්ව තිබුණා.

views926 Views
comment

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර ඇතුළු තිදෙනෙකුට නාඳුනන පිරිසක් විසින් වෙඩි තබා ඇත.

මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ හික්කඩුව හෝටලයේ ඔවුන් සිටින අවස්ථාවක වන අතර වෙඩි වැදීමෙන් රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර මියගොස් තිබේ.

views490 Views
comment
‘‘රේස් එකෙන් පැරදිලා හිතේ අමාරුවට වැටිලා ඉන්නේ.
අර කාලක් ගහලා ඉන්නේ. වෙලා තියෙන දේ. රේස් බුකි කරන උන්ට හෙන ගහන්න ඕනේ. ‘‘

රේස් බයි රේස් සූදු ඔට්ටු මධ්‍යස්ථානවලට මේ වනවිට දැඩි මහජන විරෝධයක් දිවයින පුරා වර්ධනය වෙමින් පවතිනවා.  ඒ සදහා මහා සංඝරත්නය මෙන්ම අනෙකුත් පූජක පක්ෂයේ සහභාගිත්වය හිමිවීම විශේෂත්වයක්.

කැකිරාව නගරයේ තිබූ තවත් සූදු ඔට්ටු මධ්‍යස්ථානයකට මහා සංඝරත්නයේ විරෝධතාවය පසුගියදා පළවුණා. කැකිරාව ප්‍රදේශයේ විහාරස්ථානවල විහාරාධිපතිවරුන්ගේ සංගමය සහ කැකිරාව ශාසනාරක්ෂක බල මණ්ඩලය කැකිරාව බෝධිරාජාරාමයට රැස්වුණේ නගරයේ පිහිටුවා ඇති රේස් බයි රේස් ඔට්ටු මධ්‍යස්ථානයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහායි. 
views723 Views
comment
හොලිවුඩයේ සරාඟී නිළියන් අතර ඉහළින් වැජඹෙන චරිතයක් වන කිම් කඩෑෂියන් පිළිබඳව මේ වන විට අමුතුම ආකාරයේ පුවතක් වාර්තා වනවා. මීට පෙරද ඇය නිරුවත්ව ඡායාරූප වලට පෙනී සිටීම නිසාවෙන් ලොව පුරා කතාබහට ලක්වුණා.

මේ වන විට වාර්තා වන තොරතුරු අනුව ඇය මාධ්‍ය සාකච්ඡාවක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට ඇත්තේ සැමියා සමඟින් දිනකට 15 වතාවක් ලිංගිකව එක්වන බවයි. ඇය මේ වන විට දෙවන වරටත්  ගැබිනියක් වීම සඳහා මෙම ක්‍රියාව සිදුකරන බවට ඇය වැඩිදුරටත් පවසා තිබෙනවා.

views1,948 Views
comment
ජාත්‍යයන්තර මෝටර් රථ ධාවන පථයේ ශ්‍රී ලාංකීය සලකුණ සටහන් කළ සුපිරි ධාවකයා වූ ඩිලන්ත මාලගමුව පසුගියදා ඔහුගේ ලැම්බෝගිනි මෝටර් රථය ප්‍රදර්ශනය කරනු ලැබුවා. එමෙන්ම මෙම අවස්ථාවට දේශපාලන නියෝජිතයින් මෙන්ම නළු නිළියන් කිහිප දෙනෙක්ද සහභාගී වී  සිටියා.

views340 Views
comment
යොවුන් පරපුරේ ජනප්‍රිය නළුවෙක් මෙන්ම නිරූපණ ශිල්පියෙක් වන හේමාල් රණසිංහට පසුගිය දවසක හදිසි අනතුරක් සිද්ධවෙලා තියෙනවා කියලා අපිට ආරංචි වුණා. පොළොන්නරුවේ යාලුවෙකුගේ ගෙදර යනකොට තමයි මේ සිද්ධියට ඔහු මුහුණ දීලා තියෙන්නේ.

අනතුර ගැන විස්තර කරපු හේමාල් කියන විදියට ඔවුන් පොළොන්නරුවේ යාලුවාගේ ගෙදර යනකොට පාරේ එහා පැත්තේ ඉඳන් මෙහා පැත්තට පුංචි වහු පැටව් දෙන්නෙක් පැනලා තියෙනවා. උන් ටිකට පාර මාරුවෙන්න දෙන්න ඕනි නිසා වාහන ටික නතර කරන් ඉන්නකොට එහා පැත්තෙන් ආව ලොරියක් වහු පැටියෙක්වත් යටකරගෙන ඇවිත් හේමාල්ගේ වාහන හැප්පිලා තියෙනවා.

views1,247 Views
comment
views766 Views
comment
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ වෙනසක් කරමින් ඊයේ දිනයේදී ජාතික ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් 26ක් නව ඇමති ධූර හිමිකරගනු ලැබුවා. එමෙන්ම තවත් පිරිසක් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ ඉතිරි වූ අතර ඔවුන්ට ඒ අනුව විපක්ෂයේ අසුන්ගැනීමට සිදුවනවා.

පහතින් දැක්වෙන්නේ ඒ අනුව විපක්ෂයට එකතුවන මන්ත්‍රීවරුන්ගේ නම් වේ.

views437 Views
comment
ජාතික ආණ්ඩුවක සලකුණු පෙන්වමින් ඊයේ (22) දිනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් 26කට නව ඇමති ධූරයන් හිමිවුණා.

ඒ අතර පසුගිය මැතිවරණයේදී විරුද්ධ පිලේ පිරිස් දැඩි ලෙස විවේචනය කළ මන්ත්‍රීවරුන්ද සිටීම විශේෂත්වයක්. ඒ අතර සිටින එස්.බී. දිසානායක මහතාටද මෙහිදී ග්‍රාමීය හා ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් ඇමති ධූරයක් හිමිවුණා.

views363 Views
comment
ගිනිගත්හේන කොත්තැල්ලෙන සිට හැටන් දක්වා ධාවනයවූ ලංගම බස්රථයෙන් බැසීමට බස්රථයේ සීනුව නාදකළ එක්දරු මවක් බස්රථයේ ඉදිරිපස දොරටුවෙන් බීමටවැටී තුවාල ලබා වටවල රෝහලට ඇතුලත්කර තිබෙනවා.

ඊයේ (22) පස්වරු 3 ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල රොසැල්ල ප්‍රදේශයේදීය.

views346 Views
comment
‘‘ජාතික ආණ්ඩුව පිහිටෙව්වා නේද? හොඳයි හොඳයි‘‘ දුක හංගාගෙන මහින්ද කියයි

මාතර, තෙලිජ්ජවිල - සමරසිංහාරාමයේ දහම් පාසල් ශිෂ්‍ය නායකයින්ට නිල ලාංඡන පැළඳවීම සහ එහි ඉදිකළ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය ඊයේ (22) පස්වරුවේ පැවැත්වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, චන්ද්‍රසිරි ගජධීර ඇතුළු දකුණු පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියා.

views308 Views
comment
කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර, වාර්ෂික එක්දින තරගය අද පැවැත්වුණේ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගනයේදී.  පළමුවෙන් පන්දුවට පහර දුන් මහානාම ක්‍රීඩකයන් නියමිත පන්දුවාර 50 තුළ සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 175 ක් පමණයි.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඩී.එස්. ක්‍රීඩකයන් පන්දුවාර 41 යි එක් පන්දුවක් තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 175 ක් ලබා ගෙන සිටියදී ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගනය තුළට කඩා වැදීම හේතුවෙන් ගැටුම්කාරී තත්ත්වයක් මතු වුණා.

views688 Views
comment
කැබිනට් ඇමතිවරු 11ක්
රාජ්‍ය ඇමතිවරු 5ක්
නියෝජ්‍ය ඇමතිවරු 10ක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 26 දෙනෙකු මීට ටික වේලාවකට පෙර රජයේ අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේයි.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද එක්ව සිටියා. කැබිනට් අමාත්‍යවරුන් 11 දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙකු ඊට ඇතුළත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.  

views310 Views
comment
බොහෝ පිරිසක් දැඩි අවධානයෙන් බලා සිටි ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ තොරතුරු මේ වන විට කරළියට පැමිණ තිබෙනවා. ඇමති අකිල විරාජ් කාරියවසම් පවසා සිටියේ අද (22) සවස 2ට නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 10ක් කැබිනට් ඇමතිවරු ලෙස දිවුරුම් දෙන බවයි.

කෙසේ නමුත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම හෙට (23) සිදුවන අතර එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 15 කට වැඩි සංඛ්‍යාවකට ඇමති පදවි හිමිවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසා සිටියා.

කොළඹ අද පැවති  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පිරිසකට රාජ්‍ය අමාත්‍ය ධුර සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර හිමිවන බවයි.

views255 Views
comment
[1]      «      5268   |   5269   |   5270      »      [5656]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top