ගෑස්, පරිප්පු, අර්තාපල්, ළදරු කිරිපිටි ඇතුළු
අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහතට,
පෞද්ගලික අංශයට සතියට දින 5යි වැඩ,
දිගන, බදුල්ල සහ පුත්තලම ගුවන් තොටුපළවල්
ලබන වසර සඳහා වූ අයවැය මුදල් අමාත්‍ය රවී කරුණානායක අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. නව රැකියා දස ලක්ෂයක් බිහිකර, රටේ යටිතල පහසුකම් දියුණු කර, ග්‍රාමීය ආර්ථීකය ගොඩනංවා ශක්තිමත් මධ්‍යම පන්තියක් බිහිකිරීම අරමුණු කර ගනිමින් නව අයවැය සකස් කර ඇති බවයි මුදල් අමාත්‍ය රවී කරුණානායක සිය අයවැය කතාව ආරම්භ කරමින් කියා සිටියේ.
ශුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීම සඳහා අධිකාරියක් පිහිටුවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළා. ඒ, 2016 අයවැය කතාවේ අයවැය යෝජනා ඉදිරිපත් කිරීම ආරම්භ කරමින්.