යොවුන් පරපුරේ ජනප්‍රිය නළුවෙක් මෙන්ම නිරූපණ ශිල්පියෙක් වන හේමාල් රණසිංහට පසුගිය දවසක හදිසි අනතුරක් සිද්ධවෙලා තියෙනවා කියලා අපිට ආරංචි වුණා. පොළොන්නරුවේ යාලුවෙකුගේ ගෙදර යනකොට තමයි මේ සිද්ධියට ඔහු මුහුණ දීලා තියෙන්නේ.
අනතුර ගැන විස්තර කරපු හේමාල් කියන විදියට ඔවුන් පොළොන්නරුවේ යාලුවාගේ ගෙදර යනකොට පාරේ එහා පැත්තේ ඉඳන් මෙහා පැත්තට පුංචි වහු පැටව් දෙන්නෙක් පැනලා තියෙනවා. උන් ටිකට පාර මාරුවෙන්න දෙන්න ඕනි නිසා වාහන ටික නතර කරන් ඉන්නකොට එහා පැත්තෙන් ආව ලොරියක් වහු පැටියෙක්වත් යටකරගෙන ඇවිත් හේමාල්ගේ වාහන හැප්පිලා තියෙනවා.
ඒ අත්දැකීම ගැන කියන හේමාල්ට හිතුනේ තමන්ගේ ඇඟේ ලොරිය ඇවිත් වැදුණා වගේලු. කොහොම වුනත් තමන් අලුතින්ම ගත්ත කාර් එක මේ විදියට අනතුරට ලක්වුණු එක ගැනනම් ඔහුට පොඩි දුකකුත් තියෙනවා වගේ.
කොහොම වුනත් අනතුරෙන් මොහොතකට පස්සේ හේමාල් විපරම් කරලා බැලුවේ එයා මැරිලද කියලාලු. කරදරයක් නෑ කියලා දැනගත්ත ගමන් වාහනේ හිටිය යාලුවාට හේමාල් කියලා තියෙන්නේ ‘‘මැරුන්නෑනේ බං‘‘ කියලා.
අනතුර ගැන හේමාල් අපිට කීව විස්තරයේ සම්පූර්ණ හඬපටය පහතින් අහන්න...