"මට මේක කියලා හිරේ ගියත් කමක් නෑ..."
"ඒකාට ඔහොම වෙලා මදි.. ඔයිට වඩා දෙයක් වුණත් මට දුකක් නෑ.."
"ජරා සතා... කාලකණ්ණියා.. ගෑනු සෙල්ලම් බඩු කියලා හිතන් ඉන්නෙ..."
"මාව හිරේ දාපුදෙන් ඉතින්.. දැම්මා කියලා මොකක් කරන්නද ?"
"ඌට නම් හොඳක් වෙන්න එපා.."
මිනිහෙක් තමන්ගේ ලිංගිකත්වය ගැන උදම් අනන එක සාමාන්‍ය දෙයක්. ගැහැනියක් ඒ ලිංගිකත්වයෙන් උදම් අනන මිනිහාගේ රෙදිපිලි ගළවා හරින එක වෙනම කතාවක්.
මේ සුරූපී තරුණිය මේ කියන්නෙ මීට වසර ගණනකට පෙර සිදුවුණු, පත්තර පිටුවලත් ඇළවුණු, අපේ මිනිස්සු බය බිරාන්ත වෙලා කියවපු පුවතක සැඟවුණු කතාව.