Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මේ නඩුව ඉහළට අරන් යන්න එපා කියලා කිව්වා...
 
ෆේස්බුක් එකෙන් තමා හඳුනගෙන තියෙන්නේ... 
 
පොලිස් නිලධාරියෙකු සමඟ ෆේස් බුක් ඔස්සේ ඇති කර ගත් ප්‍රේම සබඳතාවකින් විවාහ වූ තරුණියක් පසු කාලීනව එල්ලවූ වදහිංසා හේතුවෙන් සිය දිවි නසා ගෙන ඇති පුවතක් සීදුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
 
ආර්. එල් චන්ද්‍ර ප්‍රභා ජනාදරී නම් 26 හැවිරිදි මෙම තරුණිය පසුගිය වසරේ මාර්තු මාසයේදී ග්‍රෑන්ඩ්පාස් පොලීසියට අනුයුක්තව සේවය කල පොලිස් නිලධාරියෙකු හා විවාහ වී ඇත්තේ ෆේස් බුක් ඔස්සේ ඇති කර ගත් ප්‍රේම සබඳතාවකට අනුවයි.
views402 Views
comment

views398 Views
comment

කාන්තා ඇඳුම් සහිත බෑගය ඝාතනයට ලක්වූ තරුණියගේ
කාන්තාවගේ හිස අතුරුදන් වීම තවමත් අභිරහසක්
 
කොළඹ - වේල්ලවීදිය ප්‍රදේශයෙන් හිස නැති කාන්තා මළ සිරුරක් හමුවීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන නව මානයකට යොමු කරමින් සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවසට යාබද නිවසේ ගෙවත්තේ තිබී ලේ පැල්ලම්වලට සමාන පැල්ලම් කිහිපයක් සොයා ගැනීමට පොලිසිය අද සමත්වුණා.
 
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් නිල සුනඛයින්ද යොදා ගැනීමටයි පොලිසිය කටයුතු කළේ.
 
වේල්ල වීදිය ප්‍රදේශයෙන් හිස නැති කාන්තා මළ සුරුරක් හමුවී අදට දින 6ක් ගතවී ඇතත්  අදාළ හිස තවමත් සොයාගන්නට හැකිවී නැහැ.
 
කොළඹ - වේල්ල වීදිය ප්‍රදේශයේදී ගමන් මල්ලක බහා තිබූ කාන්තා මළ සිරුරක් හමුවුණේ පසුගිය පළමු වැනිදායි.
 
අදාළ මළ සිරුරේ හිස අතුරුදන්ව තිබූ අතර මෙම ඝාතනය සිදු කර ඇත්තේ බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි උප පොලිස් පරීක්ෂකවරයෙකු බවට පසුව අනාවරණ වුණා.
views777 Views
comment
ප්‍රසිද්ධ සමාගම්වල නම් භාවිතා කරමින් විවිධ වෙබ් ලිපින යොදාගනිමින් සමාජ මාධ්‍ය යෙදුම් හරහා "නොමිලේ ත්‍යාග ලබාදීමක්" සිදුකරනවා යනුවෙන් දැක්වෙන පණිවුඩ හුවමාරු වීමේ ඉහළ යෑමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පැමිණිලි ලැබී තිබෙනවා.
 
මෙම ව්‍යාජ පණිවුඩ හරහා ඔබගේ පෞද්ගලික දත්ත සයිබර් ප්‍රහාරකයන් හට ලබාගත හැකි බවත් ඔබේ සමාජ මාධ්‍ය ගිණුම් පැහැර ගැනීමක්ද සිදුකල හැකි බවයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.
views576 Views
comment
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.
 
ඊට ක්‍රීඩා අමාත්‍යවරයාගේ ද අනුමැතිය ලැබී ඇති බවයි  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
 
මෙම ටෙස්ට් සංචිතයේ නායකයා දිමුත් කරුණාරත්නයි.
 
දසුන් ශානක, පැතුම් නිස්සංක, ඕෂධ ප්‍රනාන්දු, ලහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, ඇන්ජෙලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල සහ රොෂේන් සිල්වා සංචිතයට ඇතුලත්.
 
ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, විශ්ව ප්‍රනාන්දු, සුරංග ලක්මාල්, අසිත ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර සහ ලසිත් ඇඹුල්දෙණිය 17 දෙනෙකුගෙන් යුත් සංචිතයේ සෙසු ක්‍රීඩකයන් වනවා.
 
views215 Views
comment
මෙවර පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා වෙනත් අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටි උසස් පෙළ සිසුවෙකු ඊයේ (05) අත්අඩංගුවට ගත් බව වලස්මුල්ල පොලිසිය පවසනවා.
 
වලස්මුල්ල ජාතික පාසලේදී මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සදහා පුද්ගලික අයදුම්කරුවෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ලෙස විභාගය ලියන බව අනාවරණය විමත් සමග විභාග ශාලාධිපති විසින් වලස්මුල්ල පොලිස් ස්ථානයට සිදුකරන ලද දැනුවත්කිරීමක් අනුව මෙම සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
 
අත්අඩංගුවට ගත් සැකකාර සිසුවා 2020 අ.පො.ස උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සිසුවකු බවටයි විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත්තේ.
 
සැකකාර සිසුවා අද (06) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණා.
views321 Views
comment
මුහුදේ යාත්‍රා කරන නැව් විනා මුහුදු ජලයට ඉහළින් පාවෙන නැවක් දකින්නට ලැබීම සැබවින් ම අමුත්තක්.
 
නමුත් දුර්ලභ දෘශ්‍ය මායාවක ප්‍රතිඵලයක් හැටියට එවැන්නක් දකින්නට ලැබුණේ එංගලන්තයේ වෙරළාසන්න ප්‍රදේශයක දී ගන්නා ලද ඡායාරූපයකයි.
 
කෝර්න්වෝල් හි ෆැල්මත් ප්‍රදේශයට ආසන්නයේදී ඩේවිඩ් මොරිස් නම් තැනැත්තා ගත් එම ඡායාරූපයේ පෙනුනේ මුහුදේ ඇති නැවක් ජලයට ඉහළින් පාවෙමින් තිබෙන ආකාරයක්.
views484 Views
comment
ඊයේ දිනයේදීත් මෙරට වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
 
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ එම සංඛ්‍යාව 94 ක් බවයි.
 
ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 82 කු සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 31 දෙනෙකුද  ඊයේ හඳුනාගැනුනා.
views189 Views
comment
රිය පැදවූ පුද්ගලයා ප්‍රසිද්ධ හෝටලයක කළමණාකරුවෙක්.....!

වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී පුද්ගලයෙකුට මරු කැඳවමින් තවත් තුන්දෙනෙකුට බරපතල තුවාල සිදුකළ බීමත් රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ ඔහු සමඟ මෝටර් රථයේ ගමන් ගත් බීමතින් සිටි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි.
views576 Views
comment
මිනියට නිල ඇදුම් අන්දවන්නෙත් නෑ..
 
බුත්තල SI ට පොලිස් ගෞරව නෑ..
 
තරුණියකගේ ගෙල කපා බෑගයක අසුරා කොළඹ වැල්ලවීදියේ දමා යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී සිය දිවි නසාගත් උප පොලිස් පරික්ෂකවරයාගේ අවමගුලේදී පොලිසිය කිසිදු ගෞරවයක් නොලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
 
මෙම උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහයට ඔහුගේ නිල ඇඳුම ඇන්දවීම ද සිදු නොකරන බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය.
views330 Views
comment
බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවෙල, හල්පේ ප්‍රදේශයේදී බස් රථයක් වෙලකට පෙරලී ගොස් අද (06) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.
views663 Views
comment
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත් ඇන්තනී, කොවිඩ් සුව වුනු බව කියමින්, සමාජ මාධ්‍යයට සටහනක් එක් කර තිබෙනවා.

පසුගිය මස 21 වැනිදා, මුල්වරට තමන්ට කොවිඩ් වැළඳුණු බවත්, නිරෝධායනයට යොමු වන බවත් ඔහු ප්‍රකාශ කළා. කෙසේ වෙතත් මේ වන විට ඔහු නිරෝධායනය අවසන් කර ඇති බවයි වාර්තා වන්නේ.
views420 Views
comment
යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, කොරෝනා මර්දන එන්නත ලබාගෙන ඇති බව යුදහමුදා ආරංචි මාර්ග පවසනවා.
views259 Views
comment
“මාව විවාහ කරගන්න කැමති වුණු දෙතුන් දෙනෙක් හිටියා.
ගින්දරක් දැක්ක පළියට මට බැහැනෙ ගින්දරට පනින්න...”

වසර 20කට අධික කාලයක් පුරා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට සුවිශේෂී දායකත්වයක් ලබාදී තිබෙන පුෂ්පා රම්‍යාණි සොයිසා අද ජාතික පුහුණුකිරීමේ නිලධාරිනියක ලෙස කටයුතු කරනවා.

ඇය සතිඅන්ත පුවත්පතක තනිකඩයා විශේෂාංගය තුළින් මෙසේ අදහස් දක්වා තිබුණා.
views313 Views
comment
ඉස්පිරිතාලෙ යන උන් ඔතන හිටපල්ලා කොල්ලනේ...
 
නංගි සල්ලි තියෙනවද දෙන්න...
 
බස් රියදුරුන් සහ කොන්දොස්තර මහත්වරුන් ගැන අපට හොඳක් ඇසෙන්නේ කලාතුරකින්ය. ඔවුන්ගේ විවිධ ක්‍රියාකලාප නිසා බස් මගීන්ගෙන්  ඔවුන්ට නිතරම බැනුම් අසන ආකාරය ද දැක ඇත්තෙමු. එහෙත් මේ දිනවල කොන්දොස්තර මහතෙකුගේ හැසිරීම් රටවා ගැන කියමින් අපූරු සටහන සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් තිබෙනවා.
 
එම සටහන පහතින්....
views429 Views
comment
[1]      «      3411   |   3412   |   3413      »      [5524]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top