ආසියානු මාධ්‍යජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත ශ්‍රී ලාංකීය ඉතිහාසයේ වැඩිම මුදලක් වැය කරමින් යලිත් මල්ඵල ගැන්වෙන මංගලම් සිහිනයේ තෙවන උත්කර්ෂය මෙවරද ඉහලින්ම සමරන්නට කටයුතු සම්පාදනය වී තිබෙනවා. ඒ අනුව හිරු TV "මංගලම්" 150වැනි සැමරුම වෙනුවෙන්ද මංගලම් සිහිනයේ සොඳුරු යුවලගේ ජීවිතයේ සදාදරණිය මංගල දිනය වෙනුවෙන් සියලු කටයුතු සම්පාදන කරන්නේ හිරු ටීවී ආයතනයයි.
ටෙලිවිෂන් සංස්කෘතිය නැවත ලියු පෙරළිකාර හිරු ටීවී මංගල ක්ෂේත්‍රයේ උත්සවශ්‍රියටද නැවුම් මානයක් එකතු කරන්නට සමත් වුණා. වසන්තයේ රන්හුයෙන් බැඳෙන වාසනාවන්ත පතිකුලයට යන යුවතිපතින්ට ආශීර්වාද තිලිණ කරන්නටත්, පෙරගමන් යන්නටත් හිරු ටීවී මංගලම් ටෙලිවිෂන් වැඩසටහනට පසුගිය වසර තුනක කාලය තුල නොමද හැකියාව ලැබුණා.
ඉතා කෙටි කලකින් ජනහද වැලදගත් හිරු ටීවී ‘‘මංගලම්‘‘ ජනප්‍රියත්වයේ කිරුල දරමින් සිය 50වෙනි ‘‘මංගලම්‘‘ සැමරුම සමරමින් ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ ප්‍රථම වතාවට මංගල කේෂේත්‍රයේ ප්‍රවීනයින් සහ නවීනයින්ගේ සහභාගීත්වයෙන් ආදරවන්තයින් දස දහස් ගණනකගේ එකතුවෙන් ඉතිහාසගත‘‘මංගලම්‘‘ ප්‍රදර්ශණය අතිසාර්ථකව කොළඹ ජයික් හිල්ටන් හෝටල් පරිශ්‍රයේ පැවැත්වුවා.
50වන ‘‘මංගලම්‘‘ ප්‍රදර්ශනයට සහභාගී වූ වාසනාවන්ත ආදරවන්ත යුවළ ලෙස
‘‘රුවන්ගි සහ චමත්‘‘ තෝරා ගැනෙද්දී ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ ප්‍රථම වරට මාධ්‍ය ජාලයක් මුල් වෙමින් හිරු ටීවී අප සියළු පිරිවැය දරමින් ඔවුන්ගේ මංගල්‍ය අතිශය උත්කර්ෂවත් ලෙසින් පවත්වන්නට හැකියාව ලැබුණා .
එමෙන්ම සියවෙනි මංගල වැඩසටහන සමරමින් 2014 වසරේදී පැවති මංගල ප්‍රදර්ශනයේදී දෙවන පරිච්ඡේදයට පැමිණි‚ ආදරවන්තයින් අතරින් වාසනාවන්ත යුවල වුයේ
තිළිණ සහ වින්ද්‍යා දෙපලයි සියලූ පිරිවැය දරමින් ඔවුන්ගේ මංගල්‍යයද අතිශය උත්කර්ෂවත්ව පැවැත්වීමට හිරු ටීවී අපට හැකිවුණා.
පතිකුලට යන මනාල මනාලියන්ට හෙළ කුල සිරිතට විරිතට සුබ නැකතට මංගල මුදුවේ සිට මධුසමය දක්වා ඇවැසි සියලූ දේ සපයමින් මංගල මධු සිහිනය යථාර්තයක් බවට පත් කරන්නට ලාංකේය ටෙලිවිෂන් නව්‍යකරණයේ මුද්‍රාව වූ හිරු අපට හැකියාව ලැබුනා. කාලයෙන් සහ නව්‍යකරණයේ අනුහසින් නෙලාගත් ප්‍රිය සංස්කෘතියේ ප්‍රේක්ෂක අස්වැන්න සමග ‘‘මංගලම්‘‘˜ ටෙලිවිෂන් වැඩසටහනේ ශතක පූර්ණය සමරන්නටද එලෙස හිරුට හැකියාව ලැබුනා.
එකසිය පනස් වැනි වැඩසටහන සමරමින් 2015 වසරේදී ‘‘මංගලම්‘‘ ප්‍රදර්ශනය තෙවන වරටත් ජයික් හිල්ටන් හෝටල් පරිශ්‍රයේ සමරද්දී මංගල ක්ෂේත්‍රයේ හා රූපලාවන්‍ය කේෂ්ත්‍රයේ ප්‍රවීනයන්ගේ මෙන්ම නවීනයන්ගේ සම්පත් දායකත්වය හිරුට නොඅඩුව ලැබෙද්දී ඉතිහාසගත වාර්තා අලූත් කරමින් විවාහ වීමට නියමිත ආදරවන්තයින් දහස් ගණනක් මංගලම් එකසිය පනස් වැනී සැමරුම් වැඩසටහන මගින් පැවැත්වූ ප්‍රදර්ශනය වෙත ඇදී ආවා. ටෙලිවිෂන් ඉතිහාසය අලූත් කරමින් ලියන තෙවන පරිච්ඡේදයට සපැමිණි ආදරවන්තයින් අතරින් ‘‘සනිර සහ විරංගා‘‘ වාසනාවන්තම ආදරවන්ත යුවල ලෙස තෝරා පත් වෙද්දී ඔවුන්ගේ මංගල මුදුවේ සිට මල් මංගල්‍යට අවැසි සියලූ දේ සඳහා අවශ්‍ය සමස්ථ මුල්‍ය පිරිවැය හා සියලූ පහසුකම් සලසන්නට හිරු ටීවී මංගලම් වැඩසටහන සිය ආශීර්වාදය පෙර දැරිව ඉදිරිපත් වුණා.