ගිනිගත්හේන කොත්තැල්ලෙන සිට හැටන් දක්වා ධාවනයවූ ලංගම බස්රථයෙන් බැසීමට බස්රථයේ සීනුව නාදකළ එක්දරු මවක් බස්රථයේ ඉදිරිපස දොරටුවෙන් බීමටවැටී තුවාල ලබා වටවල රෝහලට ඇතුලත්කර තිබෙනවා.
ඊයේ (22) පස්වරු 3 ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල රොසැල්ල ප්‍රදේශයේදීය.
දින දාසයක් (16) වයසැති තම සිඟිතිය අසනීප තත්වයෙන් සිටි නිසා දින තුනක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීමෙන් පසු සිය මව සමඟ රොසැල්ල ටෙම්පල්ස්ටෝ වත්තේ තම නිවසට යෑම සඳහා වටවල රෝහල අසලින් බස්රථයට ගොඩවී යමින් සිටියදීයි මෙම අනතුරට මුහුණපා ඇත්තේ.
සිඟිතිය තම මව අතට භාරදී දෙදෙනාම බස්රථයේ අසුන්ගෙන බස්රථයේ ගමන් කරන අවස්ථාවේදී රොසැල්ල ප්‍රදේශයේදී බස් රථයෙන් බැසීමට නැගිට සීනුව නාදකළ අවස්ථාවේ තමන් බස්රථයේ ඉදිරිපස දොරටුවෙන් බීට වැටුණු බවයි අනතුරින් තුවාල ලබා වටවල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිවාජී ගනේෂන් (අවු.22) පවසන්නේ.