Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
මංතීරුවලින් බැහැරව රථවාහන ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගන්නා, මංතීරු නීතිය අද (25) සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා.

ඒ අනුව අද පෙරවරු හයේ සිට ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ ජයන්තිපුර සිට කොළඹ දක්වා දිවෙන මංතීරුවල මෙය ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සඳහන් කළේ.

views325 Views
comment

අලුත් පරපුර සමඟින් පසුගිය මැතිවරණ කාලයේ කතාබහට ලක්වූ සමනලී ෆොන්සේකාගේ උපන්දිනය පසුගිය දිනෙක ඇයගේ මිතුර මිතුරියන්ද සමඟින් සමරා තිබුණා.

කළා ක්ෂේත්‍රයේ පිරිස් මෙයට සහභාගී වී සිටි බවක් පෙනෙන්නට නොතිබූ අතර එම අවස්ථාවේ ඡායාරූප එකතුවක් පහතින්...

views367 Views
comment

සංඝරත්නයට ආරාධනා කිරීම,
ස්තුති කතාව ජීවත්ව ඉද්දිම පටිගත කරලා

මරණය අපි කාටත් පොදු දෙයක්. ඒක කවදා කොතනදී වෙයිද කියලා කාටවත් තීරණය කරන්න බැහැ. ඒත් ඒ අවස්ථාවට මුහුණ දෙන්න අපි හැමෝටම සිද්ධවෙනවා.

මේ කියන්නට යන්නේ ඒ විදියට තමන්ගේ මරණයේ අවසන් කටයුතු සිද්ධවෙන්න ඕනි ආකාරය තමන්ගේම කටහඬින් පටිගත කරලා ලොවින් සමුගත්ත පුද්ගලයෙක් ගැන. ඔහු තමන්ගේ මරණයෙන් පස්සේ සිද්ධවෙන්න ඕනි කටයුතු සියල්ලම අන්තිම කැමති පත්‍රයක ලියලයි තියෙන්නේ.
views370 Views
comment
අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ පිල් මාරුවක් සම්බන්ධයෙනුයි.

මෙම පිල් මාරුව විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට සිදුවන බවට පැවසුනත් එලෙස පිල් මාරුකරන්නේ කුමන මන්ත්‍රීවරුන්ද යන වග තවමත් නිශ්චිතව හෙළිවී නැහැ. කෙසේ නමුත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ පවතින ආණ්ඩුව දැඩිලෙස දෝෂාරෝපණයට ලක්කළ මන්ත්‍රීවරුන්ද මෙම පිල්මාරු කරන පිරිස අතර සිටින බවයි.

views806 Views
comment
ආසියානු මාධ්‍යජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත ශ්‍රී ලාංකීය ඉතිහාසයේ වැඩිම මුදලක් වැය කරමින් යලිත් මල්ඵල ගැන්වෙන මංගලම් සිහිනයේ තෙවන උත්කර්ෂය මෙවරද ඉහලින්ම සමරන්නට කටයුතු සම්පාදනය වී තිබෙනවා. ඒ අනුව හිරු TV "මංගලම්" 150වැනි සැමරුම වෙනුවෙන්ද මංගලම් සිහිනයේ සොඳුරු යුවලගේ ජීවිතයේ සදාදරණිය මංගල දිනය වෙනුවෙන් සියලු කටයුතු සම්පාදන කරන්නේ හිරු ටීවී ආයතනයයි.

views897 Views
comment
අල්ලලා ගස් බැඳ පොලිසියට භාරදීලා
පොලිසිය අරන් යද්දි පිහියෙන් ඇන දුවලා
ගෙදරකට රිංගලා තවකෙකුටත් පිහියෙන් ඇනලා

පසුගිය දිනක තරුණියක් විසින් තමන්ගේ නිවසේ ඉදිකර තිබූ ජල ටැංකියෙන් දිය නාමින් සිටියදී ඇය ස්නානය කරන අවස්ථාවේ දර්ශන තමන්ගේ දුරකතනයෙන් හොර රහසේ රූගත කළ 25 හැවිරිදි තරුණයකු අල්ලා ගැනීමට තරුණියගේම නිවසේ පිරිස් සමත් වී ඇති පුවතක් සම්බන්ධයෙන් වාර්තා වෙනවා.

හිතවත්කමක් මත මෙම තරුණයා ප්‍රදේශයට පැමිණ ඇති අතර තරුණිය ස්නානය කරන අයුරු රූගත කරන හැටි දැකතිබූ නිවෙස් හිමියන් ඔහුව ගස් බැඳීමටද කටයුතු කර තිබෙනවා.

views496 Views
comment
englishtrans
වාහනය කුඩු පට්ටම්

රූගත කිරීමක් සඳහා වාහනයෙන් ගොස් නැවත එන අතරතුරදී ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක් වූ රිතූ ආකර්ෂා පදවාගෙන පැමිණි මෝටර් රථයක් වේගය පාලනය කරගත නොහැකිව පෙරේදා (22) රාත්‍රී පාර්ලිමේන්තු පාරේ ප්‍රධාන ‍දොරටුව අසල අනතුරට ලක්ව ඇත. ආ වේගය නිසාවෙන් එහි යොදා තිබූ ආරක්ෂක කෝන් කිහිපයකටද සිද්ධියයෙන් අලාභ හානි වී ඇති බවට වාර්තා වේ.

රිතූ පෙරේදා (22) රාත්‍රි ටෙලි නාට්‍යයක රූගත කිරීම් සඳහා ගොස් ආපසු එන ගමනේදී මෙම අනතුර සිදුව ඇති බවට වාර්තා වෙන අතර ඇයගේ යෙහෙළියක් ගෙදරට ඇරලවා ආපසු යමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ පා ඇති බවටද වාර්තා වේ.

views1,081 Views
comment
englishtrans
පැවරුණු අධිචෝදනා ලැයිස්තුව

සේයා සදෙව්මි ඝාතන සිද්ධියේ සැකකාර සමන් ජයලත්ට මීගමුව මහාධිකරණයේදී ඊයේ (23) අධිචෝදනා භාරදුන්නා.   මහාධිකරණ විනිසුරු එම්.වී. කරුණාතිලක හමුවේ සැකකරුට නීතිපතිවරයා විසින් චෝදනා හතරක් යටතේ ගොනු කරන ලද අධිචෝදනා පත්‍රය භාරදුන් බවයි වාර්තා වන්නේ.

මිනීමැරීම, පැහැරගෙනයෑම, ලිංගික අපයෝජනයක් සිදුකිරීම සහ දූෂණය කිරීම මොහුට විරුද්ධව ඇති චෝදනායි. මෙම නඩුව ජනවාරි 25 වනදා මීගමුව මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.

views971 Views
comment
englishtrans
සීනි වැඩිවෙලා මිසක් බීලා නෙවෙයිලු හිටියේ
-----------------------
කරන්න හිටිය වර්ජනය නැවැත්තුවාලු - Update 10.15 A.M

ඊයේ පස්වරු 6.35ට කොළඹ කොටුවේ සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රිය රාගම දුම්රිය ස්ථානයේදී හදිසියේ නතර කර තිබෙනවා. කෙසේ වෙතත්, දුම්රියෙහි ගමන් ගත් මගීන් කිහිප දෙනෙකු අදහස් දක්වමින් කියා සිටියේ දුම්රියේ රියදුරා බීමත්ව සිටීම නිසාවෙන් දුම්රිය නතර කර තිබූ බවයි.

අප මේ සම්බන්ධයෙන් දුම්රිය පාලක මැදිරියෙන් සිදුකළ විමසීමකදී දුම්රිය රියදුරාට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් දුම්රිය නතර කළ බව එහි ප්‍රකාශකයෙකු සදහන් කළා.

views227 Views
comment
ස්ටේෂන් 2ක නතර කර නෑලු
රාගමටත් ඇවිත් වැරදි තැනක නතර කරලා
බීමත් රියදුරු එන්ජින් එකේ ඇදවැටිලා

පස්වරු 6.35 ට කොළඹ  කොටුවෙන් පිටත්ව  ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ දුම්රියක රියදුරු ප්‍රකෘර්ති තත්වයෙන් නොසිටීම හේතුවෙන්  මහා විනාශයක් සිදුවන්නට ගොස් තිබෙනවා. බීමත් රියදුරු එන්ජිම තුළ  ඇදවැටී  සිටි බව මගීන් පවසනවා. මන්දගාමී දුම්රිය-  එඬේරමුල්ල සහ හොරපේ දුම්රිය ස්ථානවල නොනවත්වා ධාවනය කර ඇති අතර රාගම දුම්රිය ස්ථානයේ දී  දුම්රිය නවතාගෙන ඇත්තේ ගාඩ්වරුන් විසිනි.

දුම්රිය රාගම දී නැවතී ඇත්තේ ද සීමාවේ නොවේ. පසුව මගීන් කළ  සොයා බැලීමේ දී  දක්නට ලැබුණේ රියදුරුට නින්ද ගොස් ඇති බවකි.  ඔහු අධික ලෙස මත්පැන් පානය කර ඇති බවද අනාවරණ වී තිබෙනවා.

views744 Views
comment
ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පුෂ්පිකා ද සිල්වා විවාහ ගිවිසගෙන ඇති බවට හිරු ගොසිප් අපට දැනගන්නට ලැබුණා. ඇයගේ අතගත්තේ තිලංක. ඔහු ව්‍යාපාරියකයෙක් විදියට තමයි රැකියාව කරන්නේ. ඊට කලින් ගුවන් නියමුවෙක් විදියට තමයි තිලංක කටයුතු කරලා තියෙන්නේ.

මේ ගැන ඇයගේ රසික රසිකාවියන්ට ඉස්ඉස්සෙල්ලාම කියන්න පුෂ්පිකා හිරු ගොසිප් අපිත් එක්ක සම්බන්ධ වුණා. ඇය කියන විදියටනම් එයාට තිලංක හම්බවෙලා දැනට අවුරුද්දක් වගේ වෙනවලු.

views949 Views
comment
englishtrans
“බෑග් එකේ පටිය කරකවලා චතුරගේ බෙල්ල හිරකළා
කකුල් දෙකන් අල්ලා මම එයාව ළිඳට දැම්මා‘‘

පසුගියදා පාසැලේ විභාගය අවසන් වී නිවස වෙත පැමිණෙමින් සිටි 7වන වසරේ ඉගෙනුම ලැබූ චතුර මධුවන්ත නම් සිසුවාගේ මළසිරුර ළිඳක තිබී සොයාගත් අතර මේ වනවිට ඔහුව ඝාතනය කර ඇත්තේ කවුරුන්ද යනවග අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

ඒ අන් කිසිවෙකු නොව ඔහුගේම පන්තියේ ඉගෙනුම ලැබූ මිතුරෙකුයි. ඔහු මෙලෙස ඝාතනය සිදුකර ඇත්තේ අල්ලාගත් ගිරා පැටවුන් බෙදාගැනීමට නොහැකිවූ නිසාවෙන් බවයි පාපොච්චාරණය කර ඇත්තේ.
views386 Views
comment
englishtrans
වාහනයට යට වුණත් තියෙන්නේ සීරීම් තුවාල විතරලු

කුරුණෑගල - පුත්තලම මාර්ගයේ සාරගම ප්‍රදේශයේදී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ පොලිස් ජීප් රථයකට යටවීම නිසා කුරුණෑගල මලියදේව විද්‍යාලයීය රගර් කණ්ඩායමේ හිටපු නායකයෙකු වූ රුක්මාල් ඉන්දික දලුවත්ත නම් අයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

සාරගම වැව අයිනේ නවතා තිබූ ‍වෑන් රථයක දොරක් එහි රියදුරා විසින් එක්වරම විවෘත කිරීම නිසා දලුවත්ත විසින් පදවමින් සිටි යතුරු පැදිය එම දොරේ වැදී බවත්, එහිදී යතුරුපැදියේ පාලනය ගිලිහීම නිසා මාර්ගය මැද ඇද වැටුණු දලුවත්තගේ සිරුර මතින් ඊට පසුපසින් පැමිණි පොලිස් ජීප් රථය ධාවනය වී ඇති බවත් දැනට සිදු කර ඇති පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

views356 Views
comment
englishtrans
‘‘මගේ ආමාත්‍යංශයට පනින්න හැදුවේ රාජිතගේ පුතා චතුර,
මාසෙට ආදායම ලක්ෂ 3ක් වගේ එනවා
ක්ලබ් වලටත් යනවා,
රංජන් මූණට හම්බවුණු වෙලාවක සුද්ද සිංහලෙන් දෙකක් කියනවා,
ටෙලිකොම් සහෝදරයා මගේ නෙවෙයි‘‘

පසුගිය දිනයක ප්‍රබල ඇමති පුතෙකු විසින් හරීන් ප්‍රනාන්දු මහතාගේ අමාත්‍යංශයට රිංගන්නට උත්සාහ කර  ඔහුගේ දූෂණ වංචා සොයන බවට පුවතක් වාර්තා වුණා. මේ සම්බන්ධයෙන් හිරු Hard Talk තුළින් හරීන් ප්‍රනාන්දු මහතාගෙන් සෘජුවම ප්‍රශ්න කළ අතර නම්ගම්ද සහිතව ඇමති පුතා ගැන හෙළිකරන්නට ඔහු එහිදී කටයුතු කරනු ලැබුවා.

ඒ රාජිත ඇමතිතුමාගේ පුත් චතුර සේනාරත්න බවට ඔහු පැවසූ අතර එලෙස රිංගුවේනම් දෙන වැඩේ මම දන්නා බවත් හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටියා. එමෙන්ම තමන්ගේ ආදායම ගැනද ඔහු එහිදී ප්‍රකාශ කලේ පසුගිය දිනෙක අන්තර්ජාලයේ පළවුණු හරීන් ප්‍රනාන්දු කාන්තාවන් සමඟ සිටින ඡායාරූපවලට පිළිතුරු දෙමිනුයි.
views799 Views
comment
englishtrans
මාසෙට වාහන 60,000ක් අලුතින් පාරට එනවා,
ඒවා යන්නේ අහසෙද ?
ඉලෙක්ට්‍රික් කාර් විතරක් නෙවෙයි අයවැය දුවන්න ඕනි

පසුගියදා ඉදිරිපත් කෙරුණු අයවැයෙන් වාහන මිල නොසිතූ ලෙස ඉහළයාම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ කතාබහක් ඇතිව තිබෙනවා. නමුත් රටේ මාර්ගවලට දරාගත නොහැකි මට්ටමට රථවාහන පැමිණීම, රථ වාහන සඳහා වන බදු ඉහළ දැමීමට හේතුව බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ අදහස් පලකළේ මට්ටක්කුලිය - ලංගම ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින්. ඔහු එහිදී වැඩිදුරටත් පවසා සිටියේ ලංකාව තුල ඇති පාරවල් වල තත්වය අනුව මේ වන විට වාහන ප්‍රමාණය ඉහළගොස් ඇති බවයි.

views410 Views
comment
[1]      «      5181   |   5182   |   5183      »      [5655]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top